හිරු එළිය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය භාවිත කොට මුදල් ඉපයිය හැකි ක්‍රමයක් රසායනික ඉංජිනේරු කේ.සී. සෝමරත්න මහතා පසුගිය දා අනාවරණය කළේය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ශ්‍රී ලංකාවට වැටෙන හිරු එළිය ප්‍රමාණය ගණනය කළහොත් එය වාර්ෂිකව රුපියල් ට්‍රිලියන 1,186 ක් බව ඒ මහතා වැඩිදුරටත්…
ලංකා දුම්කොළ සමාගමේ 2016 මුල් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා නොබෝදා එළිදක්වන ලදී. මෙහි ඇති විශේෂත්වය නම් 2016 මුල් මාස 03 තුළ දී රුපියල් බිලියන 25.6 ක් බදු වශයෙන් රජයට ගෙවා තිබීමයි. මෙය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 20% ක ඉහළ බදු ගෙවීමකි. සමාගමේ සමස්ත බදු ගෙවීමෙන් පසු ලාභය 2016 මුල් කාර්තුවේ දී…
2016 වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 132ක සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වූ ගිවිසුම්වලට අත්සන් තබා අවසන් බව ජාතික ප්‍රත්පත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි. ග්‍රාමීය සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පානීය ජල යෝජනා ක්‍රම, මාර්ග සංවර්ධනය, ග්‍රාමීය රෝහල් නවීකරණය, කෘෂි අපනයන භෝග ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම, අධිවේගී මාර්ග සහ ගුවන් තොටුපොල සංවර්ධනය මෙම ව්‍යාපෘති…
හොණ්ඩා මෝටර් රථ සඳහා යොදා ගනු ලබන වායු බැලූනවල ගැටළුකාරීත්වයක් මතුව ඇති බවට වාර්තා වේ. විදෙස් වාර්තා සඳහන් කරනුයේ අනතුරු සිදුවන අවස්ථාවන් හිදී වායූ බැලූන පුපුරා යාම හේතුවෙන් මේ දක්වා ලොව පුරා මරණ 10 කට වඩා වාර්තා වී ඇති බවයි. මෙහි ආසන්නතම මාරාන්තික රිය අනතුරු දෙක පසුගිය අප්‍රේල් 15 සහ මැයි 01 දිනවල මැලේසියාවේ දී…
2016 ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2015 ජනවාරි මාසයේ දී වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 523.5 සිට ඩොලර් මිලියන 563.4 දක්වා 7.6% කින් වර්ධනය වී තිබේ. 2015 ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ පහත වැටීම මෙම වර්ධනයට යම් ප්‍රමාණයකට හේතු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී. කෙසේ වෙතත්…
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි භාණ්ඩ මිල අඛණ්ඩව පහළ යෑමට සමගාමීව 2016 ජනවාරි මාසයේ දී අපනයන ආදායම අඛණ්ඩව 11 වන මාසයටත් අඩු වී තිබේ. මේ අනුව පෙර වසරට සාපේක්ෂව 2.5% කින් එක්සත් ජනපද ඩොලර් මිලියන 894 දක්වා අපනයන ආදායම පහළ බැස තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් අපනයන ආදායම පහළ යෑම කෙරෙහි බලපා ඇත්තේ ඛනිජ තෙල් නිෂ්පාදිත, මැණික්, දියමන්ති හා…
පසුගිය ඉරිදා දිනට යෙදුණු ලෝක මව්වරුන්ගේ දිනය (2016.05.08) නිමිති කොට ගෙන ඉරිදා මව්බිම පුවත්පතෙහි නම ‘මව්දින‘ ලෙස නම වෙනස් වී තිබුණි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජාතික පුවත්පතක් වන මව්බිම පුවත්පත, මෙම නිර්මාණශීලී තීරණයට එළැඹ තිබුණේ ‘ට්‍රයඩ්‘ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ අදහසක් අනුවය. ජාතික පුවත්පතක නමක් වෙනස් වූ ප්‍රථම අවස්ථාව මෙය වන බැවින් මෙම තීරණය අනිවාර්යෙන්ම ඉතිහාසයට එක්වනු…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා එළිදක්වන ලද දත්ත වාර්තාවලට අනුව 2016 මැයි 05 දින දක්වා කාලය පුරාවට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 1.1% කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබේ. මෙහි ඇති වඩාත් ඛේදජනක තත්ත්වය නම් සෙසු විදේශ විනිමයන් සැලකීමේ දී ශ්‍රී ලංකා රුපියලේ වැඩි වශයෙන් අවප්‍රමාණය වී ඇත්තේ ජපන් යෙන්වලට එරෙහිව වීමයි. වසරේ මුල්…
ඩර්ඩන්ස් රෝහලේ 5 වැනියට විශාලතම කොටස් හිමියා වූ The Ceylon Guardian Investment Trust PLC සිය කොටස් හිමිකාරීත්වය මුළුමනින්ම අද (09) දිනයේ දී විකුණා දමනු ලැබීය. ඩර්ඩන්ස් රෝහලේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 2.03% කට The Ceylon Guardian Investment Trust PLC හිමිකම් කියූ අතර මේ අනුව අද දිනයේ දී විකුණා දැමූ කොටස් ප්‍රමාණය 518,371 කි. කොටසක් රු. 95.00…
තානාපති මිලාන් හොවොර්කාගේ ප්‍රධානත්වයෙන් යුතු චෙක් ජනරජයේ ව්‍යාපාරික දූත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. Viktovice Power Engineering, Eldis, Fans, Skoda Doosan Power සහ Techno export යන චෙක් සමාගම්වල ප්‍රධාන පෙළේ නියෝජිතයෝ පිරිසක් මීට එක්ව සිටියහ. ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය හා චෙක් ව්‍යාපාරික දූත පිරිස අතර හමුවක් පසුගිය දා පැවති අතර ජල විදුලි, ගුවන්තොටුපළ සඳහා…
Video Story