Top News

ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගාවලිය MSM India සමාගමට

ප්‍රසිද්ධ “Sony Six” ක්‍රීඩා නාලිකාව අයත් MSM India සමාගමට එළඹෙන ශ්‍රී ලංකා-ඉන්දියා ටෙස්ට් තරගාවලියේ වාණිජ අයිතීන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනමා තිබේ. මේ අනුව, මෙම තරගාවලිය ශ්‍රී ලංකාවෙන් පිටතදී රූපවාහිනීය, ගුවන් විදුලිය සහ අන්තර් ජාලය ඔස්සේ විකාශය කිරීමේ අයිතිය හිමිවන්නේ MSM India සමාගමටයි. මීට අමතරව, ඉන්දියානු ටෙස්ට් තරගාවලියේ අනුග්‍රාහකත්ව අයිතියද මෙම සමාගමට පිරිනමා තිබේ….

(0)Comments | July 8, 2015 4:43 am

මහ බැංකුවේ මුදල් මණ්ඩලයට අළුත් පත් කිරීමක්

ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විධායක නිළධාරියෙකු වන ක්‍රිෂාන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර තිබේ. මහ බැංකුව පවසන්නේ මෙම පත්කිරීම ජුනි 24 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිදුකර තිබෙන බවයි. මෙරට තේ කර්මාන්තයේ ප්‍රවීණයෙකු වන පෙරේරා මහතා Forbes and Walker සමූහයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකා…

(0)Comments | July 7, 2015 1:14 pm

කොළඹ කොටස් පොළ ආපදා ප්‍රතිසාධන සැලැස්මක් අත්හදා බලයි

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් සියලු ගනුදෙනු කටයුතු හා CDS ක්‍රියාකාරකම් සහිතව ආපදා ප්‍රතිසාධන සැලැස්මක් ඉතාම සාර්ථකව පසුගියදා අත්හදා බලා තිබේ. ගනුදෙනු කටයුතු හා පසු ගනුදෙනු කටයුතු ආදී සියල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ පරිශ්‍රයෙන් බාහිර ස්ථානයකදී සාර්ථක ලෙස ක්‍රියාකරවීම සිදුවිය. මෙහි සාර්ථකත්වය තුළින් කියාපානුයේ ඕනෑම අවදානම් සහගත අවස්ථාවකදී ව්‍යාපාරික අඛණ්ඩතාව…

(0)Comments | July 6, 2015 9:50 am

ලංකාවට පැමිණීමේදී යළිත් චීනය සහ ඉන්දියාව ඉදිරියෙන්

පසුගිය ජුනි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 2014 වසරේ ජුනි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණයට වඩා සියයට 12 කින් වර්ධනය වී සංචාරකයින් 115,467 ක් පැමිණ ඇත. මෙහිදී, චීනයෙන් සහ ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් ප්‍රමාණය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වේ. මීට අමතරව, මේ වසරේ ජුනි දක්වා මාස 06 ක…

(0)Comments | July 6, 2015 6:07 am

දකුණු අධිවේගියේ අළුත්ම පිම්ම ඇරඹෙයි

දකුණු අධිවේගී මාර්ගය මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද උදෑසන නිළ වශයෙන් ආරම්භ කළේය. කිලෝ මීටර් 75 ක දිගකින් යුතු මෙම කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 45 ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන අතර මේ සඳහා ණය ලබාගන්නේ චීනයෙනි. මෙම කොටස, බෙලිඅත්ත, අන්දරවැව සහ මත්තල හරහා හම්බන්තොට වරාය…

(0)Comments | July 4, 2015 10:50 am

බැඳුම්කර ගනුදෙනුව ඇතුළත් වාර්තාව අධ්‍යනයට ජනාධිපතිවරයාට වගකීමක් තියනවා -ඩිව්

ශ්‍රී ලංකා මහ බැංකුවට සහ එහි අධිපතිවරයාට චෝදනා එල්ල වූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් නිකුත් කර තිබෙන පිටු 447 කින් යුතු සවිස්තර වාර්තාව අධ්‍යනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වගකීමක් ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතා අවධාරණය කළේය. අද කොළඹදී ඔහු පැවසුවේ…

(0)Comments | July 3, 2015 11:26 am

එතනෝල් වලට වැට බැඳීම හමුවේ සුරා බදු ආදායම් නගී

මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන අතුරු වාර්තාවකින් අනාවරණය වන්නේ මේ වසරේ මුල් මාස හතර තුළදී සුරා බදු (Excise duties) ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 49 කින් පමණ රුපියල් බිලියන 33.5 ක් දක්වා වර්ධනය වී තිබෙන බවයි. මෙහිදී, සැර මත්පැන් අලෙවිය මගින් ලබාගත් ආදායම් සියයට 32 කින් වර්ධනය වී තිබෙන අතර මේ…

(0)Comments | July 3, 2015 10:01 am

ධම්මික, ලංකා ටයිල්ස් සම සභාපති වෙයි

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ලංකා ටයිල්ස් සමාගමේ විධායක නොවන සම- සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 2015 ජූලි 01 වනදා සිට මෙම පත්වීම සිදුකර ඇත.

(0)Comments | July 3, 2015 6:41 am

චීනය යළි අවදිවෙයි. ලංකාවේ රැකියා ලක්ෂයක් තැනූ බව කියයි

චීනය විසින් ආධාර ලබාදුන් ව්‍යාපෘතිවල පසුගිය වසර පහක කාලය තුළදී ශ්‍රී ලාංකිකයින් 100,000 ක් පමණ සේවය කළබව ශ්‍රී ලංකාවේ චීන වාණිජ මණ්ඩලයේ (China Chamber of Commerce) ප්‍රකාශක Chen Chuan මහතා සඳහන් කර තිබේ. උදාහරණයක් ලෙස ඔහු පවසන්නේ උතුරේ A9 මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතිය තුළ ශ්‍රී ලාංකිකයින් 4500 ක් පමණ සේවය කළ බවත් එහි චීන ජාතිකයින් සේවය…

(0)Comments | July 3, 2015 4:57 am

ශ්‍රී ලංකන් මෙවරත් වලේ වැටෙයි

නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි. මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම…

(0)Comments | July 2, 2015 12:59 pm