වසර 2020 වන විට කාමර 75,000 ක සහ මිලියන 4 ක සංචාරකයින් ප්‍රමාණයක් ඉලක්කගත කිරීමේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් වශයෙන් නව හෝටල් ව්‍යාපෘති 4 ක් සඳහා අනුමැතිය ලබා දුන් බව ලංකා ආයෝජන මණ්ඩලය සඳහන් කර සිටී. Saracawatta (Pvt) Ltd, Saif Estate (Pvt) Ltd, Sofia Kandy (Pvt) Ltd සහ Casa De Hotel & Resorts (Pvt) Ltd…
මෙරට බලශක්ති ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරලීමේ අරමුණින් නව කුඩා ජල විදුලි බලාගාර 4 ක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. දෙහිඅත්තකණ්ඩිය, දෙමෝදර, සොරනතොට හා වලපනේ යන ප්‍රදේශවල මෙම කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට නියමිතය. Vidula Biomass (Pvt) Ltd, Ino Mini Hydro Power (Pvt) Ltd, Udawela Hydro (Pvt) Ltd සහ Biomed Hydro Power (Pvt) Ltd යන…
වසර එකසිය පණහක් පමණ පැරැණි රේගු ආඥාපනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ. 1861 දී හඳුන්වා දී ඇති ශ්‍රී ලංකා රේගු ආඥාපනතට මේ වන විට එක් කර ඇති සංශෝධන සංඛ්‍යාව 50කට අධිකය. ජාත්‍යන්තර වෙළෙඳපොළේ මතු වී ඇති නූතන ප්‍රවණතා සහ තාක්ෂණික වර්ධනය නිසි ලෙස අන්තර්ග්‍රහණය කර, ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය තහවුරු කරන අයුරින්…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දින දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.87 කින් පහළ ගිය අතර එය ඒකක 6,461.12 ක් ලෙසින් වාර්තා විය. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 2.13 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,010.34 ක් ලෙසින් සටහන් විණි. අද දිනයේ දෛනික පිරිවැටුම රුපියල් මිලියන 382.61 ක්…
එක්සත් ජනපද ඩොලර්වලින් නම් කරන ලද භාණ්ඩාගර බැඳුම්කර නිකුතුවක් හෙට (21) දිනයේ දී ආරම්භ වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටී. ඩොලර් මිලියන 250 ක මෙම සංවර්ධන බැඳුම්කර නිකුතුව වසර 1යි මාස 7, වසර 2 යි මාස 7 සහ වසර 4 යනාදී වශයෙන් පරිණත කාලයන් තුනකින් සමන්විත වේ. හෙට (ජූනි…
හැව්ලොක් සිටි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කිරීම පසුගිය දා සිදුකෙරිණි. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 106 ක ව්‍යාපෘතියකි. ලංකා ආයෝජන මණඩලය පවසන්නේ මෙම ව්‍යාපෘතිය හරහා රැකියා අවස්ථා 483 ක් ජනනය කෙරෙන බවයි.
කටුනායක – නිට්ටඹුව ප්‍රධාන මාර්ගයට සෘජු ප්‍රවේශයක් ලබා දෙමින් වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වෙත ඉතා පහසු ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීමට අවශ්‍ය, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් එම ප්‍රදේශයේ පිහිටි පර්චස් 40ක භූමි ප්‍රමාණය ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයට වෙන් කර දීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 2007 වර්ෂයේදී ආරම්භ කරන ලද වේයන්ගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ව්‍යාපාර…
මහියංගනයේ පුද්ගලික රෝහලක් ඉදිකිරීම සඳහා භාග්‍යා හොස්පිටල් (පුද්) සමාගම පියවර ගෙන තිබේ. මේ සඳහා වන ගිවිසුම භාග්‍යා හොස්පිටල් (පුද්) සමාගම සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර පසුගියදා අත්සන් කෙරිණි. මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 3.8 කි.
කොළඹ මහනගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමයේ තවත් පියවරක් ලෙසින් කොළඹ නගරය තුළ සුපිරි මහල් නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය 9 ක් සඳහා ආයෝජන මණ්ඩලය අත්සන් තබා තිබේ. Fairwar Urban Homes (Pvt) Ltd, Iconic Development (Pvt) Ltd, S T K Developers (Pvt) Ltd, Menara Residencies (Pvt) Ltd, Capital Tower (Pvt) Ltd, Elysian Reality (Pvt) Ltd, U…
Video Story