දේශීය විදේශ විනිමය වෙළඳපොළ සම්බන්ධයෙන් සැලකූ විට පසුගිය වසරේ දී නිවේදනය කළ පරිදි, පදනම් එතැන් විනිමය අනුපාතිකය හඳුන්වා දීම සඳහා අවශ්‍ය මූලික කටයුතු 2025 වසර පුරා ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව, 2026 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මනා විනිවිද භාවයකින්…
2025 වසර අවසන්වි වන විට විදේශ ජංගම ගිණුම අඛණ්ඩව තෙවන වසරටත් අතිරික්තයක් වාර්තා කර ඇති බව, 2026 වසර සහ ඉදිරිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරමින් මහ බැංකුව පවසයි. 2025 වසරේ දී, ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති වෙනස්වීම සහ ඉහළ ගිය භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් උත්සන්න වූ ගෝලීය අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය…
ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “Sri Lanka Expo 2026” නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද (9) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචිවීමට පහසුකම් සලසා…
John Keells PLC හි අනුබද්ධිත ආයතනයක් වන Ceylon Cold Stores PLC (CCS), තම සුප්‍රසිද්ධ සන්නාමයක් වන ‘එලිෆන්ට් හවුස්’ අයිස්ක්‍රීම් නිල වශයෙන් ඕස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වා දෙමින් තම ගෝලීය ව්‍යාප්තියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම නිල සමාරම්භක උත්සවය 2025 දෙසැම්බර් 4 වන දින මෙල්බර්න්හි Novotel Melbourne Glen Waverley හිදී පැවැත්වුණු අතර, ඒ සඳහා ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්,…
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රය නවීකරණය කරමින්, භෞතික රක්ෂණ කාඩ්පත් වෙනුවට හඳුන්වා දුන් ‘ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත’ නිල වශයෙන් දියත් කිරීම පසුගිය දා (07), මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, රක්ෂණ සමාගම් සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාවට නංවන…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශණ සභාවේ නව සභාපතිවරයා ලෙස තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන හුසේෆා අක්බරලි මහතා (Huzefa Akbarally) පත්කර ඇත. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (07 දා) පැවති අගය එකතුකළ තේ…
පහත සඳහන් නිවේදනය කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගමක් වන Lanka Securities (පුද්ගලික) සමාගම විසින් නිකුත් කරන ලදී. පසුගියදා කොළඹ කොළඹ වෙළෙඳපොළ තුළ Wealth Trust Securities PLC සමාගමේ කොටසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ ගැටළුව සම්බන්ධයෙන් Lanka Securities ආයතනය මඟින් සිදුකළ නිවේදනයයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ මෑතකදී සිදු වූ ගනුදෙනු ඇනහිටීම සම්බන්ධයෙන් පළ වූ වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමට…
ඊයේ (08) දිනයේ දී කොටස් වෙළෙඳපොළේ සිදුවූ අනපේක්ෂිත වාතාවරණයෙන් පසු, යථා පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරුවේ ආරම්භ විය. අද දින දක්නට ලැබුණු සුවිශේෂී කාරණාව වූයේ රු. බිලියන 12.32ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් LEE HEDGES PLC සමාගමේ සිදුවූ රු. බිලියන 3.93ක වටිනාකමකින් යුතු ගිවිසා ගනු ලැබූ…
එක්සත් රාජධානියේ සංර්වර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ වෙළඳ වැඩසටහනට (DCTS) අදාළ ප්‍රතිසංස්කරණ දැන් බලාත්මකව පවතින අතර, ඒ අනුව 2026 ජනවාරි 01 වන දින සිට ලිහිල් කළ වෙළඳ රීති / රෙගුලාසි ක්‍රියාත්මක වේ. ගෝලීය වෙළඳපළෙන් අමුද්‍රව්‍ය 100% දක්වා ලබා ගන්නා අතර, එක්සත් රාජධානියේ තීරු බදු අගය ශූන්‍යයෙහි පවත්වාගැනීමට නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට දැන් හැකියාව තිබේ. මෙම…
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ රට යළි ගොඩනැගීමේ කාර්යය වේගවත් කිරීමේ අරමුණෙන් රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩපිළිවෙළ වෙනුවෙන් රුපියල් මිලියන 420 ක දායකත්වයක් ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය මගින්, පැවැති අයහපත් කාලගුණ හා සුළි කුණාටු තත්ත්වයේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා අධ්‍යාපන…
Video Story