ෆේස්බුක් ගිණුම, ණය පත් (Credit Card) ඇතුළුව බොහෝ ඩිජිටල් දත්ත (Digital Data) ශ්‍රී ලාංකිකයින් විසින් මේ වනවිට භාවිතා කරයි. කෙසේවෙතත්, මේවා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමත් එම දත්ත අවභාවිතා කළහොත් එයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගත් ඉතා වැදගත් වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තුසිත අබේසේකර මහතා සමග…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 10 නව කාසි මාලාවක් නිකුත් කිරීමට සූදානම් වේ. මහ බැංකුව පවසන්නේ මෙම නව කාසි මෙරට දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් නිකුත් කරන බවත් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත මෙම නව කාසි මුල් වරට ලබන සඳුදා (17) ප්‍රදානය කරන බවයි.
කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 7500 සීමාව පසුකළා. කොටස් වෙළඳ පොළ පර්යේෂණ අංශයේ ප්‍රකාශිකාවක අප සමග සඳහන් කළේ පසුව නැවතත් මිල දර්ශකය සුළු වශයෙන් පහළ ගිය නමුත් ඒකක 7500 ට ආසන්නයෙන් මේ වනවිට තිබෙන බවයි.
ආධ්‍යාත්මික සංචරණ ( Spiritual Tourism) කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වෙමින් තිබෙන බවත් ඒ සඳහා ලංකාවට හොඳ අවස්ථාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ (Sri Lanka Convention Bureau) ප්‍රධාන විධායක නිළධාරීවරයා වන විපුල වණිගසේකර මහතා අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා. එහිදී, ඔහු පැවසුවේ භාවනා වැඩසටහන්…
ජෙට් වින්ග් ව්‍යාපාරික සමූහයට සම්බන්ධ පාර්ශවයන්ට අයත්වූ වසර 35 කට වඩා පැරණි Trade Finance & Investments PLC සමාගමේ සියයට 96.89 ක පාලිත කොටස් ප්‍රමාණය රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලකට පසුගිය අගෝස්තු 04 වනදා මිලදීගත් කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම එම සමාගමේ ඉතිරි කොටස් ප්‍රමාණයද මිලදී ගැනීමට කටයුතු කර තිබේ. මේ අනුව, කොමර්ෂල් ක්‍රෙඩිට් සමාගම විසින් Trade…
මේ වසරේ මුල් මාස දහය තුළදී මෙරට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ඉතිහාසයේ පළමු වතාවට දොලොස් ලක්ෂය ඉක්මවා තිබෙන බව රජයේ නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙහිදී වඩාත්ම කැපී පෙනෙන්නේ ලංකාවට පැමිණෙන චීන සංචාරකයින්ගේ ප්‍රමාණය දැවැන්ත ආකාරයෙන් වර්ධනය වීමයි. මේ අනුව, 2014 ඔක්තෝම්බර් දක්වා මුල් මාස දහය තුළදී මෙරටට සංචාරකයින් 12,28,754 ක් පැමිණ තිබෙන අතර ගිය…
කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ටී. සෙන්තිල්වේල් මහතාට මේ වනවිට ධම්මික පෙරේරා මහතා නායකත්වය ලබාදෙන වැලිබල් පවර් එරත්න සමාගමේ කොටස් වලින් සියයට 14.432 ක් අයත් වේ. පසුගිය නොවැම්බර් 04 වනදා සෙන්තිල්වේල් මහතා මෙම සමාගමේ කොටස් මිලියන 105.8 ක් මිලදීගැනීමත් සමග මේ ආකාරයෙන් කොටස් හිමිකම ඉහළ ගොස් ඇත. සෙන්තිල්වේල් මහතාට මේ වනවිට වැලිබල් පවර්…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කරමින් තිබෙන කොළඹ කෙලින් වීදියේ පිහිටි ඉපැරණි ගෆූර් ගොඩනැගිල්ල නාගරික හෝටලයක් ලෙස ලබන ජුනි 20 වනදා විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා කියයි. අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන සමග සම්බන්ධ වෙමින් නිමල් පෙරේරා මහතා මේ බව සඳහන් කළේ මෙසේයි. “ගෆූර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස…
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් සමාගම විසින් තමන්ට අයත් කොස්ගොඩ පිහිටි තරු පහ පන්තියේ කාමර 172 කින් සමන්විත සුඛෝපභෝගී Sheraton Kosgoda Turtle Beach Resort හෝටලය කළමනාකරණය කිරීම සඳහා ලොව සුපතල Starwood Hotels & Resorts සමාගම සමග ගිවිසුමකට එළඹෙයි. මෙම ගිවිසුමට අනුව Starwood Hotels & Resorts වෙත කොස්ගොඩ පිහිටි Sheraton Kosgoda…
එකක් රුපියල් 100 ක් බැගින් වන බැඳුම්කර මිලියන 20 ක් නිකුත් කිරීම මගින් රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව අද විවෘත කළ බැඳුම්කර නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ. මේ අනුව, ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සඳහන් කර තිබෙන්නේ මෙම නිකුතුව අද පස්වරු 4.30 ට අවසන් වන බවයි. මෙම නිකුතුව කළමනාකරණය කළේද ශ්‍රී…
Video Story