බලශක්ති, සංචාරක, ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍ර ප්‍රවර්ධනයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන සබඳතා ඉහළම තලයකට ඔසවා තැබීමේදී බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති, විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සයිඩ් අල් නහියාන් මහතා පැවසීය….
මධ්‍යකාලීන රාමුවක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් 5%කට වැඩි ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට රජය අපේක්ෂා කරනු ලබයි. තිරසර ආර්ථික සංවර්ධනයක් සහ ආර්ථික ස්ථායීතාවක් ළඟා කර ගැනීම සඳහා ආයෝජන හිතකර ප්‍රතිපත්ති සම්පාදනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ අපනයන විවිධාංගීකරණය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. කෙසේ වුවද, පසුගිය දශක කිහිපය තුළ පෞද්ගලික ආයෝජන පහළ මට්ටමක පැවතී…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ. 2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි. එනම් පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල…
ගෝලීය රන් මිල ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. BBC පුවත් සේවය ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) මධ්‍යහ්නයේ දී කියා සිටියේ රන් අවුන්සයක මිල ඩොලර් 3,500 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ,…
විද්‍යුත් මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වන අයුරින් පරිවර්තනය කිරීමේදී විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කිරීම හේතුවෙන් එවැනි මෝටර් ට්‍රයිසිකල්වල (ත්‍රිරෝද රථවල) තාර බර ඉහළ යාම සිදු වේ. එම හේතුව මත එකී මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචියේදී මතු වන…
නෞකාවන්හි හා කොළඹ වරාය නගරයේ අක්වෙරළ සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් සහ මාර්ගගත සූදු ක්‍රීඩා ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා කර්මාන්ත මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන තනි නියාමකවරයෙකු වශයෙන් ක්‍රියා කිරීම සඳහා සුදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2025-02-24 දින අමාත්‍ය…
මෙම වසරේ අප්‍රේල් 20 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ 846,221 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 20 තුළ දී 123,945ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි. මෙම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක්…
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ. 2025 පෙබරවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -3.9% ක් ලෙසිනි. මාර්තු මාසයේ දී ආහාර උද්ධමනය -1.1% සිට 0.8% දක්වා ඉහළ ගොස්…
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය 2024 වසර තුළ දී සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කර ඇති 2024 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව පෙන්වා දේ. අදාළ වාර්තාවේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. වෙනස් වෙමින් පවතින ආර්ථික තත්ත්ව මධ්‍යයේ ණය ලබා දීම වඩාත් සුපරික්ෂාකාර්ව සිදු කිරීම…
මෑත වසරවල දී විදේශ අධ්‍යාපනයට අදාළව දේශසීමා හරහා සිදුවන ගෙවීම්, ප්‍රතිපත්ති සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී ඇති නමුත්, එවැනි ගෙවීම් පිළිබඳව වන විශ්වසනීය දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා බාධා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකුව සඳහන් කරන්නේ ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය හඳුන්වාදීමෙන් පසු, අධ්‍යාපන සේවා සඳහා දේශසීමා හරහා…
Video Story