Top News

ලයිස්තුගත සමාගමක ඉඩමක් පවරා ගැනීමට රජය සැරසෙයි

ඩුනමිස් කැපිටල් සමාගමට අයත් නුවරඑළිය, ඉහළ වැව පාරේ පිහිටි රුපියල් මිලියන 500 කට වැඩි වටිනාකමක ඉඩමක් රජයට පවරා ගැනීමට සූදානම් වේ. මේ පිළිබඳව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළ දැනුවත් කර තිබෙන අතර ජුනි 10 වනදා දිනැති පවරා ගැනීමේ නියෝගයක් (acquisition order) සමාගම වෙත ලැබී තිබෙන බව සඳහන්ය.

(0)Comments | June 19, 2014 4:07 am

ජයන්ත ධනපාල, ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් නික්මෙයි

මෙරට ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ජයන්ත ධනපාල මහතා 2014 ජුනි මස 17 වනදා සිට බලපැවැත්වෙන පරිදි ඩයලොග් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විශ්‍රාම ගත්බව ඩයලොග් ආසිආටා සමාගම කියයි. සමාගමේ 17 වන වාර්ෂික මහ සභා රැස්වීමෙන් පසුව මෙම විශ්‍රාම ගැනීම සිදුවූ බව සඳහන්ය. ඩයලොග් ආසිආටා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ ජයන්ත ධනපාල මහතා පුද්ගලික හේතු මත…

(0)Comments | June 18, 2014 11:54 am

යෝගට් හදන ලකී ලංකාත් කොටස් වෙළඳ පොළට

යෝගට් ඇතුළු කිරි නිෂ්පාදන සිදු කරන ලකී ලංකා සමාගම මහජන කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 6.00 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 38 ක් සහ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 24 ක් නිකුත්…

(0)Comments | June 18, 2014 9:49 am

අපේ ජල කාන්දුව ගැන ආසියානු සංවර්ධන බැංකුව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික වර්ධනය තිරසාරව පවත්වාගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමත් ඉතා වැදගත් සාධක බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි. මේ අනුව, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය කිහිපයක්ම එහි කාර්යක්ෂමතාවය, මූල්‍ය තත්ත්වය හා කළමනාකාරීත්වය ඉහළ යන පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති, ටකෙහිකෝ නකඕ (Takehiko Nakao) මහතා…

(0)Comments | June 18, 2014 9:02 am

අධිවේගියේ වැසිකිලි යන්නත් ගාස්තුවක්

දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලි ආරම්භයේදී නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ලබාදුන්නද ඒ සඳහා මේ වනවිට මුදල් අය කරනු ලබයි. මේ අනුව, වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලියකට යාම සඳහා රුපියල් 20 ක මුදලක් අයකරන අතර ඒ බව එම වැසිකිලි ඉදිරිපස දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. මෙම මාර්ගයේ යන විශාල පිරිසක් මෙම විවේක ස්ථානයේ…

(0)Comments | June 18, 2014 5:49 am

විගණකාධිපති ගොඩනැගිල්ලේ වෙළඳ පොළත් ළඟදීම

කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය අලෙවිසැල් 42 ක වෙළඳ පොළක් ලෙස ලබන ජූලි අවසානයේ හෝ අගෝස්තු මුල විවෘත කිරීමට හැකියාව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම අලෙවිසැල් 42…

(0)Comments | June 17, 2014 4:24 am

මේ වසරේ මුල් මාස තුනේ ආර්ථික වර්ධනේ හෙළිවෙයි

මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ආර්ථික වර්ධනය සියයට 7.6 ක්වී ඇතැයි රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් හෙළිවේ. මේ අනුව, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් හෙළිවන්නේ 2014 මුල් කාර්තුවේදී මෙරට කෘෂි කාර්මික අංශය සියයට 0.2 කින්, සේවා අංශය සියයට 6.5 කින් සහ කර්මාන්ත අංශය සියයට 12.6…

(0)Comments | June 16, 2014 10:23 am

“ලන්කන් රුපී“ (ලංකා රුපියල) නමින් ඕස්ට්‍රේලියාවේ රේස් දුවන අශ්වයෙක්

ලොව පුරා මිනිසුන් ඔට්ටු අල්ලන ඕස්ට්‍රේලියානු රේස් දුවන අශ්වයෙකු “ලන්කන් රුපී“ හෙවත් ලංකා රුපියල නමින් සිටින බව වාර්තා වේ. මෙම වාර්තා පවසන්නේ මෙම අශ්වයා ලෝකයේ ප්‍රමුඛතම රේස් දුවන අශ්වයින් දස දෙනා අතරටද තේරී පත්ව තිබෙන බවයි. පසුගිය කාලයේදී මෙරට රුපියල විශාල ලෙස අවප්‍රමාණය වූ අතර මෙම අශ්වයාට ලබාදී තිබෙන නම හා ඒ අතර සම්බන්ධතාවයක් තිබේදැයි…

(0)Comments | June 16, 2014 7:04 am

බැංකු ණයක් ලෙස පාරිතෝෂිකය ගෙවීම ජනපති නවතයි

විශ්‍රාමික පාරිතෝෂිකය ගෙවීම වෙනස් කිරීමකින් තොරව පෙර පරිදිම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබේ. පැරණි ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් පාරිතෝෂිකය ලබාගැනීමේ අවස්ථාව ලබාදී තිබූ අතර නව ක්‍රමය යටතේ එය රාජ්‍ය බැංකු හරහා ණය මුදලක් ලෙස ලබාගත යුතුවෙයි. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පාරිතෝෂිකය නැවත අය කරගනු ලබන්නේ 60% ක…

(0)Comments | June 15, 2014 3:13 am

ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල වැඩිවීමේ අවධානමක්

ඉරාකයේ ඇවිලී තිබෙන ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ ගොස් තිබෙන අතර ගැටුම් තවත් දුරදිග ගියහොත් ඛනිජ තෙල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් විශ්වාසය පළකර ඇත. මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල මේ සතිය ආරම්භයේ තිබූ මිලට වඩා ඩොලර් 04 කින් පමණ වැඩිවී තිබෙන බව සඳහන් වන අතර ඊයේ වනවිට…

(0)Comments | June 14, 2014 6:57 am