කොළඹ නගරයේ මහල් නිවාසවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 143 ක මුදලක් යෙදවීමට රජය සූදානම් වේ. මේ අනුව, මහල් නිවාස ව්‍යාපෘති 13 ක නිවාස 1,700 ක් සඳහා මෙම ව්‍යපෘතිය මගින් සෙත සැලසෙන බව රජය සඳහන් කර ඇත. බෝලමේසවත්ත නිවාස ක්‍රමය, වේළුවනාරාම නිවාස ක්‍රමය, ඇල්විටිගල නිවාස ක්‍රමය, මල්ලිකාරාම නිවාස ක්‍රමය, සෙන්ට්‍රල් පාර නිවාස ක්‍රමය, කම්මල්වත්ත…
බත්තරමුල්ල අකුරේගොඩ ඉදිකරමින් තිබෙන ආරක්ෂක සේනා මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂාකර බලා වාර්තා කිරීමට රජය විසින් පත්කළ නිළධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ අදාළ ව්‍යාපෘතියේ උපදේශක සේවා සැපයීම සඳහා තෝරාගෙන තිබෙන සමාගමක් පිළිබඳව අවධානය යොමුකර ඇතැයි රජය සඳහන් කරයි. මේ අනුව, තරගකාරී ලංසු කැඳවීමකින් තොරව මෙම සමාගම තෝරාගෙන ඇති බවත් උපදේශක…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් එළි දක්වා තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් අනාවරණය වන්නේ 2015 මාර්තු කාර්තුවේදී අධිකාරියේ ලාභය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 85 කින් පහත වැටී ලාභය රුපියල් මිලියන 199 ක් දක්වා අඩුවී තිබෙන බවයි. මෙම කාර්තුවේදී අධිකාරියේ ආදායම සියයට 80 කින් රුපියල් මිලියන 709 ක් දක්වා පහත වැටී තිබීම කැපී පෙනේ.
ගෞරවණිය ”CIOB Green Mark” සම්මානයෙන් පිදුම් ලැබූ ලංකාවේ පළමු සහ එකම තීන්ත සමාගම බවට නිපොන් තීන්ත සමාගම පත්වෙයි. ගෞරවණීය ”CIOB Green Mark” සම්මානයෙන් පිදුම් ලැබූ ලංකාවේ පළමු සහ එකම තීන්ත නිෂ්පාදන සමාගම බවට නිපොන් පේන්ට් ලංකා සමාගම පසුගියදා පත්වූ අතර සැමවිටම පරිසර හිතකාමී ක‍්‍රමවේදයන් තුළින් සවිබලය ලබන තිරසාර අනාගතයක් වෙනුවෙන් සමාගමේ තිබෙන කැපවීම වෙනුවෙන් හිමිවූ…
ලංකා ඉන්දීය තෙල් සමාගමේ 2015 ජුනි කාර්තුවේ ලාභය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 86 කින් පහළ ගොස් රුපියල් මිලියන 171 ක්වී තිබේ. 2015 ජුනි කාර්තුවේදී ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් අලෙවිකළ ඉන්ධන ප්‍රමාණය සියයට 18.7 කින් පහළ ගොස් තිබෙන අතර ලබා තිබෙන අලෙවි ආදායම රුපියල් බිලියන 17.4 කි. මේ අනුව, මෙම කාර්තුවේදී සමාගම…
ගත්කතුවරයින්, ඉතිහාසඥයින්, කවියන් ඇතුළු සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ දෙස් විදෙස් ප‍්‍රවීණයින් සහභාගී වන සාහිත්‍යය සඳහා ඇලූම්කරන ප‍්‍රජාව ඉමහත් ඕනෑකමින් බලා සිටි මෙරට ප‍්‍රමුඛතම සාහිත්‍යය උත්සවයක් වන ගාලූ සාහිත්‍යය උත්සවය 2016 ජනවාරි 13 වනදා සිට පුරා දින පහක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මෙම උත්සවය මෙවර නම්කර තිබෙන්නේ ‘2016 ෆෙයාර්වේ ගාලූ සාහිත්‍යය උත්සවය’ නමිනි. මෙහි නාම අනුග‍්‍රාහකයා ලෙස…
ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස නිරාජ් දේශාන්ත සිල්වා මහතා 2015 අගෝස්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. ඔහු පිළිබඳ කෙටි විස්තරයක් මෙන්න!
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර අගෝස්තු 08 වනදා ජනතා අයිතියට පත්කිරීමට රජය සූදානම් වේ. මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32 ක් වන කොටසේ වැඩ ආරම්භ…
අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.5 කට අඩුකර ගැනීම, රාජ්‍ය ආයෝජන අඩුම ගණනේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6-8 අතර පවත්වා ගෙන යෑම, පුද්ගලික අංශයේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 22-24 මට්ටමකට ගෙන ඒම දිරිමත් කිරීම, සමස්ත ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 30 කට නැංවීම, 2016-2018 මධ්‍ය කාලීන රාමුව තුළ සියයට 08 කට වැඩි ආර්ථික…
කලක් ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වූ සංජය දිසානායක මහතා මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ තාක්ෂණික නිළධාරියෙකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයත් ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය පිළිබඳවත් ඔහු දැක්වූ අදහස් මෙසේයි.
Video Story