2025 අප්‍රේල් 23 දින රු. මිලියන 115,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී. එහිදී දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිළිවෙලින් රු. මිලියන 30,000ක්. රු. මිලියන 60,000ක් හා රු. මිලියන 25,000ක් බැගින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත්,…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දෙවන වසරටත් 2024 දී ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානලාභී ආයතනය’ ලෙස LMD වෙතින් ශ්‍රේණිගත කර ඇත. LMD සඟරාවට අනුව, එම සඟරාවේ පර්යේෂණ සහ සත්‍යාපන ක්‍රමවේදය සලකා බලන විට කොමර්ෂල් බැංකුව සම්මාන 115ක් ලබා ගනිමින් මෙරට ආයතනික අංශයේ සම්මානලාභි දැවැන්තයින්ගේ ලැයිස්තුවේ ඉහළින් ම සිටියි. “අපගේ පර්යේෂණ මගින්…
වසර හතරක් තුළ වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 මාර්තු මාසයේ දී 63.9ක් දක්වා ඉහළ ගියේය. උත්සව සමයේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ යෑමෙන් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදුවූ සැලකිය යුතු වර්ධනය පිළිබිඹු කරමින් සියලුම උප දර්ශක පසුගිය මාසයට සාපේක්ෂව ඉහළ ගියේය. විශේෂයෙන්, ආහාර පාන සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන…
අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ දී 93,915ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ 7,585ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි දිනය ලෙස අප්‍රේල් 12 වන දා…
මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයයට පැමිණ තිබේ. ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්…
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර කිරි සහ යෝගට් සඳහා වන වැට් බද්ද ඉවත් කර ඇති බවය. ඒ සඳහා…
දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 99.68කින් ඉහළ ගොස් ඒකක 15,625.88 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 29.95කින් ඉහළ ගොස් ඒකක 4,644.49 ක් ලෙසින් සටහන්ව තිබුණි. මිල දර්ශකවල ඉහළ යාමක් වාර්තා වුවද අද…
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය හේතුවෙන් පසුගිය දින 06ක කාලය තුළ අධිවේගී මාර්ගය හරහා රුපියල් මිලියන 273ක ආදායමක් උපයාගෙන ඇත. අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පැවසුවේ, එම කාල සීමාන තුළ වාහන හත්ලක්ෂ අසූහත්දහසක් පමණ අධිවේගී මාර්ගය භාවිතා කර ඇති බවයි. තව ද ඊයේ (15)…
සේවක අර්ථසාධක අරමුදල 2024 වසර අවසානයේ දී විශ්‍රාම අරමුදල් අංශයේ සමස්ත වත්කම්වලින් 81.0%කට හිමිකම් කියමින් සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් එම අංශයෙහි ප්‍රධානත්වය දැරුවේය. සේවක අර්ථසාධක අරමුදලෙහි ශුද්ධ වටිනාකම 2023 වසර අවසානයේ දී වාර්තා කළ රුපියල් බිලියන 3,886.7ට සාපේක්ෂව 2024 වසර අවසානය වන විට රුපියල් බිලියන 4,375.7 දක්වා වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත 12.6%කින් සැලකිය යුතු ලෙස වැඩි…
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති තීරු බදු කිසියම් ප්‍රමාණයකින් ලිහිල් කර ගැනීමට හැකි වුව ද, 25%ක් 30%ක් වැනි මට්ටමක තීරු බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වීම ද මෙරටට ගැටළුවක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඇමරිකානු නව තීරුබදු පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමිණි. හිටපු ජනාධිපති වරයා විසින් පෙන්වා දෙන්නේ…
Video Story