Top News

අශෝක් පතිරගේ ඔඩෙල්හි සම්පූර්ණ බලය අල්ලයි

මෙරට ප්‍රමුඛතම විලාසිතා අලෙවිසැල් ජාලයක් වන ඔඩෙල් සමාගමේ කොටස් අයිතිය සියයට 93.2 ක් දක්වා සොෆ්ට්ලොජික් සමූහය විසින් වැඩිකරගෙන තිබේ. ඔඩෙල්හි සමාරම්භක ඔටාරා ගුණවර්ධන මහත්මිය ඇතුළු පවුලට අයත් සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කට පසුගියදා මෙරට ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ප්‍රධානීත්වය දරණ සොෆ්ට්ලොජික් සමූහය විසින් මිලදීගත් අතර පසුව ඉතිරි කොටස් කරුවන්ගේ කොටස්…

(0)Comments | October 14, 2014 7:12 am

රේණුක හෝල්ඩින්ග්ස් බිලියනයක් ඉල්ලයි

කොල්ලුපිටියේ දේපොළ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට හිමිකම් නිකුවක් මගින් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් රැස්කර ගැනීමට රේණුක හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 21 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 44 ක් සහ එකක් රුපියල් 15 වන සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 6 ක් නිකුත් කරයි. මෙහිදී, තිබෙන සෑම…

(0)Comments | October 13, 2014 12:52 pm

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් ණයකර නිකුතුවක

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පී.එල්.සී. සමාගම ණයකර නිකුතුවක් කරමින් රුපියල් මිලියන 200 ක් රැස්කර ගැනීමට සූදානම් වේ. මෙහිදී, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 02 ක් නිකුත් කර කරන අතර නිකුතුව කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට අවසර ලබාදී ඇත. නිකුතුව ඔක්තෝම්බර් 30 වනදා විවෘත වේ.

(0)Comments | October 13, 2014 12:34 pm

දයා ගමගේ ප්‍රමුඛ බිම්පුත් ෆයිනෑන්ස් විදෙස් ණයක් ගනී

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රධානීත්වය දරණ බිම්පුත් ෆයිනෑන්ස් සමාගම විසින් ක්ෂුද්‍ර මූල්‍යන මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ලක්සම්බර්ග් පදනම් කරගත් අරමුදලකින් ණයක් ලබාගෙන තිබේ. මේ අනුව, සමාගම විසින් Incofin IM’s Rural Impulse Fund S.A. SICAV-FI නැමති අරමුදලෙන් ඩොලර් 750,000 ක ණය මුදලක් ලබාගෙන ඇත. සමාගම විසින් පසුගියදා සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සියයට…

(0)Comments | October 13, 2014 11:36 am

කොළඹ කොටස් පොළේ වසරේ ලොකුම කඩා වැටීම අද

කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය මේ වසරේ වැඩිපුරම පහළ ගිය දිනය ලෙස අද දිනය වාර්තා වූ අතර සමස්ත මිල දර්ශකය අද ගනුදෙනු අවසානයේදී ඒකක 136.78 කින් පහත වැටී ඒකක 7,184.22 ක් විය. ප්‍රතිශතයක් ලෙස මෙම පහළ වැටීම සියයට 1.87 කි. මීට අමතරව, එස් ඇන්ඩ් පී මිල දර්ශකය අද ඒකක 95.47 කින් පහළ ගොස්…

(0)Comments | October 13, 2014 11:19 am

එටිසලාට් ලංකා විකිණීමේ සාකච්ඡා ඉදිරියටම. එයාර්ටෙල් ඉදිරියෙන්

එක්සත් ආරාබි එමිරේට්ස් රාජ්‍යයේ විශාලතම ජංගම දුරකතන සමාගම වන එටිසලාට් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු විකුණා දැමීම සඳහා ජාත්‍යන්තර විදුලි සංදේශ සමාගම් කිහිපයක් සමගම සාකච්ඡා කරමින් සිටින බවත් ඒ අතර ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් සමාගම ඉදිරියෙන් සිටින බවත් වාර්තා වේ. මූලාශ්‍ර උපුටා දක්වමින් මේ බව “ඇරබියන් බිස්නස්“ වෙබ් අඩවිය වාර්තා කර ඇත. 2010 වසරේදී එටිසලාට් ලංකාවේ…

(0)Comments | October 13, 2014 5:04 am

චීන්නු ලක්ෂයයි. තරුණ යුවළට කටුනායකදී මල්මාලා

ප්‍රථම වතාවට වසරක් තුළ චීන සංචාරකයින් ලක්ෂයක් මෙරටට පැමිණීමේ ඓතිහාසික අවස්ථාව අද සනිටුවහන් කරමින් හයොන් සහ චෙන් හුයි හුවා යුවළ අද අලුයම ෂැංහයි නුවර සිට කොළඹට පැමිණි අතර ඔවුන්ව කටුනායක ගුවන් තොටුපොළේදී මහත් හරසරින් පිළිගන්නා ලදී. මොවුන්ට ලබාදෙන තිළිණියක් ලෙස මෙරට හෝටල්වල නවාතැන් පහසුකම් සහ ගුවන් ටිකට් පත් ඇතුළත් මෙරට යළි සංචාරය කිරීමේ දින 05…

(0)Comments | October 11, 2014 9:49 am

සිගරැට් මිල ඉහළට

ලංකා දුම්කොළ සමාගම විසින් සිගරැට් මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, එක් දුම්වැටි විශේෂයක මිල රුපියල් 02 කිනුත් තවත් දුම්වැටි විශේෂයක මිල රුපියලයකිනුත් ඉහළ දැමීමට තීරණය කර ඇතිබව දුම්කොළ සමාගම කියයි. මේ සමග රුපියල් 28 ක්වූ සිගරැට්ටුවක මිල රුපියල් 30 දක්වා ඉහළ යනු ඇත.

(0)Comments | October 10, 2014 7:45 am

MTD Walkers රුපියල් බිලියන 2.3 ක සල්ලි මල්ලක් අභියස

හිමිකම් නිකුතුවක් ලෙස (Rights Issue) කොටස් නිකුතුවක් සිදුකරමින් රුපියල් බිලියන 2.3 ක පමණ මුදලක් රැස්කර ගැනීමට ඉදිකිරීම්, නිෂ්පාදන, සහ ඉංජිනේරු කටයුතු පිළිබඳව දේශීයව මෙන්ම විදේශීයව ප්‍රසිද්ධියක් උසුලන MTD Walkers PLC සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් කොටස් මිලියන 53.2 ක් නිකුත් කරන අතර තිබෙන සෑම කොටස් දහසකටම කොටස් 466 ක් මෙහිදී නිකුත් කරයි. මෙසේ…

(0)Comments | October 10, 2014 4:30 am

ගෑස් මිල රුපියල් 250 කින් පහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 250 කින් අඩු කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද (09) කැලණියේදී පැවැති විශ්‍රාමිකයින්ගේ දින සැමරුම් උත්සවයේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි. ඉකුත් ඌව පළාත් සභා මැතිවරණයට පෙරාතුව චීන ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ජනාධිපති…

(0)Comments | October 9, 2014 8:36 am