Top News

චෙන්නායි යන ශ්‍රීලංකන් ගුවන්ගමන් ඇන හිටී

හෙට (3) දිනයේ දී චෙන්නායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබෙන UL121, UL127, UL123 සහ UL125 ගුවන් ගමන් වාර අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි. දකුණු ඉන්දියානු කලාපයේ පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා මේ වන විට චෙන්නායි ගුවන් තොටුපළ ගංවතුර තර්ජනයට මුහුණ දී තිබේ. හැකි ඉක්මනින් මෙම ගුවන් ගමන් වාර යළි…

(0)Comments | December 2, 2015 8:05 am

CIMA-LMD සම්මාන රාත්‍රියේ දී හේලීස් අංක එකේ ලැයිස්තුගත සමාගම බවට පත්වෙයි

වසරේ විශිෂ්ටතම ලැයිස්තුගත සමාගම් 20 එළිදැක්වීමේ අතිඋත්කර්ෂවත් උත්සව අවස්ථාව ඊයේ සන්ධ්‍යාවේ කොළඹ දී පැවැත්විණි. LMD හා CIMA එක්ව සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී හේලීස් පීඑල්සී ශ්‍රී ලංකාවේ අංක එකේ ලැයිස්තුගත සමාගම බවට සම්මානයෙන් පිදුම් ලැබීය. මෙහිදී අදාළ සම්මානය, ලංකා වාණිජ මණ්ඩල සභාපති සමන්ත රණතුංග මහතා අතින් හේලීස් පීඑල්සී හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා…

(0)Comments | December 2, 2015 6:00 am

කොමර්ෂල් බැංකුව ණයකර නිකුතුවකට සැරසයි

රුපියල් බිලියන 7 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා ලැයිස්තුගත, අනාරක්ෂිත, ශ්‍රේණිගත, නිදහස් කළ හැකි, යටත් කළ හැකි, ණයකර නිකුතුවක් කිරීමට කොමර්ෂල් බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (30) පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දීය. මේ අනුව රුපියල් බිලියන 5 ක වටිනාකමකින් යුතු ණයකර මුල් අදියරේ දී නිකුත් කරනු ලබන අතර…

(0)Comments | December 1, 2015 9:12 am

කොටස් තැරැව්කාර සමාගම් ඒකාබද්ධ කෙරේ

කොළඹ කොටස් වෙළෙඳපොළ කොටස් තැරැව්කරණයේ යෙදෙන සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා මෙවර අයවැයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා යෝජනා කර තිබේ. කොටස් වෙළෙඳපොළේ අස්ථාවරත්වයන් හේතුවෙන් කොටස් තැරැව්කරුවන්ට සැලකිය යුතු තරම් අර්බුදවලට මුහුණපෑමට සිදුවී තිබෙන බවත්, ප්‍රාග්ධන වෙළෙඳපොළේ දිගුකාලීන දියුණුව තහවුරු කිරීම සඳහා කොටස් තැරැව්කරුවන් ඔවුන් විසින්ම ස්ථාවර වීම අතිශයින් වැදගත් බවත් මෙහිදී මුදල් අමාත්‍යවරයා අවධාරණය කර…

(0)Comments | December 1, 2015 7:45 am

මිලියන හයදාහක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුව හෙට දිනයේ දී රුපියල් මිලියන 6,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් කිරීමට කටයුතු යොදා ඇත. මෙහිදී දින 91, 182 හා 364 යන පරිණත කාලයන්ගෙන් යුතු බිල්පත් 2,000 බැගින් නිකුත් කිරීමට නියමිතය.

