කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අමතරව ජාතික වශයෙන් මිල මට්ටමේ සිදුවන වෙනස්කම් නියෝජනය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා 2013 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගැනීමටත් 2015 නොවැම්බර් 21 වන දිනෙන් ආරම්භව සෑම මසකම 21 වන දිනයේදී මෙම ජාතික පාරිභෝගික මිල දර්ශකය ප්‍රකාශයට පත්කිරීමටත් රජය අදහස් කර ඇත. ජනලේඛන සහ…
එම්බාර්ක් විසින් සිය තෙවන ස්වාධීන අලෙවිසැල ඓතිහාසික මෙන්ම මනස්කාන්ත මහනුවර නගරයේ විවෘත කර ඇත. කැන්ඩි සිටි සෙන්ටර් හි, තුන්වන මහලේ අංක 30 දරණ ස්ථානයේ පිහිටා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල ගාලූ කොටුවේ පිිහිටුවා තිබෙන එම්බාර්ක් ස්වාධීන අලෙවිසැලේ ස්වභාවය ගනී. මෙහි, කාන්තාවන්ට සහ පිරිමින්ට සහ ළමුන්ට විලාසිතා වලින් සපිරි අති නවීන ඇඟලූම්, පාවහන්, ආයිත්තම් පෙළක් අලෙවි කරනු…
මෙරට ප්‍රමුඛතම විදුලි සංදේශ සමාගමක් වන ඩයලොග් ආසිආටා සමාගම තම දේශීය සහ ජාත්‍යන්තර පුළුල් පරාස ජාල (broadband networks) සහ ෆයිබර් ඔප්ටිල් සහ ඩිජිටල් සැටලයිට් සේවා (digital satellite services) වැඩිදියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 174 ක ආයෝජනයක් කිරීමට සූදානම් වේ. මෙම නව ආයෝජනය සඳහා ඩයලොග් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමක්ද අත්සන් කර තිබේ. මෙම…
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා නායකත්වය දරන වැලිබල් වන් පී.එල්.සී. සමූහය ඩොලර් මිලියන 60 ක මුදලක් සුඛෝපභෝගී වෙරළ හෝටලයක් ගොඩනැගීම සඳහා ආයෝජනය කිරීමට සූදානම් වේ. කාමර 382 කින් සමන්විත තරු පහ පන්තියේ මෙම වෙරළ හෝටලය මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ ඉදිවන අතර මේ වෙනුවෙන් මුදල් ආයෝජනය කරන්නේ වැලිබල් වන් සමාගමට අයත් Greener Water Ltd විසිනි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්…
තේ අපනයනයේ යෙදෙන ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන සාමාන්‍ය කොටස් ලයිස්තුගත කිරීමෙන් ඉවත් කර ගැනීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරයි. සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම කොටසක් රුපියල් 302 ක් බැගින් කොටස් හිමියන්ගෙන් මිලදීගැනීමට ලන්ඩනයේ James Finlay Ltd. of Swire House සූදානම් බවයි. මෙම කොටසක්…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා ලබන වසර සඳහා හිමිවිය යුතු රුපියල් ලක්ෂ 100 ක විමධ්‍යගත අරමුදල් සහ 2015 විමධ්‍යගත අරමුදල් එකතුකර එකවර ලක්ෂ 100 ඉක්මවන මුදලක් ඉදිරියේදී ලබාදෙන බව මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. තමන්ට විමධ්‍යගත අරමුදල් නොලැබීම නිසා සංවර්ධන කටයුතු කරගෙන යාමට නොහැකිවී ඇතැයි මන්ත්‍රීවරුන් විවිධ අවස්ථාවලදී සඳහන්…
භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම මගින් දේශීය වෙළඳ පොළින් රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සම්මත වීමත් සමග භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි උපරිම ණය සීමාව වූ රුපියල් බිලියන 850 ක ප්‍රමාණය රුපියල්…
පසුගිය රජය සමයේදී ජාතික ගමනාගමන කොමිසම (NTC) විසින් රුපියල් මිලියන 100 කට වැඩි වියදමින් බස්රථ 2000 ක සවිකර තිබෙන ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම නතරවීම නිසා මේ වනවිට ඒවා අක්‍රීය වී ඇතැයි අප වෙත අනාවරණය වේ. මෙම ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම සිදුකළ සමාගමට රජය විසින් නඩත්තු කිරීම සඳහා කරන ගෙවීම් නතර කිරීම මෙම තත්ත්වයට…
වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ ඔක්තෝම්බර් මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…
ලොව ප‍්‍රමුඛතම තාක්ෂණ සහ සේවා සමාගමක් වන බොෂ් ශ‍්‍රී ලංකාවේ සිය ප‍්‍රථම කාර්යාලය අද විවෘත කළේය. මෙම අවස්ථාව සඳහා ශ‍්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජර්ගන් මෝහාර්ඞ් මහතා සහ බොෂ් සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂක සහ බොෂ් සමූහයේ ඉන්දියානු සභාපති ස්ටෙෆන් බර්න්ස් මහතා සහභාගී විය. මෙම පසුබිම යටතේ රොබර්ට් බොෂ් ලංකා සමාගම මුල් අදියරේදී ඔටෝමොටිව් ආෆ්ටර්මාර්කට්, ආරක්ෂිත පද්ධති, තර්මෝතාක්ෂණ…
Video Story