හේලීස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි දායකත්වයක් ලැබී තිබේ. රුපියල් බිලියන 2 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම ණයකර නිකුතුව විවෘත කර තිබුණි. පැවති අධි දායකත්වය මත ඊයේ (25) සවස 4.30 ට ණයකර නිකුතුව වසා දමන ලදී. මෙහි විභජනය සිදුවන ආකාරය පසුව දැනුම්දෙන බව සමාගම දන්වා සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (25) දිනයේ දී කැඳවන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 30,749 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන ලදී. මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් රු. මිලියන 9,155 ක සහ දින 182 බිල්පත් රු. මිලියන 21,594 ක වටිනාකමකින් යුතුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. පූර්ව වෙන්දේසියට සාපේක්ෂව…
ඉතාලියේ ICOGUANTI සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය තහවුරු කර ගැනීමට Dipped Products PLC කටයුතු කර තිබේ. ICOGUANTI සමාගමේ 60% ක කොටස් අයිතිය Dipped Products PLC සතුව තිබූ අතර තවත් යූරෝ මිලියන 3.245 ක ආයෝජනයක් කරමින් එහි සම්පූර්ණ අයිතිය ලබා ගැනීමට සමාගම මෙහිදී සමත්ව තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී Dipped Products PLC හි අධ්‍යක්ෂ…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව සලසා දීම පිණිස ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එම වැඩසටහනෙහි දෙවන කාර්ය රාමුවෙහි තෙවන කණ්ඩායම ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වීම පිණිස තෝරාගත් නිලධාරින් 2016 සැප්තැම්බර්…
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් පරිමාව ඉහළ නැංවීමට ඊයේ (24) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. මේ අනුව සමාගමේ සෑම කොටස් 7 ක් කොටස් 8 ක් බවට පරිවර්තනය වනු ඇත. සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මෙන්ම කොටස් බලපත්‍රද (Warrants) මේ අනුව වැඩිවීමට නියමිතය. 2016 මැයි 24 වනදා වන විට ජෝන් කීල්ස්…
ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට් නගර ව්‍යාපෘතියක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 63 ක් ආයෝජනය කිරීමට කොරියානු ඉඩම් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා වන අවබෝධතා ගිවිසුමට අද (24) දිනයේ දී අත්සන් තබා ඇත. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 9,000 ඉක්මවූ ආයෝජනයකි. මෙම ස්මාර්ට් නගර ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු ඉඩම් අමාත්‍ය කැන්ග් හො-ඉන් සහ මෙරට මෙගාපොලිස්…
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2016 අප්‍රේල් මස ජාතික පාරිභෝගික මිල දර්ශකය 111.6 ලෙස ගණනය කර ඇත. අප්‍රේල් මාසයේ දර්ශකය මාර්තු මාසයේ දර්ශකය (110.0) හා සංසන්දනය කල විට 1.6ක දර්ශකාංක වැඩිවීමක් හා ප්‍රතිශතයක් ලෙස 1.5ක වැඩිවීමක් වාර්තා වේ. මේ සඳහා ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.97% කින් වැඩිවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.45% කින් වැඩිවීම…
යම් රටක පුරවැසියෙකුට තවත් රටක පුරවැසිභාවය ලබා ගැනීමේ දී දීර්ඝ කාලීන ක්‍රියාපටිපාටියකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් Premier Offshore වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි 2016 වසරේ දී මුදල් ආයෝජනය තුළින් පමණක් පුරවැසිභාවය ලබා ගත හැකි රටවල් 10 ක් අනාවරණ කර තිබේ. එසේම යම් පුද්ගලයෙකුට දෙවන පුරවැසිභාවයක් ලබා ගැනීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාභ ගණනාවකි. නිදසුනක් ලෙසින්…
ලොව නිෂ්පාදනය කරනු ලබන වාහනවල ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් සිදුකරනු ලබන බ්‍රිතාන්‍ය සමාගමක් වන Global NCAP (Global New Car Assessment Programme)ආයතනය සිය නවතම වාර්තාවක් පසුගිය දා එළිදක්වනු ලැබීය. ඊට අනුව ඉන්දියානු මෝටර් රථ පහක මගී ආරක්ෂාව පවතින්නේ ඉතාම පහළ මට්ටමක බව අවධාරණය කර තිබේ. මෝටර් රථවල ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන ලද තරු (Star) ශ්‍රේණිගත කිරීම්වල දී…
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2016 මැයි 20 පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 6.55 සහ 8% මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය වී ඇත. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් වර්ධනය 2016 පෙබරවාරි මස පැවති 19.8% හා සාපේක්ෂව…
Video Story