ඇඟලුම් අපනයනයේ මෙරට දැවැන්තම සමාගම් සමූහයක් වන MAS හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති මහේෂ් අමලියන් මහතා ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබේ. මීට පෙර, ඩයලොග් සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා එම ධූරයෙන් ඉවත් වීමෙන් පසුව මෙම පත්කිරීම සිදුකර ඇත.
මේ මාර්තු මාසයේදී බැංකු අංශයෙන් පුද්ගලික අංශය ලබාගන්නා ණය ධනාත්මක වර්ධනයක් තිබීම හමුවේ වාණිජ බැංකුවල පොලී අනුපාතය තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනස් නොකිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කරයි. මේ අනුව, මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය තවදුරටත් සියයට 6.5 ක් සහ සියයට 8.0 ක් ලෙස නොවෙනස්ව පවතින බව මහ බැංකුව සඳහන්…
අද සමස්ත මිල දර්ශකය ඒකක 4.05 කින් ඉහළ ගොස් ඒකක 6,319.24 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 6.38 කින් පහළ ගොස් ඒකක 6,319.24 ක් විය. සෙලින්කෝ ඉන්ෂුවරන්ස් කොටස් මිල සියයට 5.4 කින් ඉහළ ගොස් රුපියල් 13.50 ක්ද, ඩයලොග් ආසිආටා කොටස් සියයට 3.2 කින් ඉහළ ගොස් රුපියල් 9.80 ක්ද, කැපිටල් ඩෙවලොප්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කොටසක්…
පසුගිය මැතිවරණයේදී උදය ගම්මන්පිළ මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතාවගෙන් මුදල් සම්මාදම් කළ අතර එහි ගිණුම් වාර්තා සති දෙකකින් පෙන්වන බව කිව්වද තවමත් ඒවා එළි දක්වා නොමැත. මේ පිළිබඳව අපි ඔහුගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මේ සඳහා මාධ්‍යයේ අවධානය දිනා ගැනීමට සුදුසු වාතාවරණයක් පසුගිය කාලයේදී නොතිබූ නිසා අදාළ ගිණුම් වාර්තා එළි නොදැක්වූ බවයි. පසුගිය…
ඉන්දීය නව අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝඩිගේ ආර්ථික ප්‍රතිපත්ති තවමත් පැහැදිලිවම අනාවරණය නොවුණත් ඔහු විසින් ලංකාව සමග වඩාත් ශක්තිමත් සබඳතා පැවැත්වීමට සූදානම් යැයි කර තිබෙන ප්‍රකාශය ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට වඩාත් වැදගත් වන්නක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඉන්දියාවේ මධ්‍යම පාන්තික ජනතාව ශීඝ්‍රයෙන් ඉහළ…
තරු දේශපාලනය ලංකාවේ මෙන්ම ඉන්දියාවේද ප්‍රකට එකකි. කෙසේවෙතත්, අනාවරණය වන්නේ මෙවර ඉන්දීය මහ මැතිවරණයේදී ජනප්‍රිය තරු ගොන්නක් පරාජයට පත්ව තිබෙන බවයි. කලක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු මෙන්ම නායකයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් අසාරුඩීන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ අතර ඔහුට ලැබී ඇත්තේ අන්ත පරාජයකි. මේ අනුව, රාජස්ථානයේ Tonk-Sawai Madhopur ආසනය වෙනුවෙන් කොංග්‍රස් පක්ෂය යටතේ තරග…
Macksons Holdings සමාගමට අයත් Macksons Properties සමාගම විසින් කොළඹ 03, කොල්ලුපිටියේ කාමර 100 කින් යුක්ත සුඛෝපභෝගී හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹෙයි. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 412 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙරට හෝටල් කාමර ප්‍රමාණය වැඩි කිරීම සඳහා සැලසුම් සකස් කර තිබෙන අතර…
කඩදාසි, කාඩ්බෝඩ්, කාඩ්බෝඩ් ටියුබ් වැනි සරල අමුද්‍රව්‍ය යොදා ගනිමින් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශ වලට අවශ්‍ය ගෘහ නිර්මාණ සිදුකරන 57 හැවිරිදි ජපාන ගෘහ නිර්මාණ ශිල්පියෙකු ගෘහ නිර්මාණ ශිල්පීන් සඳහා පිදෙන ලෝකයේ උසස්ම සම්මානය වන Pritzker Prize නැමති සම්මානයෙන් මෙවර පිදුම් ලබා තිබේ. මෙහි සුවිශේෂීත්වය වන්නේ ෂිගෙරු බෑන් නම් මෙම ගෘහ නිර්මාණ ශිල්පියා විසින් සුනාමියෙන් විනාශ වූ කිරින්ද…
නරේන්ද්‍රසිං මෝඩි චීන මිතුරෙකු නිසා ඉන්දියාව සහ චීනය අතර තිබෙන දුරස්භාවය අඩුවී ඉන්දියාව ඉදිරියේදී චීනය සමග වඩාත් සබඳතා තර කරගනු ඇතැයි විශ්වාසය පළවී ඇත. මෝඩි ගුජරාටයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ අවදියේදීම චීනය ඔහු සමග සමීප සබඳතා ගොඩනගාගෙන තිබේ. දේශපාලන විචාරකයින් පවසන්නේ මෝඩිගේ දේශපාලන ඉදිරිගමන දුටු චීනය විසින් උපාය මාර්ගික අරමුණෙන් ඔහු සමග සබඳතා තර…
ජාතික සංවර්ධන බැංකුව විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් හෙළිවන්නේ 2014 මාර්තු කාර්තුවේදී බැංකුවේ ලාභය සියයට 135 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.19 ක්වී තිබෙන බවයි. මේ අනුව, මෙම කාර්තුවේදී බැංකුව කොටසකට අදාළව රුපියල් 29.66 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර ශුද්ධ පොලී ආදායම සියයට 16 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.86…
Video Story