Top News

රට හැරගිය බුද්ධිමතුන් ගෙන්වා ගැනීමට වෙනමම කාර්යංශයක්

ශ්‍රී ලංකාවෙන් වෙනත් රට වලට ගොස් සේවය කරන බුද්ධිමතුන්ට නැවතත් මෙරටට පැමිණ සේවය කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේදී ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීම පිළිගෙන මෙරටට පැමිණෙන බුද්ධිමතුන් රතු පලසක් යොදා පිළිගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය. මීට අමතරව, බුද්ධිමතුන් මෙරටට නැවත ගෙන්වා ගැනීම සම්බන්ධීකරණය කිරීමට වෙනමම කාර්යංශයක් පිහිටුවන බවද…

(0)Comments | September 1, 2015 10:18 am

මෙන්න! පුද්ගලික අංශය ණය වුණු හැටි

2015 මුල් මාස හය තුළදී මෙරට පුද්ගලික අංශය විසින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 205 කින් ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. 2014 වසරේ මුල් මාස හය තුළදී පුද්ගලික අංශය ලබාගත් ණය ප්‍රමාණය 2013 අදාළ කාලය සමග සැසඳීමේදී රුපියල් බිලියන…

(0)Comments | September 1, 2015 8:45 am

ඡන්දයෙන් පසු මහ බැංකුවේ අළුත්ම පොලී තීරණය මෙන්න!

වාණිජ බැංකුවල පොලී තීරණය වීමට බලපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතය මේ අගෝස්තු මාසයේදී වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන අතර මෙම පොලී අනුපාත සියයට 6.00 ක සහ සියයට 7.50 ක මට්ටමක තවදුරටත් පවතිනු ඇත. මේ අතර, මහ බැංකුවේ මුදල් මණ්ඩලය (monetary board) විසින් තීරණය කර තිබෙන්නේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (statutory…

(0)Comments | September 1, 2015 3:08 am

කොළඹ වෙන්දේසියේදී තේ මිල යළිත් කඩා වැටේ

මෙරට ප්‍රධාන තේ වෙළඳ පොළවල් වන රුසියාව සහ මැදපෙරදිගින් ඇති ඉල්ලුම අඩුවීම හමුවේ මේ සතියේදීත් කොළඹ වෙන්දේසියේදී තේ මිල ගණන් පහළ ගියබව තැරැව්කාර සමාගම් කියයි. රැසියාවේ රූබලය අවප්‍රමාණය වීම සහ මැදපෙරදිග ඇතිවී තිබෙන අර්බුද ගෝලීය තේ වෙළඳපොළ කෙරෙහි අහිතකර ලෙස බලපා තිබේ. මෙරට ප්‍රධානතම තේ ගැනුම්කරුවන් වන රුසියාවේ සහ මැදපෙරදිග ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ…

(0)Comments | August 28, 2015 8:39 am

ඒෂියා සියක තමන්ගේ ඉඩමක දැවැන්ත ගබඩාවක් තනයි

ඒෂියා සියක කොමොඩිටීස් පී.එල්.සී. සමාගම විසින් එයට අනුබද්ධ Asia Siyaka Warehousing (Private) Limited සමාගම හරහා අති නවීන ගබඩා පහසුකමක් ගොඩනැගීමට සූදානම් වේ. මෙම ගබඩා පහසුකම වර්ග අඩි 100,000 ක ඉඩ පහසුකමකින් යුක්තව Asia Siyaka Warehousing (Private) Limited සමාගමට අයත් ඉඩමක ගොඩනැගීමට නියමිතය.

(0)Comments | August 27, 2015 12:29 pm

LIOC මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් වෙළඳ පොළට

ඉන්දීය තෙල් සමාගමේ මෙරට ව්‍යාපාරික ඒකකය වන ලංකා ඉන්දීය තෙල් සමාගම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ලිහිසි තෙල් (lubricants) වෙළඳ පොළට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින බව එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා අනාවරණය කරයි. මේ පිළිබඳව සිය වාර්ෂික වාර්තාවෙන් කොටස්කරුවන් දැනුවත් කරමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වලේ (Subodh Dakwale) මහතා පවසා තිබෙන්නේ සමාගමේ වර්ධන සැලසුම් දේශීය වෙළඳ පොළ…

(0)Comments | August 26, 2015 7:12 am

රුපියල අවප්‍රමාණයට ඉඩ සැලසීම නුවණට හුරුද?

අනිකුත් රටවල් තම මුදල් අවප්‍රමාණය කරමින් ඔවුන්ගේ අපනයන තරගකාරී කර ගැනීමට උත්සාහ කරද්දී ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කිරීම පිළිබඳව ලංකාව වඩාත් සැලකිල්ලෙන් සිතා බැලිය යුතුබව ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි. පසුගිය රජයේ ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වූ හෙතෙම සඳහන් කරන්නේ අනිකුත් රටවල් සිය අපනයන ඉහළ නංවා ගැනීමට ඔවුන්ගේ මුදල් ඒකක අවප්‍රමාණය…

(0)Comments | August 26, 2015 6:20 am

LOLC සභාපති පුටුවට අළුත් කෙනෙක්

ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ නව සභාපතිවරයා ලෙස රාජා මහින්ද නානායක්කාර මහතා අගෝස්තු 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබේ. සමාගමේ සභාපතිනිය ලෙස කටයුතු කළ ආර්.එල්. නානායක්කාර මහත්මිය එම තනතුරින් විශ්‍රාම ගොස් ඇත.

(0)Comments | August 25, 2015 4:58 am

බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් ධූරය පිළිගන්නැයි සංගාට ජනපතිගෙන් ඇරයුම්

ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය භාරගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රසිද්ධ ඉල්ලීමක් කළේය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගනයට පැමිණ සිටි ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ අතර මෙහිදී අදහස් දැක්වූ කුමාර් සංගක්කාර එම ඉල්ලීම පිළිබඳව අදහස් දැක්වූයේ නැත.

(0)Comments | August 24, 2015 8:07 am

මංගල විදේශ ඇමති. විජේදාස අධිකරණ ඇමති

මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත් විජේදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙසත්, ඩී.එම්. ස්වාමිනාදන් මහතා පුනරුත්ථාපන අමාත්‍යවරයා ලෙසත් මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.

(0)Comments | August 24, 2015 6:28 am