Top News

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ බැංකු කරුවෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන කේ.ජී.ඩී.ඩී.ධීරසිංහ මහතා හෙට සිට බලපැවැත්වෙන පරිදි පත්කළ බව කොමර්ෂල් බැංකුව කියයි. බැංකු ක්ෂේත්‍රය පිළිබඳව වසර 37 ක පමණ අත්දැකීම් ඇති ධීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද කටයුතු කළේය. මීට අමතරව, එම්.පී. ජයවර්ධන මහතා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර…

(0)Comments | July 28, 2014 12:58 pm

Dunamis Capital ණයකර නිකුතුව උතුරයි

රුපියල් බිලියනයක් රැස්කිරීම සඳහා එකක් රුපියල් 100 ක් බැගින් Dunamis Capital පී.එල්.සී. සමාගම විසින් නිකුත්කළ මිලියන 10 ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවෙයි. මේ අනුව, නිකුතුවේ කළමනාකරුවන් විසින් දැනුම් දී තිබෙන්නේ අද පස්වරු 4.30 ට මෙම නිකුතුව අවසන් කරන බවයි. නිකුතුව සඳහා රුපියල් බිලියනයක් ඉක්මවා යන අයදුම් පත් ලැබී ඇතැයි සඳහන්ය.

(0)Comments | July 28, 2014 5:29 am

දිනේෂ් වීරක්කොඩි කොමර්ෂල් ලොකු පුටුවට සමුදෙයි

කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ස්ටෙෆාන් වීරක්කොඩි මහතා 2014 ජූලි 28 වනදා සිට එම තනතුරෙන් ඉවත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත බැංකුව නිවේදනය කර තිබේ. වීරක්කොඩි මහතා ජූලි 28 වනදා වනවිට බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වී වසර 09 ක් සපුරන බවත් ඔහු බැංකුවේ සභාපති තනතුරට අමතරව අධ්‍යක්ෂ තනතුරටද සමුදෙන බවත් සඳහන්ය.

(0)Comments | July 25, 2014 2:55 pm

පී.සී. හවුස් කුට්ටියක් Redington Global අතට

Redington Global (Private) Limited නම් සමාගම විසින් පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ ඡන්ද සහිත සාමාන්‍ය කොටස් මිලියන 27.2 ක් අද මිලදීගෙන තිබේ. මෙම මිලදී ගැනීමට පෙර මෙම සමාගමට පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් හි, කොටස් මිලියන 17.8 ක් අයත්ව තිබුණු අතර මෙම මිලදී ගැනීමෙන් පසුව පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් වලින් සියයට 17.9 ක් අයත් වන්නේ මෙම සමාගමටයි.

(0)Comments | July 25, 2014 2:31 pm

විදේශිකයින්ට ඉඩම් විකිණීම තහනම්. දකුණු අප්‍රිකාවත් අළුත් මාවතකට

විදේශිකයින්ට ඉඩම් අලෙවි කිරීම තහනම් කිරීමට දකුණු අප්‍රිකානු රජය තීන්දු කර තිබෙන අතර වාර්තා වන්නේ මේ වනවිට ඔප්පු සහිත ඉඩම් හිමි විදේශිකයින්ගේ ඉඩම් නැවත අත්පත් කර නොගැනීමට මෙහිදී තීන්දු කර තිබෙන බවයි. මෙම තීරණයේ අදහස වන්නේ විදේශිකයින් ඉඩම් මිලදී ගැනීම නතර කරමින් අවම වශයෙන් අවුරුදු 30 ක හෝ කල්බදු පහසුකම් මත ඉඩම් ලබාගැනීමට ඔවුන් යොමු…

(0)Comments | July 25, 2014 9:12 am

මැක්ඩොනල්ඩ්ස් චිකන් නගට්ස් ප්‍රශ්නයක පැටලේ

ක්ෂණික ආහාර සමාගම් සඳහා කල් ඉකුත් වූ මස් අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙන චීනයේ Husi Food සමාගමෙන් කුකුළු මස් හා ඌරු මස් ලබාගැනීම නිසා ලොව සුපතල මැක්ඩොනල්ඩ්ස් සමාගම හොංකොං හි, චිකන් නගට්ස් සහ තවත් නිෂ්පාදන කිහිපයක් අලෙවි කිරීම අත්හිටුවා තිබේ. චීනය විසින් මේ වනවිට ෂැන්ග්හයි නුවර කේන්ද්‍ර කරගත් Husi Food සමාගමේ මෙහෙයුම් කටයුතු…

(0)Comments | July 25, 2014 8:37 am

කොට්ටාවට බැංකු කළාපයක්

කොට්ටාව නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට කොට්ටාව නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර තුනහ මාරක පමණ ඉඩමක් බැංකු කාර්යාල පිහිටුවීම සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එන්.පී.කේ. රණවීර මහතා මෙසේ පැවසීය. “කොට්ටාව නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට…

(0)Comments | July 24, 2014 1:36 pm

දෙරණ මාධ්‍ය ජාලයේ අලවි සහ විකුණුම් අධ්‍යක්ෂවරයා ප්ලැටිනම් සම්මානයෙන් පිදුම් ලබයි

පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමයේ (PIM Alumni) 2014 ප්ලැටිනම් ගෞරව සම්මාන ප්‍රදානය (Platinum Honours) කොළඹදී ඊයේ පැවැති අතර එහිදී ව්‍යාපාර කළමනාකරණයේ විශිෂ්ටයින් අගයා සම්මාන පිරිනැමීය. ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ප්ලැටිනම් සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ දෙරණ මාධ්‍ය ජාලයේ සමූහ අධ්‍යක්ෂ අලවි සහ විකුණුම්, තුෂාර පෙරේරා මහතා, මැලිබන් බිස්කට්ස් සමාගමේ අලවි සහ විකුණුම් ප්‍රධාන විධායක නිළධාරී,…

(0)Comments | July 24, 2014 1:35 pm

මගීන් 110 ක් සමග තවත් ගුවන් යානයක් අතුරුදන්

මගීන් 110 ක් රැගත් එයාර්බස් A320 ඇල්ජීරියානු ගුවන් යානයක් රේඩාර් සංඥාවන්ගෙන් මිදී අතුරුදන්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ගුවන් යානය Air Algerie සමාගමට අයත් වන්නක් වන අතර යානය අද උදෑසන ගුවන් ගතකර විනාඩි 50 කින් පමණ රේඩාර් සංඥාවන්ගෙන් මිදී තිබෙන බව සඳහන්ය. AH5017 අංකය දරන මෙම යානය බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝ සිට ගමන් කර…

(0)Comments | July 24, 2014 10:23 am

ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් විසන්ධි කර ඇත. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook  සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි. තමන්ගේ…

(0)Comments | July 24, 2014 4:09 am