සපුගස් කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා මේ වනවිට ආයෝජකයින් 06 දෙනෙකුගෙන් පමණ යෝජනා ලැබී තිබුණත් අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට අවශ්‍ය ණය සම්පාදනය කරගනිමින් එය සිදුකිරීමට තවමත් සතුටුදායක යෝජනාවක් කිසිවෙකු විසින් ලබාදී නොමැති බව අනාවරණය වේ. සපුගස් කන්ද තෙල් පිරිපහදුව මගින් දිනකට පිරිපහදු කරන බොරතෙල් බැරල් ප්‍රමාණය බැරල් 50,000 ක සිට බැරල් 100,000 ක්…
කොලොන්නාව, සපුගස්කන්ද හා මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා කිරීමට තිබෙන ටැංකි පද්ධතිය ප්‍රමාණවත් නොවීම නිසා අළුතින් ටැංකි ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව, කොලොන්නාවේ හා සපුගස්කන්දේ තිබෙන තෙල් ටැංකි ප්‍රමාණය වැඩි කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග කීය. “තෙල් ගබඩා කිරීමට තිබෙන තෙල් ටැංකි…
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් අමායා ලෙෂර් විසින් කළමනාකරණය කළ හික්කඩුවේ පිහිටි BANSEI ROYAL RESORTS HIKKADUWA PLC හෝටලය කළමනාකරණය කිරීම එම සමාගමින් ඉවත් කර ජෙට් වින්ග් හොටෙල්ස් ලිමිටඩ් වෙත භාරදී තිබේ. මේ අනුව, 2014 දෙසැම්බර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජෙට් වින්ග් හොටෙල්ස් ලිමිටඩ් විසින් මෙම හෝටලය කළමනාකරණය කරන අතර අමායා ලෙෂර් සමග…
නිසි ප්‍රමිතියට නොමැති යැයි රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කරගත් සිංගප්පූරු සමාගමකින් ගෙනා පෙට්රල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් නැවත හරවා යවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග පැවසීය. අමරසේකර මහතා පැවසුවේ මෙම නැව මේ වනවිට කොළඹ වරායේ තිබෙන බවත් එමගින් ගෙනා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක තොගය නිසි ප්‍රමිතියට තිබූ නිසා සංස්ථාව…
ලෝක වෙළඳ පොළට සැපයෙන බොරතෙල් ප්‍රමාණය වැඩිවීම නිසා බොරතෙල් මිල ගණන් මාස 47 කට පසුව වාර්තාවූ අඩුම අගය දක්වා පහත බැස තිබේ. මේ අනුව, බොරතෙල් බැරලයක මිල ඩොලර් 80 කට ආසන්න අගයක් දක්වා පහත වැටී තිබෙන අතර සෞදි අරාබිය විසින් ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල් ප්‍රමාණය අඩු නොකර සැපයීම මෙම පහත වැටීමට ප්‍රධානතම හේතුවයි. මේ…
ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග මේ වනවිටත් මෙරට ලිහිසි තෙල් අලෙවි කරන මැලේසියාවේ Hyrax Oil Sdn. Bhd සමාගම ඩොලර් මිලියන 10 ක් ආයෝජනය කරමින් ලිහිසි තෙල් මිශ්‍ර කිරීමේ කර්මාන්ත ශාලාවක් මෙරට ආරම්භ කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) ප්‍රධානියා කොළඹදී කියයි. මැලේසියාවේ ආනයන අපනයන බැංකුවේ (EXIM Bank) සභාපති, ඩාටෝ…
යුරෝපීය කොමිසම පවසා තිබෙන ආකාරයට ලබන ජනවාරි මාසයේ සිට ලංකාවෙන් යුරෝපීය සංගමය මිලදීගන්නා මත්ස්‍යය නිෂ්පාදන නවතා දැමුවහොත් එයින් මෙරට ආර්ථිකයට මරු පහරක් එල්ල වනු ඇත. මේ නිසා, ඉතාමත් සාර්ථක ලෙස යුරෝපීය සංගමයට මෙරට සමාගම් විසින් සිදුකරමින් තිබෙන මත්ස්‍ය අපනයන කර්මාන්තය කඩා වැටීමට හැකි අතර ඒ තුළින් මෙරටට ලැබෙන විදේශ විනිමය අහිමිවීමත් මෙරට බොහෝ ධීවර ජනතාවගේ…
ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා සමාගම විසින් තමන් අලෙවි කර තිබෙන විවිධ දෝෂ සහිත මෝටර් රථ මිලියන 1.75 ක එම දෝෂ නිවැරදි කිරීම සඳහා ඒවා නැවතත් සමාගම වෙත කැඳවීමට තීරණය කර ඇත. මෙම මෝටර් රථ අතර ශ්‍රී ලංකාවට විකුණා තිබෙන මෝටර් රථ තිබේදැයි අනාවරණය නොවන අතර මීට පෙර මෙවැනි දෝෂ තිබූ…
වස්කඩුව ප්‍රදේශයේ පාපැදිකරුවන් මුහුණ දෙන අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් ඔවුන්ගේ පා පැදි වලට අලෝක පරාවර්තක (reflecting lights) ප්‍රදානය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සිට්‍රස් වස්කඩුව හෝටලය විසින් දියත් කරයි. මේ වෙනුවෙන් පැවැත්වෙන “ටුවර් ඩි සිට්‍රස්“ පාපැදි සවාරිය ඔක්තෝම්බර් 18 වනදා උදෑසන 6.30 කොළඹ ලිබර්ටි ප්ලාසා ආර්කේඩ් අසලින් ආරම්භ වී වස්කඩුව සිට්‍රස් හෝටලයට පැමිණීමට කටයුතු යොදා…
ශ්‍රී ලංකාවේ ටයිල් ව්‍යාපාරයේ ඒකාධිකාරය මේ වනවිට නතුකරගෙන තිබෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන හේලීස් සමූහය විසින් ගෘහ නිර්මාණ සඳහා ඇළුමිනියම් නිෂ්පාදන කටයුතු කරන Alufab PLC සමාගමේ සියයට 60.6 ක කොටස් රුපියල් මිලියන 167.9 කට අද උදෑසන මිලදීගෙන තිබේ. ගිවිසගත් ගනුදෙනුවක් (Crossing) ලෙසින් සිදුවූ මෙහිදී කොටසක් රුපියල් 23 ක් බැගින් කොටස් මිලියන 7.3…
Video Story