Top News

මුල කාර්තුවේදී වෙළෙඳ හිඟය අඩුවෙයි. රුපියලේ අගය තවදුරටත් පහළට.

2016 වසරේ පළමු මාස තුන වෙළෙඳ ගිණුමේ හිගය 2.2% කින් අඩු වී තිබේ. මේ අතර වසරේ මුල් මාස 4 තුළ දී සංචාරක ඉපයීම් 20% කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇති අතර සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පළමු කාර්තුව තුළ 8.1% ක ඉහළ යෑමක් වාර්තා කර ඇත. පෙර මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.2…

(0)Comments | May 23, 2016 4:46 am

තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනයට මුල පිරේ

ශ්‍රී ලාංකික ශිෂ්‍යයින්ට මෙන්ම විදේශීය ශිෂ්‍යයන්ටද අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් විදේශ විනිමය ඉපැයිය හැකි උසස් අධ්‍යාපන ආයතනයක් ‘තාක්ෂණයේ විද්‍යාව සඳහා වන ආසියානු ආයතනය’ (Asia Institute for Science of Technology- AIST) නමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජනයක් වශයෙන් ස්ථාපිත කිරීමට අදහස් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංවර්ධන හවුල්කරුවකු වන ජපානය මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සැපයීම සඳහා…

(0)Comments | May 23, 2016 4:19 am

මෙගාවොට් 10ක සූර්ය තාප විදුලි උත්පාදන බලාගාරයක් වව්නියාවට

වයිඩෙක්සා (ලංකා) පවර් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක පමණ ආයෝජනයකින් මෙගාවොට් 10 ක ධාරිතාවකින් යුත් සූර්යතාප විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වව්නියාව ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති අතර, එමඟින් ‍වාර්ෂිකව ගිගාවොට් පැය 19 ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වව්නියාව, නැඳුන්කුලම, කට්ටාර්සින්නකුලම…

(0)Comments | May 23, 2016 4:11 am

ගිය මාසේ උද්ධමනය උඩට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, පෙර මාසයේ වාර්තා වූ 2% හා සාපේක්ෂව 2016 අප්‍රේල් මාසයේ දී 3.1% ක් විය. ඒ අතර කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය, 2016 මාර්තු මස වාර්තා කරන ලද 1.1% සිට 2016 අප්‍රේල් මාසයේ දී 1.3% දක්වා ඉහළ…

(0)Comments | May 23, 2016 3:36 am

ගංවතුර හමුවේ කොළඹ කොටස් පසු බසී

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක පසුගිය සතිය අවසානයේ දී පහළ බසින ස්වභාවයක් පෙන්නුම් කරන ලදී. එහිදී පසුගිය සිකුරාදා (20) දෛනික ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 14.86 කින් පහළ ගොස් ඒකක 6,633.27 ක් ලෙසත්, S&P SL20දර්ශකය ඒකක 6.05 කින් පහළ ගොස් ඒකක 3,454.64ක් ලෙසත් වාර්තා විය. පිළිවෙලින් මෙම මිල දර්ශක සිකුරාදා දිනයේ…

(0)Comments | May 22, 2016 7:15 pm

සඳුදා බැංකු-කොටස් වෙළෙඳපොළ වහලා. පුද්ගලික අංශයටත් නිවාඩුයි(ද)..

සඳුදා දිනය (23) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන කරුණකි. කෙසේ වෙතත් 2016 මැයි 23 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ. එහෙත් වෙසක් පුරපසළොස්වක පොහොය දිනය හා ඊට පසු දිනය අති අන්තයක යෙදී තිබීම හේතුවෙන් ඊට අතිරේක නිවාඩු දිනයක් සතියේ දිනයක දී ලබා ගත හැකි ද යන්න බොහෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි නියුතු දෙනා…

(0)Comments | May 21, 2016 7:36 pm

අලුත්ම බැඳුම්කර නිකුතුවේ ලංසු අනුමත වුණු හැටි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කැඳවන ලද අලුත්ම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පෙරේදා (19) පැවති අතර ඒ සඳහා රුපියල් මිලියන 45,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. ඒ 2018 හා 2020 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 10,000 බැගින් සහ 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 12,500 බැගින් වන ලෙසිනි. වෙන්දේසිය සඳහා…

(0)Comments | May 21, 2016 4:58 pm

බීර නිෂ්පාදනය නවතී

ලයන් බෘවරි (සිලෝන්) හා සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් හි නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. පසුගිය දින කිහිපය පුරාවට ඇතිවූ ජලගැල්ම හේතුවෙන් බියගම කොළඹ පාරේ පිහිටි සිය කර්මාන්තශාලා පූර්ණ වශයෙන් ගංවතුරට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සමාගම් හි පාලනාධිකාරිය පියවර ගනෙ තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සමාගම දන්වා සිටින්නේ හැකි ඉක්මනින් එහි කටයුතු ආරම්භ…

(0)Comments | May 20, 2016 8:31 am

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක්

දැනට දිවයින පුරා උද්ගත වී තිබෙන හදිසි ආපදා තත්වය හේතුකොටගෙන විපතට පත් ජනතාවට සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් මේවනවිට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සිය දිවයින පුරා තිබෙන ශාඛා ජාලය හරහා ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය පරිපාලන ඒකක හරහා හදිසි සහන සැලසීමේ අරමුණෙන් බෝතල් කළ පානීය ජලය, වියලි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් (භාවිත කළ හැකි තත්වයේ තිබෙන), එනෙකුත් රෙදිපිළි…

(0)Comments | May 19, 2016 11:50 am

බැඳුම්කර නිකුතු පාර්ලිමේන්තුවට වාර්තා කරන්න අගමැතිගෙන් උපදෙස්

ඉදිරියේ දී පැවැත්වෙන සෑම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අවසානයේ දී ඒ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳ පැවති කල්තබන ලද විවාදයේ අතරතුර දී පැවසීය. මේ අතර අද (19) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන…

(0)Comments | May 19, 2016 6:05 am