Top News

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 3 ක ණයක්

මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙහි ලා ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වී තිබේ. පසුගිය දා ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර පැවති 49 වැනි ආසියානු සංවර්ධන බැංකු මුදල් ඇමතිවරුන්ගේ සමුළුවේ දී මේ සඳහා වන ණය ගිවිසුම් එකඟතාවයට පැමිණ ඇත. මීට අමතරව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වෙනම…

(0)Comments | May 9, 2016 4:50 am

HSBC ශ්‍රී ලංකාව Up කරයි

HSBC විසින් සිදුකරනු ලබන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල දී ශ්‍රී ලංකාව negative ලැයිස්තුවේ සිට positive ලැයිස්තුව දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඩොලර් බිලියන 1.5 ණය සඳහා ගිවිසුම්ගත වීම හේතුකොට ගෙන රටේ විදේශ විනිමය සංචිතවල වර්ධනයක් සිදුවීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ නවතා තිබෙන ඉදිකිරීම් ව්‍යාපෘති…

(0)Comments | May 7, 2016 2:45 pm

පසුගිය මුල්‍ය වසර තුළ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය සැලකිය යුතු වර්ධනයක් වාර්තා කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය සාධනය පසුගිය මූල්‍ය වසර හා සැසඳීමේ දී 2016 මාර්තු මස 31 වැනිදා අවසන් වූ මූල්‍ය වසර තුළ විශේෂ වර්ධනයක් (විගණනය නොකළ මූල්‍ය වාර්තා ආශ්‍රයෙනි) වාර්තා කර ඇති බව ගුවන් සමාගම දැනුම් දෙයි. කෙසේ වෙතත් ගුවන් සමාගම තවමත් නොවිසඳූ බාධක මධ්‍යයේ තම මෙහෙයුම් කටයුතු ඉදිරියට සිදුකරනු ලබයි. ගුවන් ගමන් ව්‍යාපාරයේ සංකීර්ණත්වය සැළකිල්ලට…

(0)Comments | May 6, 2016 1:01 pm

2015 වසරේදී ලොව ගුවන් සේවාවන් ගමන් මලූ හැසිරවීමේදී පැහැදිලි ප්‍රගතියක් පෙන්නුම් කරයි

ගමන් මලූ හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ගුවන් සේවාවන් ගන්නා උත්සාහය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසර ගමන් මලූ හැසිරවීමේ දෝෂ අවම ප්‍රමාණයක් වාර්තා වූ වසරක් බවට පත්විය. SITA Baggage Report 2016 වාර්තාවට අනුව 2015 වසරේදී ගමන් මලූ හැසිරවීමේ දෝෂ වාර්තා වූයේ මගීන් දහසකට ගමන් මලූ 6.5 ක් වශයෙනි….

(0)Comments | May 6, 2016 12:38 pm

ලබන සතියේ පැවැත්වෙන රජයේ සුරැකුම්පත් වෙන්දේසි මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දශ ලක්ෂ 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් එළඹෙන මැයි 11 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන් යටතේ පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 6000, 12000 හා 12000 යනා දී වශයෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ. මීට අමතරව රුපියල් දශ ලක්ෂ 19,000…

(0)Comments | May 6, 2016 8:43 am

සෞදි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ඒවීම කඩිනම් කිරීමට එරට සූදානම්

නියෝජ්‍ය ඇමති හර්ෂගේ දීර්ඝ කරුණු දැක්වීම ඵල දරයි සෞදි ආරාබියේ සේවයට ගොස් විවිධ හේතූන් නිසා අතරමං වී ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව බොහෝ කාලයක් එරට ශුභ සාධන කඳවුරුවල වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීම සඳහා ඉක්මනින්ම පිටවීමේ බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියක් ඇති කිරීමට සෞදි රජය එකඟතාවයට පැමිණ තිබේ. විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මැයි…

(0)Comments | May 6, 2016 8:42 am

මහ බැංකු වාර්තාව ගැන ප්‍රසිද්ධ දේශනයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වාර්තාව අනුව නිරූපණය වන ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ ප්‍රසිද්ධ දේශනයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශ අධ්‍යක්ෂ කේ.එම්.එම්. සිරිවර්ධන මහතා මෙම දේශනය සිදුකරනු ඇත. 2016 මැයි 10 වන දින සවස 4.30 ට රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි බැංකු අධ්‍යයන…

(0)Comments | May 6, 2016 8:22 am

ෂෙව්රොන් ලාභ 33% කින් නගී

ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී හි 2016 මාර්තු 31 න් අවසන් කාර්තුව වෙනුවෙන් වාර්තා කරන ලද ශුද්ධ ලාභය 33 % කින් ඉහළ ගොස් තිබේ. එහිදී සමාලෝචිත කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 986 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමාගමට හැකි වී ඇත. ගෙවී ගිය මූල්‍ය කාර්තුව වෙනුවෙන් වන මූල්‍ය වාර්තා සමාගම විසින් පසුගිය දා කොළඹ කොටස් වෙළෙඳපොළ…

(0)Comments | May 6, 2016 7:30 am

A ක්‍රිකට් පිලට අවුරුදු තුනකට ලක්ෂ 180 ක්

ශ්‍රී ලංකා A ක්‍රිකට් පිලට ලංකා IOC සමාගම සිදුකරනු ලබන අනුග්‍රාහකත්වයේ වටිනාකම රුපියල් ලක්ෂ 180 ක් බව වාර්තා වේ. මෙය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් 127,000 කි. ඉදිරි වසර තුනක කාලයක් සඳහා මෙම අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා A ක්‍රිකට් පිලට හිමිවන අතර අදාළ ගිවිසුම 2018 වසරේ දී අවසන් වීමට නියමිතය. මෙම කාලය තුළ දී ශ්‍රී ලංකා A…

(0)Comments | May 6, 2016 7:07 am

නව නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන ඇමති මලික් මෙසේ කියයි

ශ්‍රී ලංකාව මේ වන විට නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා සිංගපූරුව, මැලේසියා සහ තුර්කිය වැනි රටවල් වෙත අවධානය යොමු කර තිබෙන බව ජාත්‍යන්තර වෙළෙඳ හා සංවර්ධන උපායමාර්ගික අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවසීය. ඊයේ කොළඹ පැවති ලෝක අපනයන සංවර්ධන සමුළුව, ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. “ශ්‍රී ලංකාව තුළ උද්ධීපිත ආර්ථිකයක්…

(0)Comments | May 6, 2016 5:55 am