Top News

ලාංකීය ප්‍රේක්ෂක ජනතාවට නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ඩයලොග් 7th Circuit ඇරඹෙයි

ඩයලොග් ටීවී හි නවතම සිනමා නාලිකාව ඩයලොග් 7th Circuit පසුගිය දා අතිඋත්කර්ෂවත් අන්දමින් දියත් කෙරිණි. ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ගරු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල සංවිධානය වී තිබිණි. ශ්‍රී ලංකාවේ දැනට ප්‍රදර්ශනය වූ මෙන්ම ප්‍රදර්ශනය වෙමින් පවතින සහ ප්‍රදර්ශනය වීමට නියමිත චිත්‍රපට 7th Circuit නාලිකාව හරහා ප්‍රේක්ෂකයාගේ ආලින්දය…

(0)Comments | May 17, 2016 5:05 am

මහ වැසි මැද කොළඹ කොටස් නොසැළී පෙරට

පසුගිය ජනවාරි 08 වන දින සිට මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී සමත්විය. දිනය අවසානයේ දී එය ඒකක 28.56 කින් ඉහළ ගොස් ඒකක 6,708.40 ක් ලෙසින් වාර්තා වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.43% ක ඉහළ යාමකි. මේ වන විට දිවයින පුරා…

(0)Comments | May 16, 2016 6:33 pm

ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍යයි VIDEO

නවෝත්පාදනය වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය දක්වන දායකත්වය ඇතුළුව විශේෂ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එහි උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා අද දෙරණ Biz 24×7 සමඟින් එක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ රටක ආර්ථික දියුණුවට නවෝත්පාදනය අත්‍යාවශ්‍ය දෙයක් බවයි. මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා සමඟ අද දෙරණ Biz 24×7කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහත දැක්වේ.

(0)Comments | May 16, 2016 8:14 am

ලංකා හොස්පිටල් තුන්කොන් සටනකට මැදිවෙයි

ලංකා හෝස්පිටල් පීඑල්සී හි අයිතිය වෙනුවෙන් මේ වන විට තුන්කොන් සටනක් ඇවිළ තිබේ. රජ්‍ය ව්‍යවසායන් පෞද්ගලික අංශයට පැවරීම සඳහා පසුගිය වසරේ දී රජය විසින් ගෙන ඇති තීරණය කළ අතර එහිදී දේශීය ආරෝග්‍යශාලා සමූහ දෙකක උනන්දුව එව අවස්ථාවේ දී පළවිය. නවතම තත්ත්වය අනුව ලංකා හොස්පිටල් සඳහා සිය උනන්දුව පළ කර ඇත්තේ සිංගපූරුවේ රෝහල් සමූහයකි. මීට පෙර…

(0)Comments | May 16, 2016 6:39 am

ශක්තිමත් ලාභ සහ වත්කම් වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 2016 විශ්වාසයෙන් අරඹයි

2016 මාර්තු 31 වනදායින් අවසන් වන මාස තුන තුළදී වැට් බද්දට සහ ජාතිය ගොඩනැගීමේ බද්දට පෙර කොමර්ෂල් බැංකුවේ ලාභය රුපියල් බිලියන 5.377 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 27.89%ක ශක්තිමත් වර්ධනයක් පෙන්වමින් 2016 වසර ආරම්භ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම කාර්තුවේදී…

(0)Comments | May 16, 2016 5:15 am

සෙලාන් බැංකුව 2016 පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 720 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කරයි

සෙලාන් බැංකුව 2016 මාර්තු 31 න් අවසන් මාස 03 ක කාලපරිච්ෙඡ්දය සඳ හා ආදායම් බදු ගෙවීමෙන් පසු රුපියල් මිලියන 720 ක ලාභයක් වාර්තා කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ සමාලෝචිත කාර්තුව තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 691 ක ලාභය හා සැසඳීමේ දී 4% ක වර්ධනයකි. එසේම 2016 මාර්තු 31 න් අවසන් මාස 03 ක…

(0)Comments | May 16, 2016 5:12 am

ගිය සතියේ දී 1.3% කින් කොළඹ කොටස් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අඛණ්ඩව 6 වන දිනයටත් පසුගිය සිකුරාදා දින ඉහළ ගිය අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,679.84 ක් ලෙසින් වාර්තා විය. මෙය පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 23.72 ක හෙවත් 0.36% ක වර්ධනයකි. මෙය පසුගිය මාස 4 ක කාලය තුළ දක්නට ලැබුණු ඉහළම සියලු කොටස්…

(0)Comments | May 15, 2016 6:00 pm

ජපුර වෙළෙඳ ප්‍රදර්ශනය අද සහ හෙට

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ අවසන් වසර හා තෙවන වසර සිසුන් සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය‍ අද (15) සහ හෙට (16) යන දෙදින පුරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, පාසල් ගුරුවරු, ව්‍යවසායකයන්, කළමණාකරුවන් ඇතුළු වෘතීයවේදීන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල්…

(0)Comments | May 15, 2016 10:40 am

හොල්සිම් (ලංකා) සමාගම නැව් හා දුම්රිය උපයෝගීකර ගනිමින් මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නවමු වෙනසකට ලක්කරයි

ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගම, දේශීය සිමෙන්ති අමුද්‍රව්‍ය ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය නවමු වෙනසකට ලක් කරමින් නැව් හා දුම්රිය උපයෝගී කරගනිමින් දෙමුහුම් ප‍්‍රවාහන ක‍්‍රමයක් පසුගියදා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කළේය. ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු හොල්සිම් (ලංකා) සමාගමේ, ශ‍්‍රී ලංකා දුම්රිය සේවයේ සහ අමාත්‍යංශ…

(0)Comments | May 14, 2016 7:09 pm

බ්ලූ ඩයමන්ඩ් සභාපති සුරැකුම්පත් නීතිය උල්ලංඝනය කරලා

බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා තිබේ. සමාගමේ ඡන්ද බලය හිමි හා ඡන්ද බලය අහිමි සාමාන්‍ය කොටස් වර්ග දෙකම මේ අනුව මෙම අත්හිටුවීමට ලක්ව තිබේ. අදාළ අත්හිටුවීම අද පස්වරු 2.30 දක්වා බලපවත්වන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම නිවේදනය කර සිටී. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ශ්‍රී ලංකා සුරැකුම්පත්…

(0)Comments | May 13, 2016 8:35 am