ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය භාරගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයට පැමිණ සිටි ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ අතර මෙහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර එම ඉල්ලීම පිළිබඳව අදහස් දැක්වූයේ නැත.
මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත් විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙසත්, ඩී.එම්. ස්වාමිනාදන් මහතා පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙසත් මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.
මෙරට ප්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ පිට පිටම 11 වන වතාවටත් මේ ජුනි මාසයේදී මෙරට තේ අපනයන අඩුවී තිබේ. ගිය වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව මේ ජුනි මාසයේදී රැසියාවට මෙරටින් අපනයනය කළ තේ ප්‍රමාණය සියයට 29 කින් අඩුවී තිබෙන අතර මැදපෙරදිගට අපනයනය කළ තේ ප්‍රමාණය සියයට 24 කින්…
හිමිකම් නිකුතුවක් ලෙස නව සාමාන්‍ය කොටස් මිලියන 180 ක් සිදුකරමින් රුපියල් බිලියන 3.3 ක මුදලක් රැස්කර ගැනීමට ජනශක්ති රක්ෂණ සමාගම සූදානම් වේ. මෙම හිමිකම් නිකුතුවේදී තිබෙන සාමාන්‍ය කොටස් දෙකක් සඳහා සාමාන්‍ය කොටස් එකක් නිකුත් කිරීමට නියමිතය. මේ වනවිට සමාගමේ කොටස් මිලියන 363 ක් වෙනුවෙන් රුපියල් බිලියන 1.4 ක කොටස් ප්‍රාග්ධනයක් තිබේ. මෙම හිමිකම් නිකුතුවෙන් උපයා…
මූල්‍ය අර්බුදයට පත් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් පී.එල්.සී. (CENTRAL INVESTMENT & FINANCE LIMITED PLC (CIFL) සමාගමේ කලක් සභාපතිවරයා මෙන්ම සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වූ රටින් පිටව ගොස් සිටි චූලක ගුණවර්ධන නොහොත් දීප්ති පෙරේරා නැමැත්තා යළි මෙරටට පැමිණි අවස්ථාවේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
ලාෆ්ස් ගෑස් සමාගමට පූර්ණ අනුබද්ධ ලාෆ්ස් ටර්මිනල් ලිමිටඩ් සමාගම හම්බන්තොට වරායේ එල්.පී. ගෑස් ගබඩා පර්යන්ත ව්‍යාපෘතියක් සිදුකිරීම සඳහා අක්කර 04 කට ආසන්න ඉඩමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමග ව්‍යාපාරික ඒකාබද්ධ ගිවිසුමකට සහ කල්බදු ගිවිසුමකට එළඹ තිබේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳ වැඩිදුර තොරතුරු කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දෙනබව සමාගම සඳහන් කර ඇත.
ඩයලොග් සමූහයේ ගාස්තු අයකරන ඩිජිටල් රූපවාහිනී ව්‍යාපාරික අංශය වන ඩයලොග් රූපවාහිනීයේ ග්‍රාහකයින් ප්‍රමාණය 2015 ජුනි මාසය අවසන් වනවිට 5,34,000 ක් දක්වා වර්ධනය වී ඇතැයි සමාගම සඳහන් කරයි. මෙය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 37 කින් වර්ධනය වීමකි. ඩයලොග් රූපවාහිනිය (DTV) විසින් 2015 පළමු මාස හය තුළදී සියයට 25 ක ආදායම් වර්ධනයක් ලබාගනිමින් රුපියල්…
බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පී.එල්.සී. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස මොහාන් රත්වත්තේ මහතා 2015 අගෝස්තු 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. රත්වත්තේ මහතාට වැවිලි ක්ෂේත්‍රය පිළිබඳව වසර 24 ක පමණ අත්දැකීම් ඇත. ඔහු ගැන තොරතුරු පහත පරිදිවේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික දත්ත ලබාගනිමින් විදේශ ගමන් බලපත්‍රය නිකුත් කිරීම ආරම්භ කරන බව රජය සඳහන් කරයි. මෙම නව සැකැස්මත් සමඟ, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සංචාරක ලියකියවිල්ලක් බවට පත්වන බව රජය පවසා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින්…
චීනයට මෙරට කෙසෙල් අපනයනය කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වේ. චීනය සමග වෙළඳ සම්බන්ධතා පුළුල් කරගැනීම තුළින් කෙසෙල් අපනයනය කිරීමට හොඳ අවස්ථාවක් තිබෙන බව රජය සඳහන් කර තිබේ. මේ සඳහා දෙරටේම ශාක ස්වස්ථතා නීති හා රෙගුලාසි වලට එකඟ වෙමින් චීනයට කෙසෙල් අපනයනය කිරීමටත් කෙසෙල් වගා සහ ඇසුරුම්…
Video Story