කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ලකී ලංකා සමාගමේ කොටස් නිකුතුව සඳහා අද පස්වරු 2.00 වනවිට අධි ඉල්ලුමක් ඇතිවූ බව නිකුතුවේ කළමනාකරු වන ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව කියයි. ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව සඳහන් කර තිබෙන්නේ සමාගම විසින් නිකුත් කළ රුපියල් මිලියන 228 ක් වටිනා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 38 සඳහාත් රුපියල් මිලියන 72 ක් වටිනා සාමාන්‍ය…
අර්බුදයට පත්ව තිබෙන PCH Holdings PLC සමාගමට Dynaris Holdings PLC සමාගමේ ඇති කොටස් ඇතුළුව Dynaris Holdings PLC සමාගමේ වත්කම් විකිණීමට එරෙහිව Lanka ORIX Finance PLC සමාගම විසින් අධිකරණ නියෝගයක් ගෙන තිබෙන බවත් එම නියෝගය නොතකා සිදුකරන වත්කම් විකිණිම් නීති විරෝධී බවත් Lanka ORIX Finance විසින් සඳහන් කර ඇත. Lanka ORIX Finance PLC පවසා තිබෙන්නේ Dynaris…
ෆින්ලේස් කලම්බෝ පී.එල්.සී. සමාගමේ (Finlays Colombo PLC ) වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා ජූලි 14 වනදා එම ධුරයෙන් සමුගන්නා අතර ඒ සඳහා නව කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු පත්කර තිබේ. මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා වන Samuel Compton Swire ධුරයෙන් සමුගන්නා බවත් ඒ සඳහා Alexander Christian Nicolas Johansen නැමැත්තා පත්කර තිබෙන බවයි. කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් සමුගන්නා Samuel…
කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අවසන් කර තිබෙන අතර එය අලෙවිසැල් 42 ක වෙළඳ පොළක් ලෙස ලබන ඉරිදා (13) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම අලෙවිසැල් 42 කම…
Dunamis Capital PLC සමාගම විසින් සිදුකිරීමට යන ණයකර නිකුතුව ලයිස්තුගත කිරිම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර නිකුතුව ජූලි 28 වනදා විවෘත වේ. මේ යටතේ සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට නියමිතය. නිකුතුවේ කළමනාකරුවන් ලෙස කටයුතු කරන්නේ ෆස්ට් කැපිටල් ලිමිටඩ් සමාගමයි.
පෑන් ඒෂියා බැංකුවේ සියයට 9.1 ක කොටස් හෙවත් කොටස් මිලියන 26.8 ක් කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ආර්. සෙන්තිවේල් මහතා අද උදෑසන 10.49 ට පමණ තැප්‍රොබේන් හෝල්ඩින්ග්ස් සමාගමට විකුණා තිබේ. මෙය ගිවිසගත් ගනුදෙනුවන් (Crossings) ලෙසින් සිදුව ඇති අතර කොටසක් විකුණා තිබෙන්නේ රුපියල් 20 කට බව විශ්වාසවන්ත ආරංචි මාර්ග අනාවරණය කරයි. මේ අනුව, මෙම…
ශ්‍රී ලංකාවේ නව ව්‍යවසායකයින්ට සිය ව්‍යාපෘති ආරම්භ කිරීමට අරමුදල් සැපයීමේ අරමුණෙන් ක්‍රියාත්මක වන Venture Engine 2014 වැඩසටහන මගින්ද නව අදහස් වලින් සැදුම්ලත් ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීමට මුදල් අධාර ලබාදීමට තීරණය කර ඇත. මෙරට Blue Ocean Ventures සමාගම සහ ඉන්දියාවේ Indian Angel Networks එක්ව සංවිධානය කළ මෙම වැඩසටහනේ අවසාන වටයට ව්‍යාපාරික සැලසුම් 14 ක් තේරී පත්වූ…
බැංකු විසින් රත්‍රන් ඇපයට තබාගෙන මේ වනවිට ලබාදෙන ණය වලට වඩා සියයට 15 ක් වැඩිපුර ණය මහ බැංකුව විසින් රන් භාණ්ඩ උකස් ණය සඳහා හඳුන්වා දී තිබෙන නව ඇප ආවරණ යෝජනා ක්‍රමය මගින් ලබාගත හැකිබව මහ බැංකුව කියයි. මහ බැංකුව විසින් ජුනි 17 වනදා මෙම රන් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර මේ…
ගූගල් සමාගම සඳහන් කර තිබෙන්නේ Gmail සේවාව සඳහා අළුතින් භාෂා 13 ක් හඳුන්වා දී තිබෙන බවත් ඒ අතරට සිංහල භාෂාවද ඇතුළත් කර තිබෙන බවයි. මීට පෙර Gmail සේවාවට භාෂා 58 ක් හඳුන්වා දී තිබූ අතර මේ වනවිට එම සේවාව භාෂා 71 කින් ලබාගත හැකිබව ගූගල් සඳහන් කර තිබේ. මේ අනුව, ලෝකයේ අන්තර් ජාලය භාවිතා කරන…
කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය 2011 ඔක්තෝම්බර් 14 වනදායින් පසුව පළමු වරට අද ගනුදෙනු අවසානයේදී ඒකක 6,500 සීමාව පසුකිරීමට සමත් විය. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 6565.73 ක්වූ අතර එය ඊයේ දිනයට සාපේක්ෂව ඒකක 66.73 ක සහ සියයට 1.03 ක ඉහළ නැගීමකි. ගනුදෙනු අවසානයේදී එස් ඇන්ඩ් පී මිල දර්ශකය…
Video Story