ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ අනූව ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා ලබාදුන් සහයෝගයට ස්තූතිය පළ කරන බවද අමාත්‍යවරයා කියයි. කොළඹ නව නගර ශාලාවේදී දැන් පැවැත්වෙන “…
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි කටකතා පැතිරෙද්දී තමන් ඉදිරියේදී රටට වැඩි සේවයක් කිරීමට බලාපොරොත්තු වනබව ඔහු පවසයි. සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අදහසක් පළකළේ අද පෙරවරුවේ බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී, ඔහු පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සේවය කළ වසර…
ලොව සුන්දරතම ගමනාන්තයක් වන චීනයේ කුන්මිං වෙත මෙම දෙසැම්බර් මස 01 වෙනි දින සිට මෙහෙයුම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කටයුතු කර තිබේ. ශ්‍රී ලංකන් මේ වනවිට චීනයේ බීජිං, ෂැන්ග්හයි, කැන්ටන් සහ හොංකොං වෙත සතියකට ගුවන් ගමන් වාර 15 සිදුකරනු ලබන අතර “සදාතනික වසන්තය “ යන නමින් ප්‍රචලිත කුන්මිං නගරය නිරිත දිග චීනයේ යුනාන්…
කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 30 ක් වන කොටස ඉදිකිරීම සඳහා ණය මුදල් සම්පාදනය කර ගැනීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී ඇත. මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවකට අනුව මෙම අවසරය ලබාදුන් බව රජය සඳහන් කරයි….
එළඹෙන ජනාධිපතිවරණය ලබන ජනවාරි 03 වනදා හෝ 07 වනදා යන දින දෙකෙන් එකකදී පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත අනාවරණය වේ. මෙහිදී, රජය විසින් ජනවාරි 03 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි කැමැත්තක් දැක්වුවත් මැතිවරණ ලේකම් කාර්යාලය කැමැත්තක් දක්වා තිබෙන්නේ ජනවාරි 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමටයි. කෙසේවෙතත්, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ජනවාරි…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන පිළිබඳව මූල්‍යායතන දරන්නේ කිනම් අදහසක්දැයි යන මැයෙන් අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන ටී.කේ.එස්. ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රසික කළුආරච්චි මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මේ එම සාකච්ඡාවයි
සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා තිබෙන බව 2012 වෙනුවෙන් අරමුදල විසින් නිකුත් කළ වාර්තාවට විගණකාධිපතිවරයා එකතු කර තිබෙන ඇමුණුමෙන් හෙළිවේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මේ…
පවතින යහපත් ආයෝජන වාතාවරණය හමුවේ සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජනවල තවමත් විකුණා නොමැති කොටස් වලින් 2014 නොවැම්බර් 14 වනදා වනවිට රුපියල් බිලියන 14 ඉක්මවන ලාභයක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ 2014 වසරේ මේ දක්වා සේවක අර්ථ සාධක අරමුදල විසින්…
රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් සිදුකිරීමට නියමිත ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදෙයි. මෙම නිකුතුව විවෘත වන්නේ 2014 නොවැම්බර් 28 වනදායි. මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර…
මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට අනුබද්ධ සමාගම් 08 ක් රුපියල් මිලියන 740 කට අබේර්ඩීන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Aberdeen Holdings) සමාගමට විකුණා තිබේ. එක්පෝලංකා හෝල්ඩින්ග්ස් පවසන්නේ සමාගමේ සිදුකරමින් සිටින ව්‍යුහාත්මක වෙනස්කම්වල කොටසක් ලෙස මෙම විකුණා දැමීම කළ බවයි. මීට අමතරව, එක්පෝලංකා වෙත අයත්ව තිබූ අවිස්සාවේල්ලේ අංක 245/49 සහ අංක 245/50 යන ස්ථානවල…
Video Story