සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධම්මික පෙරේරාගේ නම සහ විනිමය කොමිසමේ ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ වජිර විජේගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බවත් ඒ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදක හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යවා තිබෙන බවත් අනාවරණය වේ. සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්…
චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් තිබුණත් ලෝක ආර්ථිකයට ඉදිරියටත් නායකත්වය ලබාදෙන්නේ ඇමරිකාව යැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ඇමරිකානු වාණිජ මණ්ඩලය (AmCham- American Chamber of Commerce in Sri Lanka (AmCham) luncheon) විසින් ඊයේ කොළඹ හිල්ටන් රෙසිඩන්සීස්හිදී පැවැත්වූ “The Prime Minister Speaks“ නැමති රැස්වීම අමතමින් රනිල් වික්‍රමසිංහ…
ජර්මානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානයක් වන ෆෙඩ්රික් නිවුමාන් පදනමේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස කලක් කටයුතු කළ සාගරිකා දෙල්ගොඩ මහත්මිය කොළඹ හිල්ටන් හෝටලය අයත්වන හොටෙල් ඩෙවලොපර්ස් (ලංකා) පී.එල්.සී. සමාගමේ සභාපතිනිය ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පත්කර තිබේ. මීට පෙර මෙම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ තිරුකුමාර් නඩේසන් මහතායි. රවී කරුණානායක…
දේශීය වෙළඳ පොළේ කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් අලෙවිකර රජය සපයා ගන්නා ණය සීමාව වැඩිකර ගැනීමට රජය ගත් උත්සාහය අසාර්ථක වීම හමුවේ භාණ්ඩාගාර බිල්පත් වලට වඩා වැඩි පොලී අනුපාතයක් ගෙවීමට සිදුවන භාණ්ඩාගාර බැඳුම්කර අලෙවි කරමින් රජය ණය සම්පාදනය කර ගැනීමට යොමුවිය හැකිබව ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි. භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමට වසරක් හෝ වසරකට අඩු කාලයක් යන…
ආණ්ඩුවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා රුපියල් බිලියන 400 ක අමතර භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට අවසර ලබාගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාව මීට සුළු වේලාවකට පෙර වැඩි ඡන්දයෙන් පරාජයට පත්වී තිබේ. අප පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් සහ විපක්ෂව ඡන්ද 52 ක් ලැබුණු බවයි….
පසුගිය ජනවාරි මාසයේ සිට නව රජය විසින් දේශීය වෙළඳ පොළින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය දැවැන්තව වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ. නව රජයේ අතුරු අයවැය මගින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර අත්‍යවශ්‍ය භාණ්ඩ හා ඛනිජ තෙල් මිල අඩුකිරීම නිසා රජයේ වියදම් වැඩිවී රජයේ ආදායම්වල අඩුවීමක් සිදුවිය….
ජ්‍යෙෂ්ඨ බැංකු කරුවෙකු වන ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.එම්. ගුණසේකර මහතාගේ සේවය මුදල් අමාත්‍යංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙන්නේ ගුණසේකර මහතාගේ සේවය අත්හිටුවීම සඳහා කරුණු කිහිපයක්ම බලපෑ බවත් බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ වංචා හා දූෂණ මේ සඳහා හේතුවී තිබෙන බවයි. සීෂෙල්ස් රාජ්‍යයේ ලංකා බැංකු ශාඛාවක්…
ලංකා ඉන්දීය තෙල් සමාගමේ සභාපතිවරයා ලෙස වහාම ක්‍රියාත්මක වන පරිදි සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ඉන්ද්‍රජිට් බෝස් මහතා පත්කර තිබේ. මේ අතර, අනාවරණය වන්නේ ඉන්දියානු තෙල් සමාගමේ ඉන්දියානු මෙහෙයුම් කටයුතුවල අලෙවි අංශයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කළ ඩී.කේ. ශර්මා මහතා ලංකා ඉන්දීය තෙල් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර තිබෙන බවයි.
උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව කෙරෙහි චීනය සහ ඉන්දියාව දැඩි උනන්දුවක් දක්වන බව රහසක් නොවේ. කෙසේවෙතත්, මේ වනවිට ශ්‍රී ලංකාවට ඉන්දියානු සහ චීන සංචාරකයින් පැමිණෙන්නේ තරගයට මෙන්වීම කැපී පෙනේ . මෙරට නවතම සංචාරක දත්ත විග්‍රහ කරන විට පෙනී යන්නේ මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරටට ඉන්දියානු සංචාරකයින් 64,781 ක් දෙනෙකු පැමිණ ශ්‍රී ලංකාවට…
ස්පාඤ්ඤයේ පාපන්දු පුරාවෘත්තයක් ලෙස සැලකෙන බාසිලෝනා පාපන්දු කණ්ඩායමේ හිටපු නායක Carles Puyol සිය බිරිඳ සමග ශ්‍රී ලංකාවට පැමිණ පසුගියදා නිවාඩුවක් ගත කළ බවත් ඔහු ශ්‍රී ලංකාවේ සිරිය පිළිබඳව ඉතාමත් පැහැදීමට පත්වූ බවත් වාර්තා වේ. මෙම දෙපළ ලංකාවේ තල්මසුන් නැරඹීමට ගිය අවස්ථාවේදී ලබාගත් වීඩියෝ පටයක්ද අන්තර් ජාලයට නිකුත් කර තිබෙන අතර ඔවුන් උඩවලවේ අලි නැරඹීමටද ගොස්…
Video Story