Top News

මොබිටෙල්, ප‍්‍රධාන විධායක නිළධාරී පුටුව රංජිත් රූබසිංහට

2014 ජූනි මස 27 වන දින සිට රංජිත් රූබසිංහ මහතා මොබිටෙල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කර තිබෙන අතර විදුලි සංදේශ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ විවිධ අංශ රැසක් සම්බන්ධ අත්දැකීම් ඇති රූබසිංහ මහතා ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේද වසර 12 ක කාලයක් සේවය කර ඇත. වරලත් ඉංජිනේරුවරයෙකු වන රූබසිංහ මහතා ශ‍්‍රී ලංකා ඉංජිනේරු ආයතන කවුන්සිලයේ ගෞරව…

(0)Comments | July 3, 2014 5:17 am

EPF විකුණපු හේමාස් කොටස් ගත්තේ ටෙම්පල්ටන් අරමුදලද ?

හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 33.5 ක් කොටසක් රුපියල් 45 ක් බැගින් අද උදෑසන ගිවිසගත් ගනුදෙනුවක් (crossings) ලෙස විකුණා තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදල හා තවත් පාර්ශවයක් බව අනාවරණය වේ. මෙම මිලදීගැනීම කර තිබෙන්නේ ටෙම්පල්ටන් නැමති විදේශීය අරමුදල විසින් යැයි මේ වනවිට රාවයක් පවතී සේවක අර්ථ සාධක අරමුදල සතුව හේමාස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 27.2…

(0)Comments | July 2, 2014 10:08 am

මේ කාලගුණ සමයේදී බෝයාව ගොඩගන්න බෑ

මුහුදේ සිට ගොඩබිමට ඛනිජ තෙල් ප්‍රවාහනය කරන බෝයාවේ ඇතිවී තිබෙන දෝෂය මේ කාලගුණ සමය තුළදී යථා තත්ත්වයට පත්කිරීමට නොහැකි වනු ඇතැයි අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා පැවසුවේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මෙහි පිළිසකර කිරීම් වලට බාධාවක් වනු ඇති බවයි. මෙයට විසඳුමක් ලෙස කුඩා නැවකින්…

(0)Comments | July 2, 2014 4:47 am

රොසෙල් මුල් තැනත් ධම්මික පෙරේරාට

රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්ව තිබේ. ධම්මික පෙරේරා මහතා මීට පෙර මෙම සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඒ.එම්.වීරසිංහ මහතායි. වීරසිංහ මහතා තවදුරටත් රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.

(0)Comments | July 1, 2014 11:08 am

බැංකු ඒකාබද්ධයේ අළුත්ම තොරතුරු මෙන්න!

මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සැලසුම් කළ පරිදි ඉදිරියට යන බවත් සියළුම බැංකු, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් මේ වනවිට සිය ඒකාබද්ධ කිරීමේ සැලසුම් සකස් කර අවසන් කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, මෙම ආයතන විසින් යෝජනා කර තිබෙන ඒකාබද්ධ කිරීම්, අත්පත් කර ගැනීම් වලට අදාළ සැලසුම් මේ වනවිට ශ්‍රී…

(0)Comments | July 1, 2014 7:51 am

සිගරැට් දවටනවල රූපමය අවවාද කල්යයි

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද පළ කිරීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමත් සමග ලංකා දුම්කොළ සමාගම පවසා තිබෙන්නේ 2014 ජූලි 11 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන තුරු පවතින ඇසුරුම් වලම වෙළඳ පොළට සිගරැට් නිකුත් කරන බවයි. සිගරැට් දවටනය සියයට 60 ක් වැසෙන ලෙස රූපමය අවවාද…

(0)Comments | July 1, 2014 4:55 am

SLT Hong Kong Limited වසා දමයි

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට පූර්ණ අනුබද්ධ හොංකොං හි, ක්‍රියාත්මක වූ SLT Hong Kong Limited යන සමාගම වසා දමා තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ 2014 මැයි 18 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සමාගම වසා දැමූ බවයි. ගෝලීය ටෙලිකොම් සමාගම් වලට සහ හොංකොං හි, ව්‍යාපාරික ගනුදෙනු කරුවන්ට IP transit, IPVPN, IPSL සේවා ලබාදීම සඳහා මෙම සමාගම ආරම්භ…

(0)Comments | June 30, 2014 11:45 am

මෙන්න! ලංකාවේ අළුත්ම උද්ධමන තොරතුරු

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (Colombo Consumers’ Price Index) අනුව මේ ජුනි මාසයේදී උද්ධමනය ගිය වසරේ ජුනි මාසය සමග සැසඳීමේදී සියයට 2.8 ක්වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 2014 මැයි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය පැවතුණේ සියයට 3.2 ක් ලෙසයි. භාණ්ඩාගාර ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පසුගිය සිකුරාදා පවසා තිබුණේ මෙරට…

(0)Comments | June 30, 2014 10:26 am

මෙල්ස්ටා රීගල් ෆීනෑන්ස් හිමිකම් කොටස් නිකුතුවක්

මෙල්ස්ටා රීගල් ෆිනෑන්ස් සමාගම හිමිකම් කොටස් නිකුතුවක් ඔස්සේ රුපියල් මිලියන 650 ක අතිරේක ප‍්‍රාග්ධන මුදලක් රැස්කරමින් එහි ප‍්‍රාග්ධනය රුපියල් බිලියන 1.3 දක්වා ඉහළ දමන ලදි. මෙල්ස්ටා රීගල් මව් සමාගම වන මෙල්ස්ටාකෝප් සමාගම විසින් මෙම නව ප‍්‍රාග්ධන හඳුන්වාදීම කරනු ලැබුයේ ශ‍්‍රී ලංකා මහා බැංකුව විසින් හඳුන්වාදුන් නව රෙගුලාසි යටතේ ප‍්‍රධාන ප‍්‍රාග්ධන අවශ්‍යතාවයන්ට අනුකූල වීමක් වශයෙනි. ශ‍්‍රී…

(0)Comments | June 30, 2014 8:52 am

Exclusive- අබුඩාබියෙන් ගෙනා දැවිතෙල් මෙට්ට්‍රික් ටොන් 20,000 ක ගැටලුවක්

පුද්ගලික විදුලි බලාගාරවල භාවිතය සඳහා අබුඩාබියේ සිට ආනයනය කර තිබෙන දැවිතෙල් (Furnace oil) මෙට්‍ට්‍රික් ටොන් 20,000 ක ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් මතුව තිබේ. මේ පිළිබඳව අප ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, සිරිසේන අමරසේකර මහතාගෙක් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ මෙම දැවිතෙල් තොගයේ ප්‍රමිතිය පිළිබඳව මේ වනවිට පුද්ගලික විදුලි බලාගාර හිමියන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බවත් එම දැවිතෙල්…

(0)Comments | June 30, 2014 4:56 am