Top News

රුපියලේ වටිනාකම වැඩිවෙයි

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම ක්‍රමයෙන් වැඩිවෙන ප්‍රවණතාවයක් පසුගිය දින කිහිපය පුරාවටම දක්නට ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දිනය තුළ නිකුත් කරන ලද නවතම විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 142.54 ක් ලෙසත් විකුණුම් මිල රු. 146.30 ක් ලෙසත් වාර්තා වී තිබේ. ඩොලරයට එරෙහි මෙම…

(0)Comments | June 14, 2016 8:55 am

ධීවර කර්මාන්තයේ සංවර්ධනයට ඩොලර් මිලියන 62 ක ADB ආධාර

උතුරු පළාතේ යාපනය, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62 ක තාක්ෂණි ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ. මෙම ආධාර මත යාපනයේ ගුරුනගර් හා පේදුරු තැඩුව ධීවර වරායන් සහ මන්නාරමේ පේසාලේ ධීවර වරාය සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇත.

(0)Comments | June 14, 2016 7:31 am

රයානි එයාර් වසා දමයි

ශරියා සම්ප්‍රදායන්ට අනුකූල මැලේසියාවේ පළමු ගුවන් සේවය වූ රයානි එයාර් ගුවන් සේවය ඊයේ සිට වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ දී මෙම ගුවන් සේවය හඳුන්වා දෙනු ලැබූ අතර ගුවන් කාර්ය මණ්ඩලයේ මුස්ලිම් ජාතික සාමාජිකාවන් හිජාබ් ඇඳුමින් සැරසීම අනිවාර්ය වීමත්, වෙනත් ජාතික සාමාජිකාවන්ට ශරීරය අනාවරණය වූ ඇඳුම් තහනම් වීමත් මෙම ගුවන් සේවයේ ප්‍රධාන…

(0)Comments | June 14, 2016 6:22 am

ශ්‍රී ලංකා රජය මිලියන 300 ස්වභාවික ආපදා රක්ෂණාවරණයක් ගනී

පසුගිය අප්‍රේල් 01 වැනි දින ශ්‍රී ලංකා රජය විසින් ස්වභාවික ආපදා රක්ෂණාවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදලින් ලබා ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 300 ක වාරිකයක් ගෙවා තිබේ. මෙම රක්ෂණාවරණය ලබා ගෙන සති 6 ක් ඉක්මයාමටත් මත්තෙන් දරුණු ගංවතුර හා නායයාමේ තර්ජනයකට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ලක්විය. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින්…

(0)Comments | June 14, 2016 4:44 am

සංවර්ධන බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් මිලියන 250 ක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ වෙන්දේසි කාලය අදින් (13) හමාර විය. මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ජූනි 07-13 දක්වා කාලය විවෘත කර තිබිණි. ඩොලර් මිලියන 200 ක වටිනාකමකින් යුතු වසර 1, 2, 3 හා 5 යනාදී වශයෙන් පරිණත කාල හතරකින් මෙම සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා…

(0)Comments | June 13, 2016 11:46 am

බ්ලූ ඩයමන්ඩ් චීන අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු වන යැංග් චොංග් හා ගුඕ වෙල් යන අය පසුගිය ජූනි 06 වැනිදා සිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. මේ සම්බන්ධයෙන් කොලඹ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගමේ සභාපතිවරයා වන Xia Liquiang කියා සිටින්නේ අදාළ හිටපු අධ්‍යක්ෂවරුන් දෙදෙනා සමාගමේ කොටස්කරුවන් නොවන බවයි. බ්ලූ ඩයමන්ඩ් සමාගම විසින් සිදුකරන…

(0)Comments | June 13, 2016 8:51 am

මිලියන 10 ක ආයෝජනයකින් මැලෙසියාවෙන් ශ්‍රී ලංකාවට යතුරුපැදි කර්මාන්ත ශාලාවක්

රිංගිට් මිලියන 10 ක ආයෝජනයක් මෙරට තුළ සිදුකිරීමට මැලේසියාවේ DNC Asiatic Holdings Sdn Bhd සමාගම තීරණය කර තිබෙන බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර සිටී. Demak වෙළෙඳ නාමය යටතේ ශ්‍රී ලංකාවට යතුරුපැදි අපනයනය කරනු ලබන DNC Asiatic Holdings Sdn Bhd සමාගම, මෙම නව ප්‍රවේශයත් සමඟම ශ්‍රී ලංකාව තුළ සිය නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. DNC Asiatic…

(0)Comments | June 13, 2016 7:44 am

පර්යන්තයට වඩා දිගින් වැඩි නෞකා දෙකකට ජය බහලු පර්යන්තයෙන් සුවිශේෂී මෙහෙයුමක්

කොළඹ වරායේ ජය බහලු පර්යන්තයේ කළමනාකාරීත්වය සහ සේවකයින් එක්ව විශේෂ මෙහෙයුමක් සිදු කර තිබේ. ඒ පර්යන්තයට වඩා දිග විශාල නෞකා දෙකකට එකවර සේවා සපයමිනි. ජය බහලු පර්යන්තයේ දිග මීටර 660කි. නමුත් පසුගියදා ජය බහලු පර්යන්තය වෙත නෞකා දෙකක් එකවර සේන්දු විය. එහි සමස්ත දිග ප්‍රමාණය මීටර් 685කි. එවැනි තත්ත්වයකදී නාවික කොට්ඨාසයේ ද සහය ඇතිව මෙම…

(0)Comments | June 13, 2016 6:00 am

ව්‍යාපාරයක් පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය අපි දෙනවා

ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කරන ලද වෙන්චර් එන්ජින් වැඩසටහන පිළිබඳ පුළුල් විග්‍රහයක් කිරීමට බ්ලූ ඕෂන් කැපිටල් කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජිත් බාලසුබ්‍රමනියම් මහතා අද දෙරණ Biz 24×7 එක්විය. ඒ මහතා සමගින් කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | June 13, 2016 5:24 am

බිලියන 5.7 ක විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

ගෙවී ගිය සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 0.17% ක වර්ධනයක් අත්පත් කර ගනු ලැබූ අතර සතිය අවසානයේ දී එය ඒකක 6,530.50 ක් ලෙසින් වාර්තා විය. සතියේ අවසන් ගනුදෙනු දිනය වූ සිකුරාදා (10) දිනය තුළ දී රුපියල් මිලියන 275.1 ක පිරිවැටුමක් වාර්තා වූ අතර මෙය පසුගිය මාර්තු 19 වනදා සිට මේ…

(0)Comments | June 12, 2016 6:07 pm