ව්‍යාපාර ඇරඹීම සඳහා ඇප වශයෙන් තැබීමට වත්කම් නොමැති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ස්කන්ධ ප්‍රාග්ධන පහසුකම් (equity financing facility) සැපයීමට අරමුදලක් පිහිටුවනු ලබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා 2016 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “යම් දීප්තිමත් අදහසක් ඇති ව්‍යාපාරිකයෙකුට සිය…
රටක සංවර්ධනයට මූලික වශයෙන් පුද්ගලික ආයෝජන දිරිගැන්විය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාව කරමින් මීට සුළු මොහොතකට පෙර අවධාරණය කර සිටියේය. 2001 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 24% ක්ව පැවති පුද්ගලික ආයෝජන මෑතකාලය වන විට 22 % මට්ටමට පහළ බැස ඇති බව පැවසූ අමාත්‍යවරයා, 2005 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන්…
පසුගිය කාලය පුරාවට රටේ ජාතික ආදායම ඉහළ ගිය ද ඊට සමගාමීව ප්‍රමාණවත් පරිදි බදු ආදායම ඉහළ ගොස් නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ නව රජයේ මංගල අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි. මෙහිදී බදුගෙවිය යුතු හා බදු ගෙවිය හැකි බොහෝ පිරිසක් එය මග හරිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, මේ තත්ත්වය…
ශ්‍රී ලංකාව හා බල්ගේරියාව අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තබා තිබේ. නිලධාරී මට්ටමින් අත්සන් තබා ඇති මෙම ගුවන් සේවා ගිවිසුම ඉදිරියේ දී බලයලත් නියෝජිතයකු විසින් අත්සන් තැබීමෙන් පසුව බලාත්මක කිරීමට නියමිතය. මෙරට සංචාරක කර්මාන්තයේ ඇතිවන වර්ධනය හේතු කොට ගෙන වැඩිවන ඉල්ලුම සපුරාලනු වස් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීම පිණිස අනෙකුත් රටවල් සමඟ ගුවන්…
2016 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය. මේ අනුව අද පස්වරු 2.00 ට 2016 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. අයවැය දෙවන වර කියවීමෙන් පසු, විවාදය නොවැම්බර් 21 දින සිට පුරා දින 9 ක් පැවැත්වේ. 2016 අයවැය දෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීම දෙසැම්බර් 02 වන දින පැවැත්වීමට…
ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට තිබෙන්නේ ඉතා අභියෝගාත්මක පසුබිමක බවත්, මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව හා චීනය වැනි දැවැන්ත ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් සමඟින් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම කෙරෙහි යොමු විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා පැවති බිස්නස් ටුඩේ ටොප්…
දකුණු ආසියාතික රටවල් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ප්‍රතිපත්ති විශ්ලේෂකයින් සිය ගණනකගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ ගර්ගන්හිදී ඊයේ (18) පැවැත්වුණු 05 වන දකුණු ආසියාතික කළාපීය බුද්ධි මණ්ඩල සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළේ බුද්ධි මණ්ඩල (Think Tank) සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සිය සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරගත යුතුව තිබෙන බවයි. මෙම…
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 6 ක අලෙවිය සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කොට තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා කියා සිටියේ, උත්සව සමය ඉලක්ක කරගනිමින් වෙළෙඳුන් විසින් සිදුකරන හදිසි මිල ඉහළ දැමීම් වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි. මේ අනුව මයිසූර් පරිප්පු…
මේ දින කිහිපයෙහි රටපුරා සුරාසැල්වල මත්පැන් හිඟයක් පවතින බව වාර්තා වේ. හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව රජයේ පළමු අයවැය මීට හේතු වී ඇතැයි පැවසේ. අයවැයෙන් මත්පැන් මිල ඉහළ දමනු ඇතැයි යන අපේක්ෂාව හමුවේ මත්පැන් නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් බෙදාහැරීම පමා කිරීමත්, ඇතැම් සුරාසැල් හිමියන් සිය තොග සඟවා තබා ගැනීමත් මීට හේතු වී…
බිස්නස් ටුඩේ සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 25 තේරීමේ සම්මාන රාත්‍රිය ඊයේ පැවැත්විණි. එහිදී පළමු තැන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් හිමිකර ගත් අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව වෙත හිමිවිය. මෙම සම්මාන ප්‍රදානයේ සිව්වන ස්ථානය ලංකා දුම්කොළ සමාගමට හිමි වූ අතර ඩිස්ටිලරීස්, ඩයලොග්, ලංකා…
Video Story