Top News

උදේ ඇද වැටුණු කොටස් වෙළෙඳපොළ සවස යළි පණ ගසයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් අද දිනය ආරම්භයේ දී සෘණාත්මක ස්වභාවයක් වාර්තා කළද, දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය පෙර දිනයට සාපේක්ෂව ඒකක 3.16 ක ඉහළ යාමක් වාර්තා කරනු ලැබීය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,003.57 ක් ලෙසින් දැක්වුණු අතර එය 0.05% ක වර්ධනයකි. කෙසේ වෙතත් S&P SL20 මිල දර්ශකය, පෙර දිනයට…

(0)Comments | November 4, 2015 12:38 pm

සම්පත් බැංකුවෙන් බිලයන 7 ක ණයකර නිකුතුවක්

රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 70 ක් නිකුත් කිරීමට සූදානම් බව සම්පත් බැංකුව ප්‍රකාශ කර සිටී. මෙහිදී පළමු අදියරේ දී අනාරක්ෂිත, යටත් කළ හැකි, නිදහස් කළ හැකි ණයකර මිලියන 50 ක් නිකුත් කරනු ඇත. ඒ සඳහා අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් මිලියන 20 ක ණයකර නිකුතු කිරීමට බැංකුව සැලසුම් කර ඇත. මේ අනුව සමස්ත ණයකර…

(0)Comments | November 4, 2015 11:43 am

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දත්ත ප්‍රචාරණ සම්මතයන්ට ශ්‍රී ලංකාව එක්වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පවත්වා ගෙන යනු ලබන විශේෂ දත්ත ප්‍රචාරණ සම්මතයන් (Special Data Dissemination Standard – SDDS) සඳහා ශ්‍රී ලංකාව එක්කර ගනු ලැබීම ඊයේ සිදුවිය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාන්‍ය දත්ත ප්‍රචාරණ සම්මතයන්ගේ සිට මෙවැනි උසස් වීමක් ලද 15 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත. එසේම ආසියානු ශාන්තිකර කලාපයේ, විශේෂ දත්ත ප්‍රචාරණ…

(0)Comments | November 4, 2015 9:24 am

ශ්‍රී ලංකාව දූෂණයට එරෙහිව ගෙන ඇති ප්‍රයත්න අතිශෝක්තියෙන් දක්වන්නක් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි සම්මුතියේ පාර්ශවකාර රටවල හයවන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස ඊයේ (2015 නොවැම්බර් 3 වනදා) ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුව ඇමතූ නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී…

(0)Comments | November 4, 2015 7:29 am

යුරෝපා ආර්ථිකයේ මන්දගාමී වර්ධනය ශ්‍රී ලංකාවටත් බලපාවි – නියෝජ්‍ය මහබැංකු අධිපති කියයි

GSP ප්ලස් වෙළෙඳ සහනය ශ්‍රී ලංකාවට හිමි වීම සහ මෙරට මත්ස්‍ය අපනයන යුරෝපා වෙළෙඳපොළ වෙත අපනයනය සඳහා දැනට පනවා තිබෙන සම්බාධක ඉවත් කිරීම සිදුවුවත්, දැනට පවතින යුරෝපියානු ආර්ථිකයේ මන්දගාමී වර්ධනයේ බලපෑම මෙරටට ද බලපානු ඇතැයි නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. කෙසේවෙතත් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ඇමරිකානු හා ඉන්දියානු…

(0)Comments | November 4, 2015 4:55 am

සියලු කොටස් මිල දර්ශකය යළි 7,000 න් මෙපිටට එයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය, අද දින දෛනික ගනුදෙනු ආරම්භ වී පැය භාගයකින් පමණ පසු ඒකක 7,000 සීමාවන් මෙපිටට පැමිණියේය. එහිදී උදෑසන 10.02 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,998.97 ක් ලෙසින් සටහන් විය. මීට පෙර අවසාන වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,000 න් මෙපිට මට්ටමක පැවතියේ පසුගිය ජූලි…

(0)Comments | November 4, 2015 4:40 am

ලංකාවේ තේ වලින් කිලෝ මිලියන 12.3 ක්ම යන්නේ කුවේටයට

මෙරට තේ වෙළෙඳපොළ පිළිබඳ ප්‍රවර්ධන හමුවක් පැවැත්වීමට කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. කුවේටයේ ව්‍යාපාරිකයින් හා මාධ්‍යවේදීන් පිරිසක් සමඟ පැවති මෙම හමුවේ දී ජාතික ආදායමෙන් 15% ක් හෙවත් ඩොලර් බිලියන 1.6 ක වටිනාකමකින් යුතු මෙරට තේ වෙළෙඳපොළ පිළිබඳ හඳුන්වාදීමට ක්‍රියා කෙරිණි. එහිදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මැදපෙරදිග හා අප්‍රිකානු කලාපය භාර අධ්‍යක්ෂ –…

(0)Comments | November 3, 2015 12:15 pm

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (Economic Diplomacy) වෙනුවෙන් වොෂින්ටනයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අපනයන වෙළඳ පොළක් වන අමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන ද්විපාර්ශවීය ආර්ථික සහ ව්‍යාපාරික සම්බන්ධතාවයන් තව තවත් තර කරගැනීමට ඉවහල් වන වැදගත් සාකච්ඡා වට කිහිපයක් එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සමග විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගියදා (ඔක්තෝම්බර් 30 වනදා) වොෂින්ටනයේදී පැවැත්වීය. පසුගියදා මෙක්සිකෝ සිටි හිදී, පැවති…

(0)Comments | November 3, 2015 10:00 am

“මෙවර අයවැය, ණය මත යැපීමේ අවසානය ආරම්භ කරන අයවැයක් විය යුතුයි’’

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න කියයි ණය මත යැපීමේ ආර්ථිකයේ අවසානය ආරම්භ කිරීම මෙවර අයවැයෙන් සිදුවිය යුතු බව කොළඹ විශ්ව විද්‍යලයේ ව්‍යාපාරික ආර්ථික විද්‍යා අංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය එච්. ඩී කරුණාරත්න පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ අද (3) පෙරවරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි….

(0)Comments | November 3, 2015 10:00 am

යුරෝපා සංගමයේ සහයෝගයෙන් UNDP, යුද්ධයට මැදි වූ දිස්ත‍්‍රික්ක වල ව්‍යවසායකත්ව සහ ව්‍යාපාර සංවර්ධනය ප‍්‍රවර්ධනය කරයි

යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) කාර්මික සේවා කාර්යාංශය (ISB) හවුල්කාරීත්වයෙන් යුතුව ව්‍යසායකත්ව සංවර්ධන පුහුණුකරුවන් සඳහා පුහුණු වැඩසටහනක් සිදුකළේය. මෙම පුහුණු වැඩසටහනින් සංවර්ධන නිළධාරීන් 191 දෙනෙකු පුහුණු කිරීම සිදුවිය. ප‍්‍රාදේශීය සහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් සිදුවූ මෙම පුහුණු වැඩසටහන වවුනියාව, මන්නාරම, මඩකලපුව, අම්පාර, අනුරාධපුර, පුත්තලම, සහ මොනරාගල යන දිස්ත‍්‍රික්ක වල ක‍්‍රියාත්මක විය….

(0)Comments | November 3, 2015 9:22 am