Top News

අද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අසාර්ථකයි. ලංසු භාරගැනීම 5%ටත් අඩුයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (09) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු පිළිගැනීමේ සාර්ථකත්වය 5%ක මට්ටමටත් වඩා පහළ බැස ඇති බව වාර්තා වේ. කල්පිරීමේ කාණ්ඩ 3ක් යටතේ පැවති මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 80,000ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා රු. මිලියන 139,309ක ලංසු ලැබී…

(0)Comments | April 9, 2025 4:10 pm

විදෙස් සංචාරකයින් ඉලක්ක කරමින් මැයි අග සිට කොළඹට Night Market එකක්

කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි. අද (09) උදෑසන පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පවසා සිටියේය. ඔහු…

(0)Comments | April 9, 2025 2:10 pm

ඇමරිකානු බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි බලපෑම් අවම කිරීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් විශේෂ සාකච්ඡාවක්

අමෙරිකානු රජය ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදනවලට පැනවූ 44% වාණිජ බදු වැඩිවීම් හේතුවෙන් ශ්‍රී ලංකා අපනයන ක්ෂේත්‍රයට ඇතිවිය හැකි දරුණු බලපෑම් අවම කිරීමේ උත්සාහයන් සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් විශේෂ රැස්වීමක් පසුගිය දින අපනයන සංවර්ධන මන්ඩලයේ  ප්‍රධාන කාර්යාලයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී…

(0)Comments | April 9, 2025 1:22 pm

පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් වුණි. මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී තිබුණු සහන කාලය අවසන් වීමත් සමඟ, ශ්‍රී ලංකා රජය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් කැපවී සිටින…

(0)Comments | April 9, 2025 11:44 am

කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක්

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (Surbana Jurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ අදාළ අමාත්‍යංශ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පැවැත්විණි. කොළඹ මහනගර සැලසුම, නැගෙනහිර සංවර්ධන සැලසුම හා ග්‍රේටර් හම්බන්තොට ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස…

(0)Comments | April 9, 2025 9:17 am

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන…

(0)Comments | April 9, 2025 9:01 am

මහින්ද සිරිවර්ධනගේ “Sri Lanka’s Economic Revival”- Reflection on the journey from crisis to recovery ග්‍රන්ථය ජනපතිට පිළිගැන්වේ

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් රචිත “ Sri Lanka’s Economic Revival” Reflection on the journey from crisis to recovery කෘතිය එළිදැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (08) පෙරවරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේදී පැවැත්විණ. එහිදී එම ග්‍රන්ථයේ පළමු පිටපත මහින්ද සිරිවර්ධන මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වනු ලැබීය.

(0)Comments | April 9, 2025 8:42 am

චීන ආනයනවලට අමෙරිකාවෙන් සියයට 104ක තීරු බද්දක්

චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ. එම බදු සංශෝධනය අද (09) සිට ක්‍රියාත්මක වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීනය ඇතුළු රටවල් කිහිපයකට පැනවූ නව තීරු බදු මේ වනවිට ලොව පුරා දැඩි අවධානය දනවන මාතෘකාවක් බවට පත්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අමෙරිකානු…

(0)Comments | April 9, 2025 8:39 am

ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට නව අපනයන අවස්ථා සොයාගැනීමට ශක්තිමත් වේදිකාවක්

ශ්‍රී ලංකා දූත මණ්ඩල සමඟ ශ්‍රී ලාංකික අපනයනකරුවන් සම්බන්ධ කරන මාර්ගගත සමුළුව සාර්ථකව පැවැත්වේ ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්තය ගෝලීය මට්ටමින් තවත් වර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකික අපනයනකරුවන් හා විදේශයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල නිලධාරීන් ඇතුළු 175 කට වැඩි පිරිසක් සම්බන්ධ කරවමින් මාර්ගගත සමුළුවක් 2025 අප්‍රේල් 7 වැනි දින සාර්ථකව පැවැත්වුණි. 2025 ජනවාරි 27 වැනි…

(0)Comments | April 8, 2025 4:38 pm

කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව තීරුබදු යෝජනා හමුවේ ගෝලීය කොටස් වෙළෙඳපොළ කඩාවැටුණු පසුබිමක, පසුගිය දින තුන පුරාවට දැඩි පසුබෑමකට ලක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (08) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කළේය. ඒ අනුව අද (08) දින තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 467.26 ක් දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඊයේ…

(0)Comments | April 8, 2025 3:23 pm