නෙස්ලේ ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ Etienne Benet මහතා වෙනුවට සමාගමේ නව සභාපතිවරයා ලෙස සුරේෂ් නාරායනන් මහතා පත්කර තිබේ. Etienne Benet මහතා නෙස්ලේ ලංකා සමාගමේ ස්විට්සර්ලන්ත මූලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා යළිත් අනුයුක්ත කර ඇත. නාරයනන් මහතා මේ වනවිට නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරයි. සුරේෂ් නාරායනන් මහතා පිළිබඳ සවිස්තරාත්මක සටහනක් මෙන්න!
පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර වන කෙරවලපිටියේ සිට කඩවත දක්වා කිලෝ මීටර් 9.32 ක් වන ප්‍රමාණය ඉදිකිරීම සඳහා යන වියදම සියයට 35.9 කින් හෙවත් රුපියල් බිලියන 23.93 කින් අඩුකිරීමට රජය විසින් කර තිබෙන යෝජනා මෙම කොටසේ කොන්ත්‍රාත්කාර සමාගම සම්පූර්ණයෙන්ම පිළි නොගත් බව රජය සඳහන්යි. මෙම කොටස මංතීරු හතරකින් යුක්තව ඉදිකිරීම, කනුමත ඉදිකරන මාර්ගයන්හි දිග අඩුකිරීම,…
ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක, සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී පෙරේරා යන අය බව සඳහන්ය. විදෙස් සමාගමකින්…
ගුවන් සේවා අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ආනන්ද විමලසේන මහතා පත්කර තිබෙන අතර ඔහු මීටර පෙර ගුවන් තොටුපොළ සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙසත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. හෙතෙම වෘත්තියෙන් ගණකාධිකාරීවරයෙකි.
රේගු බදු වැඩිකිරීම නිසා සුසුකි, හොන්ඩා සහ නිසාන් මෝටර් රථවල මිල ගණන්ද විශාල ලෙස වැඩිවී තිබේ. මේ අනුව, HUSTLER HYBRID 650 CC රථයක මිල රුපියල් 273,000 කින් වැඩිවී තිබෙන අතර WAGON R HYBRID 650 CC රථයක මිල රුපියල් 210,000 කින්ද, EVERY PETROL VAN 650CC රථයක මිල රුපියල් 875,000 කින්ද, EVERY 2015 VAN 650CC රථයක මිල…
ජේ.බී. ස්ටොක්බ්‍රෝකර්ස් (JB Stockbrokers) සමාගම විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ මෙතෙක් ලංකාව තුළ මාසයකදී ලියාපදිංචි වූ වැඩිම විද්‍යුත් වාහන ප්‍රමාණය පසුගිය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වූ බවයි. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී විද්‍යුත් වාහන 471 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන අතර ගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි වී තිබුණේ විද්‍යුත් වාහන 15 ක්…
ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන ටී.ජී. ජයසිංහ මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් එස්.එම්.එස් හොල්ඩින්ග්ස් සමාගමේ සභාපතිවරයා වන ෂෙහාන් සෙනෙවිරත්න මහතා ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ (Ceylon Petroleum Storage Terminals LTD) සභාපතිවරයා ලෙසත් පත්කර තිබේ. ටී.ජී. ජයසිංහ මහතා මූල්‍ය කොමිසමේ (Finance Commission of Sri Lanka) හිටපු ලේකම්වරයෙකු වන අතර තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිසමේ…
ලාෆ්ස් ගෑස් පී.එල්.සී. සමාගම විසින් බංග්ලාදේශයේ ක්‍රියාත්මක PETREDEC ELPIJI LIMITED සමාගමේ සියයට 69 ක කොටස් ඩොලර් මිලියන 18.75 කට මිලදීගෙන ඇත. මේ අනුව, ලාෆ්ස් විසින් මෙම සමාගමේ මිලදීගෙන තිබෙන සාමාන්‍ය කොටස් ප්‍රමාණය මිලියන 1.8 කි. PETREDEC ELPIJI LIMITED සමාගම විසින් බංග්ලාදේශයේ එල්.පී. ගෑස් ව්‍යාපාරික කටයුතු සිදු කරයි.
මෝටර් රථවල මිල වැඩිවීම ක්‍රියාත්මක වීමට පෙර මෝටර් රථ මිලදී ගැනීමට තිබෙන දැඩි උනන්දුව පෙන්නුම් කරමින් එක් මාසයක් තුළ මෙරට වැඩිම මෝටර් රථ ගණනක් ලියාපදිංචි වූ මාසය බවට පසුගිය සැප්තැම්බර් මාසය පත්ව තිබේ. මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී මෝටර් රථ 14,301 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන බව නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙය මසක්…
Video Story