කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 278.16ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කළ අතර එය පෙර දිනයට සාපේක්ෂව 1.21%ක ඉහළ යාමක් වේ. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,292.91 ක් ලෙසින් සටහන් වුණි. දිනයේ වඩාත්…
1963 අංක 11 දරන මුදල් පනත යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය ස්ථාපිත කර ඇත. වසර 62කට පමණ පෙර පනවන ලද එම පනත ලොතරැයි වෙළෙඳ පොළෙහි වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලදුව ඒ සඳහා නව පනතක් කෙටුම්පත් කිරීම පිණිස 2017-02-14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති…
පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන ලද බංගලා නිවාස හා අදාළ පරිශ්‍රයන් මෙන්ම රජය සතු ඌන උපයෝජනයක් සහිත නිවාස හා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස නිලධාරි කමිටුවක් පත් කිරීමට 2024-12-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත. එම නිලධාරි කමිටුව විසින්…
2026-04-15 දින සිට 2026-08-14 දින දක්වා මාස හතරක කාලයක් වෙනුවෙන් මර්බන් වර්ගයේ බොර තෙල් බැරල් 2,800,000 ±5%ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා සැපයුම්කරුවන් පස්දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කර ඇත. එකී ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, මර්බන් වර්ගයේ බොර…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී තිබේ. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාලසීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත…
අද (06) උදෑසන 7 වන විට ලෝක රන්මිල ඩොලර් 4,450 සීමාව ඉක්මවා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම හදිසි මිල ඉහලයාම ඇමෙරිකාව විසින් වෙනිසියුලානු රාජ්‍ය යාන්ත්‍රණය අත්පත් කර ගැනීමත් සමඟම ගෝලීය වශයෙන් උද්ගතව ඇති උණුසුම්කාරී භූ දේශපාලනික වාතාවරණය හමුවේ ආයෝජකයින් වඩාත් ආරක්ෂාකාරී වත්කම් වෙත විතැන් වීමේ ප්‍රතිඵලයක් ලෙසින් රත්‍රං සඳහා…
සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) 2026 ජනවාරි 06 වන දින සිට කොළඹ සහ සිංගප්පූරුව අතර නව ගුවන් ගමන් වාර තුනක් දිවා කාලයේ ආරම්භ කරයි. මෙමඟින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ගමනාන්ත අතර පවතින සබඳතාව තවදුරටත් පුළුල් වනු ඇත. සෑම අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනකම ක්‍රියාත්මක වන මෙම නව දිවා කාලින ගුවන් ගමන්…
ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දකුණු වෙරළ තීරයේ පිහිටි Shangri-La Hambantota වෙත ‘Golf World Top 100 – World Resorts’ ශ්‍රේණිගත කිරීම්වල 70 වන ස්ථානය හිමි වී තිබේ. මේ හරහා එය ලොව වඩාත්ම ගෞරවනීය ගොල්ෆ් සහ විවේකී නවාතැන් ගමනාන්තයන් අතරට එක් වීම සාඩම්බර කරුණකි. මෙම ‘Golf World Top 100’ ශ්‍රේණිගත කිරීම ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවන අතර…
WealthTrust Securities Limited (WTS) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව (IPO) සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව, එම සමාගමේ කොටස් හෙට සිට කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) දිරි සවි පුවරුවේ “WLTH-N-0000” යන සංකේතය යටතේ ගනුදෙනු කිරීම ආරම්භ කිරීමට නියමිතය. 2025 දෙසැම්බර් 17 වන දින දායකත්වය සඳහා විවෘත කරන ලද මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී, රුපියල් 7.00 බැගින් වූ…
‘වැය කළ හැකි ප්‍රතිපාදන සීමිත වුවද නිසි කළමනාකරණයෙන් රටේ සංවර්ධන අරමුණු ජයගත යුතුයි’- ජනපති පවත්නා මූල්‍ය සීමාවන් තුළ පිහිටා ජාතික ප්‍රමුඛතාවන් හඳුනා ගනිමින් 2026 අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබෙන බවත්, එම ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමතාවෙන් යුතුව ජනතා සුබසිද්ධිය උදෙසා යෙදවීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ප්‍රාග්ධන වියදම්…
Video Story