ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) සමග MBSL ඉතිරි කිරීමේ බැංකුව (MSB) සහ MCSL ෆිනෑන්ෂල් සර්විසස් සමාගම ඒකාබද්ධ කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය හිමිව තිබෙන බව අනාවරණය වේ. මේ පිළිබඳව දැනුම් දෙමින් ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ සභාපති, එම්.ආර්. ෂා මහතා පවසන්නේ මෙම ඒකාබද්ධ කිරීමෙන් පසුව ඉතිරි වන්නේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව (MBSL) යන ආයතනය බවයි. සමාගම්…
යෝජිත චීන-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් මෙරට අපනයන කරුවන්ට චීනය තුළ වැඩි අවස්ථාවක් හිමිවනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ (The National Chamber of Commerce of Sri Lanka) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති, තිලක් ගොඩමාන්න මහතා විශ්වාසය පළකරයි. අප සමග අදහස් දක්වමින් ඔහු පැවසුවේ යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම ඇතිකර ගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බවත්…
ධනවත් සංචාරකයින් ඉලක්ක කරමින් ස්පාඤ්ඤ හෝටල් ජාලයක් විසින් කළමනාකරණය කරන තරු පහේ සුපිරි හෝටලයක් අහුන්ගල්ලේ ඩොලර් මිලියන 100 ක ආයෝජනයකින් ඉදිකිරීමට එයිට්කන් ස්පෙන්ස් සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹෙයි. මේ අනුව, හම්බන්තොට දක්වා ඉදිවෙමින් තිබෙන දකුණු අධිවේගී මාර්ගයත්, මත්තල ගුවන් තොටුපොළත් යන යටිතල පහසුකම් ඉලක්ක කරමින් කාමර 500 කින් යුතු මෙම වෙරළ හෝටලය…
මෙරටට නැව් මගින් එන බොරතෙල් වෙරළින් කිලෝ මීටර් 09 ක් පමණ මුහුදේ සිට ගොඩබිමට ප්‍රවාහනය කරන බෝයාවේ රබර් නලයක් පළුදුවීම නිසා බොරතෙල් සපුගස්කන්ද පිරිපහදුව වෙත ගෙන ඒමට මේ වනවිට නොහැකි වී තිබේ. මේ නිසා, රට තුළ ඛනිජ තෙල් හිඟයක් ඇතිවේ යැයි පැතිර යන රාවය වැරදි එකක් බවත් එවැනි ඛනිජ තෙල් හිඟයක් ඇති නොවනු ඇති බවත්…
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි අදියර ලබන මාසයේදී ජාතික පද්ධතියට එක් කිරීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී.ගනේගල මහතා පැවසුවේ නොරොච්චෝලේ තුන්වන අදියරෙන් ජාතික පද්ධතියට තවත් මෙගාවොට් 300 ක විදුලිය ධාරිතාවයක් ලැබෙන බවයි. මේ අනුව, නොරොච්චෝලේ බලාගාරයෙන් ලබන මාසයේ සිට ජාතික පද්ධතියට මෙගාවොට් 600 ක පමණ…
පී.සී.එච්. හෝල්ඩින්ග්ස් සමාගමට අනුබද්ධ ඖෂධ, වෛද්‍ය උපකරණ, මෙරටට ආනයනය කර බෙදා හරින PC Pharma සමාගමේ 25.71% ක කොටස් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් මිලදීගෙන තිබේ. මේ අනුව, 2014 ජුනි 23 වනදා සහ ජුනි 25 වනදා කාලයේදී ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම PC Pharma සමාගමේ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 25.9 ක් මිලදීගෙන ඇත. මෙහිදී, කොටසක් රුපියල් 1.20 සිට…
බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වර්ෂාව අඩුවීම හේතුවෙන් දිගින් දිගටම ඉන්ධන මගින් වැඩිපුර විදුලිය ජනනය කිරීමට සිදුවීම නිසා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු ණය මුදල මේ වනවිට රුපියල් බිලියන 18 ක් දක්වා වර්ධනය වී ඇතැයි අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල…
අනාගතයේදී ප්‍රවෘත්ති නිවේදිකාවන් අවශ්‍ය නොවන්නට පුළුවන. ප්‍රවෘත්ති නිවේදිකාවන්ට මෙම තර්ජනය මතුව තිබෙන්නේ ජපාන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ලෝකයේ පළමු වරට රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් හඳුන්වාදීම නිසයි. මෙම රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් ඊයේ ටෝකියෝ නුවරදී එළිදක්වා තිබෙන අතර සිලිකන් සමකින් හා කෘත්‍රිම මාංශ පේෂීන් වලින් හැඩවූ මෙම ප්‍රවෘත්ති නිවේදිකාවන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළබව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත. වැඩිදුරටත්…
ටච්වුඩ් රුක් රෝපණ සමාගම ඈවර කර වසා දමන්නැයි අධිකරණය විසින් පසුගියදා කළ නියෝගය අවලංගු කරන්නැයි ඉල්ලමින් ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී සමාගම විසින් අධිකරණයට ඇපෑලක් ගොනුකර තිබේ. ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට් පී.එල්.සී සමාගම ඈවර කර වසා දමන්නැයි 2014 ජුනි 05 වනදා අධිකරණය විසින් නියෝග කළ අතර ඒ සඳහා කොළඹ වාණිජ මහාධිකරණය විසින් මේ වනවිට ජී.කේ. සුදත් කුමාර් නැමැත්තා ඈවරකරුවා…
ලෝකයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් විසින් තමාගේම ඩෝමේන් නාම ලියාපදිංචි කිරීමේ සේවාවක් ඇරඹීම සඳහා සූදානම් වනබව වාර්තා වේ. මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. පුවත් සේවාව සඳහන් කරන්නේ ගූගල් සමාගම විසින් සිය පාරිභෝගිකයින්ට සිය ව්‍යාපාර සඳහා ඩොමේන් නාම විකිණීමේ සේවාවක් ආරම්භ කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි. ඩොමේන් නාම විකිණීම සඳහා ගූගල්…
Video Story