(0)Comments | December 1, 2015 7:42 am

ධම්මික පෙරේරා හේලීස් බලය තහවුරු කර ගනී

හේලීස් පීඑල්සී සම සභාපති (විධායක නොවන) ධම්මික පෙරේරා මහතා හේලීස් පීඑල්සී හි 50% ක් ඉක්මවූ කොටස් අයිතිය තහවුරු කර ගැනීමට සමත් වී තිබේ. ඔහු විසින් පසුගිය නොවැම්බර් 16 දින කොටස් 210,809 ක් හා 18 දින කොටස් 117,052 ක් මිල දී ගැනීමත් සමඟම හේලීස් පීඑල්සී හි තමන් සතු කොටස් ප්‍රමාණය 50.15% ක් දක්වා වැඩි කර ගැනීමට…

(0)Comments | December 1, 2015 2:56 am

Paye ගණන් හැදෙන අලුත්ම විදිය මෙන්න

උපයන විට ගෙවන බද්ද හෙවත් Paye (Pay As You Earn) බද්ද ගෙවන ආකාරය, මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද නව අයවැය යෝජනා තුළින් සංශෝධනයට ලක් වී තිබුණි. මෙතෙක් Paye බදු ගෙවීම සඳහා රුපියල් 62,500 කට වැඩි මාසික වැටුපක් අවම වශයෙන් ලැබිය යුතුව තිබුණු අතර නව සංශෝධනවලට අනුව එම සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ දැමුණි….

(0)Comments | November 30, 2015 8:28 am

ව්‍යාපාර කිරීම පහසු කිරීමේ සමුළුවට එන්නැයි ජනතාවට ආරාධනා

මුදල් අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ව්‍යාපාර කිරීම පහසු කිරීමේ‘ සමුළුව හෙට (දෙසැම්බර් 01) පස්වරු 2 ට ආරම්භ කිරීමට නියමිතය. කොළඹ 1 ශ්‍රීමත් රසීක් ෆරීඩ් මාවතේ පිහිටි මූල්‍ය අධයයන ඇකඩමියේ (පැරණි ටයිම්ස් ගොඩනැගිල්ල) සිව්වන මහලේ පිහිටි ශ්‍රවණාගාරයේ දී මෙම සම්මන්ත්‍රණය පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරයට බලපාන ක්‍රමවේද, නීති හා රෙගුලාසි ආදිය පිළිබඳව මෙම සම්මන්ත්‍රණයේ දී…

(0)Comments | November 30, 2015 5:57 am

කුඩා රාජය්‍යන් වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳ මූල්‍ය අරමුදල පිහිටුවයි

පොදුරාජ්‍ය මණ්ඩලයීය වෙළෙඳ මූල්‍ය අරමුදල පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මෝල්ටා හා මුරුසි විදේශ අමාත්‍යවරුන් පසුගිය දා ගිවිසුමකට අත්සන් තැබීය. කුඩා හා සංවර්ධනය වෙමින් පවතින වෙළෙඳ හා ආයෝජන අවස්ථා ඉහළ නැංවීමේ අරමුණින් මෙම ගිවිසුම සකස් කර තිබේ. මෙම ස්වෙච්ඡා අරමුදල විසින් ආරම්භයේ දී ඩොලර් මිලියන 20 ක් ස්ථාපිත කර ගැනීමටත් සාමාජික රටවල වෙළෙඳ ධාරිතාවන් නැංවීමේ…

(0)Comments | November 30, 2015 5:27 am

අපේ සතුට සඳහා අප විසින් සතුන්ගේ ජීවිත දුකට පත් කරලා – ඔටාරා Video

මෙරට සත්වෝද්‍යාන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තමාගේ කිසිදු පැහැදීමක් නැතැයි ඔඩෙල් විලාසිතා ජාලයේ නිර්මාතෘ, එම්බාර්ක් අධ්‍යක්ෂවරියක වන ඔටාරා ඩෙල් ගුණවර්ධන මහත්මිය පැවසීය. ඇය මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. පහත ඇත්තේ ඇය සමඟ කළ මෙම සම්පූර්ණ සාකච්ඡාවයි.

(0)Comments | November 30, 2015 4:39 am