Top News

ඉතිහාසයේ පළමු වතාවට සංචාරකයින් ලක්ෂ දොලහේ සීමාව පනී

මේ වසරේ මුල් මාස දහය තුළදී මෙරට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට දොලොස් ලක්ෂය ඉක්මවා තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ ප්‍රමාණය දැවැන්ත ආකාරයෙන් වර්ධනය වීමයි. මේ අනුව, 2014 ඔක්තෝම්බර් දක්වා මුල් මාස දහය තුළදී මෙරටට සංචාරකයින් 12,28,754 ක් පැමිණ තිබෙන අතර ගිය…

(0)Comments | November 7, 2014 6:31 am

ප්‍රකට ආයෝජක සෙන්තිල්වේල්, වැලිබල් පවර් බලය තරකළ හැටි මෙන්න!

කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ටී. සෙන්තිල්වේල් මහතාට මේ වනවිට ධම්මික පෙරේරා මහතා නායකත්වය ලබාදෙන වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් වලින් සියයට 14.432 ක් අයත් වේ. පසුගිය නොවැම්බර් 04 වනදා සෙන්තිල්වේල් මහතා මෙම සමාගමේ කොටස් මිලියන 105.8 ක් මිලදීගැනීමත් සමග මේ ආකාරයෙන් කොටස් හිමිකම ඉහළ ගොස් ඇත. සෙන්තිල්වේල් මහතාට මේ වනවිට වැලිබල් පවර්…

(0)Comments | November 7, 2014 5:45 am

UDA සභාපති අනාගත සැලසුම් හෙළි කරයි. ගෆූර් ගොඩනැගිල්ල ජුනි 20 වනදා හෝටලයක් වෙයි

නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කරමින් තිබෙන කොළඹ කෙලින් වීදියේ පිහිටි ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල නාගරික හෝටලයක් ලෙස ලබන ජුනි 20 වනදා විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා කියයි. අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග සම්බන්ධ වෙමින් නිමල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ මෙසේයි. “ගෆූර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස…

(0)Comments | November 7, 2014 4:32 am

බ්‍රවුන්ස්ට අයත් Sheraton Kosgoda Turtle Beach Resort කළමනාකරණය විදෙස් සමාගමකට

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් සමාගම විසින් තමන්ට අයත් කොස්ගොඩ පිහිටි තරු පහ පන්තියේ කාමර 172 කින් සමන්විත සුඛෝපභෝගී Sheraton Kosgoda Turtle Beach Resort හෝටලය කළමනාකරණය කිරීම සඳහා ලොව සුපතල Starwood Hotels & Resorts සමාගම සමග ගිවිසුමකට එළඹෙයි. මෙම ගිවිසුමට අනුව Starwood Hotels & Resorts වෙත කොස්ගොඩ පිහිටි Sheraton Kosgoda…

(0)Comments | November 5, 2014 1:02 pm

මර්චන්ට් බැංකුවේ බිලියන දෙකේ සිහිනය ගොඩේ ගොඩ

එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව අද විවෘත කළ බැඳුම්කර නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ. මේ අනුව, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සඳහන් කර තිබෙන්නේ මෙම නිකුතුව අද පස්වරු 4.30 ට අවසන් වන බවයි. මෙම නිකුතුව කළමනාකරණය කළේද ශ්‍රී…

(0)Comments | November 5, 2014 9:21 am

ඉල්ලීම් ඉටුවෙයි. ගුවන්තොටුපොළේ වර්ජනය අවසන්

සිය ඉල්ලීම් දින වකවානු සහිතව ඉටුකිරීමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ඇතුළු බලධාරීන් ලබාදුන් පොරොන්දුව මත වර්ජනය අත්හළ බව ගුවන්තොටුපොළ නිදහස් සේවක සංගමයේ සභාපති එන්.ඩබ්ලිව්.බී.මුහන්දිරම් මහතා පවසයි. ඒ අනුව ගුවන් තොටුපළේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කිරීමට සුදානම් බව හෙතෙම කියයි. ඉල්ලීම් 05 ක් මුල් කරගනිමින් ගුවන්තොටුපළ නිදහස් සේවක සංගමය අද පෙරවරු 9…

(0)Comments | November 5, 2014 7:53 am

Breaking News- සේවක වර්ජනයෙන් ගුවන් ගමන් වලට බාධා

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පිරිසක් විසින් මේ වනවිට ආරම්භ කර තිබෙන වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා ඇතිව තිබෙන බව අනාවරණය වේ. ගුවන් තොටුපොළේ සිටින අපගේ වාර්තාකරුවන් දැනුම් දුන්නේ ලංකාවෙන් පිටතට පියාසර කරන ගුවන් ගමන් වලට වැඩි බාධාවක් ඇතිව තිබෙන නමුත් ලංකාවට පැමිණෙන ගුවන් යානා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි. කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා…

(0)Comments | November 5, 2014 5:40 am

විදෙස් ආයෝජකයෙකු ධම්මිකගේ වැලිබල් පවර් වෙතින් නික්මෙයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන කුඩා ජල විදුලි බලාගාර පවත්වාගෙන යන වැලිබල් පවර් එරත්න සමාගමේ දෙවැනි විශාලතම කොටස්කරුවා වන ඒෂියා එනර්ජි මැනේජ්මන්ට් සිස්ටම්ස් (Asia Energy Management Systems) නැමති විදේශීය සමාගම සියයට 21 ක්වූ සිය කොටස් හිමිකම රුපියල් බිලියනයකට ආසන්න මුදලකට අද උදෑසන විකුණා දමා තිබේ. අප සමග අදහස් දක්වමින් වැලිබල් පවර් එරත්න සමාගමේ…

(0)Comments | November 4, 2014 6:51 am

සම්පත් බැංකුව බිලියන 07 ක් රැස් කිරීමේ සූදානමක

මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ. මේ අනුව, මුලින්ම එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 60 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

(0)Comments | November 3, 2014 10:31 am

නේෂන් ට්‍රස්ට් බැංකුවට ටික ටික ඇතුළු වන විදෙස් අරමුදල මෙන්න

ජෝන් කීල්ස් සමූහයට අයත් නේෂන් ට්‍රස්ට් බැංකුවේ තවත් සියයට 5.53 ක කොටස් පසුගියද සිකුරාදා මිලදීගත් HWIC Asia නැමති විදේශීය අරමුදල විසින් නේෂන් ට්‍රස්ට් බැංකුවේ තමන් සතු කොටස් ප්‍රමාණය සියයට 15 ක් දක්වා මේ වනවිට වැඩිකර ගෙන තිබේ. මෙම අරමුදල විසින් 2013 අප්‍රේල් මාසයේදී මුලින්ම නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොටස් මිලදී ගනිමින් බැංකුවේ කොටස් කරුවෙකු බවට පත්විය….

(0)Comments | November 3, 2014 10:19 am