2014 මාර්තු මාසයේදී මෙරට උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී තිබූ සියයට 4.2 ක ප්‍රමාණයේම නොවෙනස්ව තිබෙන බව නවතම දත්ත මගින් හෙළිවේ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට සාමාන්‍ය මිල මට්ටම් වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 2012 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 4.2 ක්…
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයේදී අපේක්ෂකයින් සැලකිය යුතු ප්‍රමාණයක් මැතිවරණය සඳහා එක් අපේක්ෂකයෙකු විසින් රුපියල් මිලියන 50 කට වැඩි මුදලක් වියදම් කර ඇතැයි අනාවරණය වේ. මැතිවරණය සඳහා ඉදිරිපත් වී ජයගත් ප්‍රබල අපේක්ෂකයින් කිහිප දෙනෙකු සමග අප පැවැත්වූ විශ්ලේෂණාත්මක සාකච්ඡා වලදී මේ බව හෙළිවූ අතර සමහර අපේක්ෂකයින් රුපියල් මිලියන 100 කට ආසන්න මුදල් වියදම් කර…
බොහෝ ආර්ථික විශ්ලේෂකයින්ගේ අනාවැකි සුනු විසුණු කර දමමින් ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය බලාපොරොත්තු නොවූ ආකාරයට පසුබා තිබෙන බව වාර්තාවේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව ලෝකයේ තෙවන විශාලතම ආර්ථිකය ලෙසින් වැජඹෙන ජපානයේ ආර්ථිකය ඉදිරියේදී පසුබානු ඇති බවයි. නිකුත් වී තිබෙන නවතම දත්ත වලට අනුව පසුගිය ජනවාරි මාසයේදී ජපානයේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය සියයට 2.3 කින් පහළ…
ඉඩම්වල ඔප්පු පත්ඉරු ලබාදීමට මීට පෙර දින දෙකක පමණ කාලයක් ගත වුවත් ඒවා පැය භාගයක් පමණ වේලාවකින් ලබාදීමට දෙල්කඳ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට මේ වනවිට හැකිබව අනාවරණය වේ. ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA- ඉක්ටා ) ඔප්පු පත්ඉරු ස්කෑන් කර පරිගණකගත කිරීම සඳහා මූල්‍ය සහ තාක්ෂණ සහයෝගය ලබාදීම නිසා මෙම හැකියාව ලැබී ඇත….
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට දෛනික විදුලිය පරිභෝජනය ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා අප සමග පැවසුවේ වියලි කාලගුණ තත්ත්වය නිසා වායු සමීකරණ, විදුලි පංකා භාවිතය සමස්තයක් ලෙස වැඩිවී තිබීම මේ ආකාරයෙන් විදුලිය ඉල්ලුම වැඩිවීමට හේතුවී තිබෙන බවයි. “නියඟයට පෙර කාර්ය බහුල වේලාවලදී…
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් බිලියන 2.8 ක් වටිනා කොටස් අද විදේශීය ආයෝජකයින් විසින් විකුණා දැමීය. අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 45 ක් විදේශීය ආයෝජකයින් සිදුකළ අතර සමස්තයක් ලෙස ශුද්ධ විදේශීය විකුණුමක් වාර්තා විය. මෙහිදී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමෙන් රුපියල් බිලියන 2.8 ක ශුද්ධ විදේශීය විකුණුමක්ද, ඉන්දීය තෙල් සමාගමෙන් රුපියල් මිලියනයක ශුද්ධ විදේශීය විකුණුමක්ද…
මෙරට අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ වන ලෙස සිදුකරන “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අළුතින්ම නගරයක් ඉදිකරන්නේ කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ පමණක් බව අනාවරණය වේ. මෙම ව්‍යාපෘතියට ඉංග්‍රීසි “කේ“ අකුරින් පටන් ගන්නා නගර තුනක් වන කොට්ටාව, කඩුවෙල සහ කඩවත අයත් වන නිසා එය “කේ ත්‍රී“ (K3) නගර සංවර්ධන ව්‍යාපෘතිය ලෙසින් නම්කර තිබේ. මේ පිළිබඳව…
අර්තාපල්, ලූණු සහ වියලි මිරිස් සඳහා සහතික මිලක් නියම කරමින් ගොවීන් සමග රජය අද ගිවිසුමකට එළඹුණේ 2016 වනවිට මෙම කෘෂි නිෂ්පාදන වලින් ස්ව්‍යංපෝෂිත වී වසරකදී පිටරටට ඇදීයන ඩොලර් මිලියන 200 ක පමණ විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට යැයි මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා අප සමග පැවසීය. අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 80 ක්,…
ඉන්දියානු රුපියල් 4000 ක මාසික වැටුප් වැඩිවීමක් ඉල්ලා ඉන්දියාවේ ටොයොටා කර්මාන්ත ශාලා දෙකක සේවකයින් ගෙනගිය වැඩවර්ජනය යළිත් ඉදිරියට ගොස් තිබෙන බව වාර්තා වේ. මේ සතියේදීත් නැවත සේවයට වාර්තා කිරීම මෙම සේවකයින් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කර තිබේ. කෙසේවෙතත්, ගිය සතියේ සමාගම විසින් පැවසුවේ මේ සතියේදී මෙම කර්මාන්ත ශාලා දෙකේ නිෂ්පාදන…
ක්ෂුද්‍ර මූල්‍යන ව්‍යාපාරික කටයුතු නැංවීම සඳහා BRAC ලංකා ෆිනෑන්ස් සමාගම විසින් BRAC ඉන්ටර්නැෂනල් සමාගමෙන් ඩොලර් මිලියන 02 ක වසර තුනක ණය මුදලක් ලබාගෙන තිබේ. මෙම ණය මුදල සියයට 07 ක පොලී අනුපාතයකට ලබාගෙන තිබෙන අතර BRAC ඉන්ටර්නැෂනල් යනු BRAC ලංකා ෆිනෑන්ස් සමාගමේ මව් සමාගමයි. මෙම ණය මුදල ලබාගැනීමෙන් පසුව BRAC ලංකා ෆිනෑන්ස් සමාගම විසින් සෙලාන්…
Video Story