ස්වාභාවික රබර් නිපදවන රටවල්වල සංගමයේ, ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තෙවන රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු ස්වාභාවික රබර් නිපදවනු ලබන රටවල් 11ක් සාමාජිකත්වය දරන අන්තර්ජාතික සංවිධානයක් වන ස්වාභාවික රබර් නිපදවන රටවල සංගමය විසින් පිහිටුවන ලද ස්වාභාවික රබර් මිල ස්ථාවර කිරීම සඳහා වන විද්වත් කණ්ඩායමේ තුන්වන රැස්වීම…
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රාදේශීය/අභ්‍යන්තර දේශීය ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කර තිබේ. කොළඹ සිට බදුල්ලට වාහනයකින් ගමන් කිරීමට වර්තමානයේ අවම වශයෙන් පැය 06කට වඩා වැඩි කාලයක් ගත වන අතර ගුවන් මඟින් එම කාලය මිනිත්තු 25කට පමණ…
අද (22) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 26.08 කින් පහළ ගිය අතර එහි අගය ඒකක 6,420.80 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.40% ක පහළ යාමකි. අද දින රුපියල් මිලියන 570 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 408.9 ක් ලෙසත්,…
අද (22) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 23,940 ක ලංසු අනුමත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙහිදී දින 91 – රු. මිලියන 12,365 ක් දින 182 – රු. මිලියන 10,415 ක් හා දින 364 – රු. මිලියන 1,160 ක් වශයෙන් ලංසු අනුමත කර තිබේ. රු. මිලියන…
නිව්යෝක් හි Visium Asset Management සමාගමේ හෙජ් අරමුදල් කළමනාකරුවෙකු (hedge fund manager) වූ සංජේ වල්වනිගේ මළ සිරුර, ඔහුගේ මහල් නිවාසය තුළ තිබිය දී සොයාගෙන තිබේ. පොලීසිය කියා සිටින්නේ මෙය සියදිවි නසාගැනීමක් බවට සැක කරන බවයි. අභ්‍යන්තරික වෙළෙඳාම (insider trading) යටතේ මෙම අරමුදල් කළමනාකරුවා හට පසුගිය සතියේ දී චෝදනා එල්ල වී තිබේ.මෑත කාලයේ දී ඇමරිකා එක්සත්…
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ 4.3% සිට 2016 මැයි මාසයේ දී 5.3% දක්වා ඉහළ ගොස් තිබේ. මෙම වැඩිවීම සඳමා ආහාර නොව කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව…
එක් වරක් ආරෝපණය කිරීමෙන් දැනට වෙළෙඳපොළේ තිබෙන නිසාන් ලීෆ් මෝටර් රථය මෙන් තුන්ගුණයක දුරක් ධාවනය කළ හැකි නිසාන් ලීෆ් වර්ගයේ මෝටර් රථයක් වෙළඳපොළට එක්වන බව නිසාන් සමාගම නිවේදනය කර සිටී. එහි ඉලෙක්ට්‍රික් වාහන අංශයේ ප්‍රධානී Kazuo Yajima කියා සිටින්නේ මෙය එක් වරක් ආරෝපණය කිරීමකින් සැතපුම් 200 ක් ධාවනය කළ හැකි බවයි. මේ වන විට වෙළෙඳපොළේ…
ප්‍රාග්ධන ලාභ බද්ද අය කිරීම ආරම්භ කිරීම මාසක් තුළ දී ඕනෑම අවස්ථාවක දී සිදුවිය හැකි බවත් පොදු ජනයාට වැට් බද්ද හරහා වක්‍ර බදු පැනවීම නිවැරදි ක්‍රමයක් නොවන බවත් අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා, “වැට් බද්දෙන් සියලු දෙනාටම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ගනුදෙනු අවසානයේ දී ඒකක 14.24 කින් පහළ ගොස් ඒකක 6,446.88 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.22% ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද අද දිනය තුළ ඒකක 6.14 කින් පහළ ගිය අතර එහි අගය ගනුදෙනු අවසානයේ දී දැක්වුණේ ඒකක 3,398.20 ක්…
ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් අසාන් මොහිදීන් අබ්දුල් කාදර් මහතාගේ හොංකොං ඩොලර් මිලියන 6 ක පමණ වටිනාකමකින් යුතු මැණික් ගල් තොගයක් සොරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. හොංකොං හි සුපිරි වෙළෙඳසැළ් සංකීර්ණයක් තුළ දී මෙම සොරකම වී ඇති බවට අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර ඇත. මේ අතර 29 වැනි හොංකොං මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය…
Video Story