2015 වසර තුළ දී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබා ගත් ණය ද ඇතුළත් මුළු විදේශීය සෘජු ආයෝජන වටිනාකම ඩොලර් මිලියන 1,161 ක් ලෙසින් වාර්තා වන අතර 2014 වසරේ දී අදාළ අගය වූ ඩොලර් මිලියන 1,635 හා සැසඳීමේ දී මෙය සැලකිය යුතු අඩුවීමකි. මේ අතර ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණය ඉවත් කළ පසු විදේශීය සෘජු…
2015 වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 9% කින් අවප්‍රමාණය වී ඇති බව ඊයේ (26) එළිදක්වන ලද 2015 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවෙහි සඳහන් වේ. ඊට අනුව පසුගිය වර්ෂය තුළ දී එක්සත් ජනපද ඩොලරයක් සඳහා රුපියල් වටිනාකම රු. 131.00 සිට රු. 144.10 දක්වා වැඩි වී තිබේ. රජයේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර,…
අපනයන සඳහා වන ගෙවීම් යම් කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවත් එසේ නොකිරීම විනිමය පාලන නීති උල්ලංඝනය කිරීම යටතට ගැණෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 66 වැනි වාර්ෂික වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් පිළිගැන්වූ අතර 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තියට අනුව ගරු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ද පිළිගන්වන ලදී.
දේශීය වෙළෙඳපොළේ තැඹිලි මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ වන විට සාමාන්‍ය ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක මිල රු. 80 ක් පමණ වන බව අද දෙරණ Biz කළ නිරීක්ෂණයක දී තහවුරු කර ගත හැකි විය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී තැඹිලි වෙළෙන්ඳන් කියා සිටියේ විශාල වශයෙන් තැඹිලි අපනයනය කරන බැවින් පිටකොටුව තොග වෙළෙඳපොළ වෙත ප්‍රමාණවත් තැඹිලි…
දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් එලෙසින්ම පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඊයේ (26) සන්ධ්‍යාවේ මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ අනුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 7.50%, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50%…
අද සිට ආයෝජන මණ්ඩලය හරහා බදු සහන ලබා දීම නතර කරනු ලබන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මුදල් අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ආයෝජන මණ්ඩලය යන ආයතන දෙකම බදු සහන ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් කටයුතු කළ බවත්, ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයේ කමිටුවක් හරහා පමණක් මෙම කටයුත්ත සිදුකිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා…
16 වන ලෝක අපනයන සංවර්ධන සමුළුව ‘සාර්ථකත්වය සඳහා වෙළඳාම: සම්බන්ධ වීම, තරග කිරීම, වෙනස් වීම’ යන තේමාව යටතේ 2016 ඔක්තෝබර් මස 12 සහ 13 යන දෙදින තුළ කොළඹදී පැවැත්වීමට යෝජනා වී ඇත. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නියෝජිතායතනයක් වන ජාත්‍යන්තර වෙළෙඳ කේන්ද්‍රය (ITC) ඒකාබද්ධව මෙම සමුළුව…
රුපියල් මිලියන 24,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අප්‍රේල් 28 වන දින පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. 2018, 2020 හා 2022 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 3 ක් යටතේ සිදුකරනු ලබන මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා එක් කාණ්ඩයකට රුපියල් මිලියන 8,000 බැගින් බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය…
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම ලාභදායී ව්‍යාපාරයක් ලෙස පවත්වා ගෙන යාම අරමුණින් හවුල් ව්‍යාපාරයක් සඳහා යොමු වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ සඳහා රජය විසින් ව්‍යාපාරික හවුල්කරුවකු හෝ ආයෝජකයෙකු බලාපොරොත්තුවෙන් පසුවන බව අගමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. අද දින අරලියගහ මන්දිරයේ දී පැවති මාධ්‍ය හමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
Video Story