Top News

ඇමති චම්පිකගේ FB ගිණුම විසන්ධි කරයි

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ නිල Facebook ගිණුම සහ රසික පිටුව (FB page) කිසිඳු හේතුවක් නොදක්වමින් විසන්ධි කර ඇත. මේ පිළිබඳව අමාත්‍යවරයා විසින් Facebook  සමාජ ජාලයේ පරිපාලන කමිටුව වෙත නිල විද්‍යුත් ලිපියක් ඔස්සේ දන්වා ඊට හේතු විමසා ඇත. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ ඒ පිළිබඳව සොයා බලා ඉදිරි දිනෙක තමන්ව දැනුවත් කරන බවයි. තමන්ගේ…

(0)Comments | July 24, 2014 4:09 am

තවත් භයානක ගුවන් අනතුරක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ට්‍රාන්ස් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද තායිවානයට හදිසි ගොඩබෑමක් සිදුකරන විට ගුවන් යානය අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් මගීන් 51 දෙනෙකු මියගොස් තවත් මගීන් 07 දෙනෙකු තුවාල ලබා තිබෙන බවයි. මෙම ගුවන් යානය අනතුරට පත්ව තිබෙන්නේ තායිවානයේ බටහිර වෙරළට ඔබ්බෙන් වූ පෙන්ගු දූපත් වලදීයි. තායිවාන…

(0)Comments | July 23, 2014 2:02 pm

මහාචාර්ය මලික් රණසිංහ United Motors සමග එක්වෙයි

මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකු මෙන්ම සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මලික් රණසිංහ මහතා වාහන අලෙවියේ මෙරට ප්‍රමුඛ සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. මේ අනුව, රණසිංහ මහතා යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ජූලි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.

(0)Comments | July 23, 2014 12:29 pm

සංචාරක ආර්ථිකය ඩෙංගු මදුරුවාටද විනාශ කළ හැකිය – ඇමති චම්පික

නිළධාරීන් දෙතුන් දෙනෙක්, ණය ආධාර සපයන ආයතන කිහිපයක්, විදේශාධාර සපයන තානාපති කාර්යාලවල ඉහළ නිළධාරීන් අතලොස්සක් තීරණයකොට මෙහෙයවන ආර්ථීක ක්‍රමවේදයක් වෙනුවට විද්වත් සමාජය හා පොදු සමාජය එකතුවී ආර්ථීකයේ ඉදිරි ගමන තීරණය කිරීම රටට සුදුසු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික විද්‍යා පදනමේ “මැදි ආදායම්…

(0)Comments | July 23, 2014 8:09 am

සෞදියෙන් ඓතිහාසික තීන්දුවක්. කොටස් පොළේ දොර අරියි

දැඩි නීති තිබෙන සෞදි අරාබියේ කොටස් වෙළඳ පොළේ ආයෝජන කටයුතු පළමු වරට විදේශිකයින්ට සෘජුවම විවෘත කිරීමට සූදානම් වනබව වාර්තා වේ. මේ අනුව, 2015 පළමු අර්ධය වනවිට විදේශීය ආයෝජකයින්ට සෞදි කොටස් වෙළඳ පොළේ ආයෝජනය කිරීමට හැකිවනු ඇති බවත් මෙම තීරණය සමග එරට කොටස් වෙළඳ පොළ ගනුදෙනු මේ වනවිට ඉහළ ගොස් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි….

(0)Comments | July 23, 2014 7:36 am

මුදල් මණ්ඩලයේ ලේකම් මෙන්න!

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන සී.ජේ.පී. සිරිවර්ධන මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ. සිරිවර්ධන මහතා රුහුණු විශ්ව විද්‍යාලයෙන් කෘෂි කර්මය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගනිමින් 1986 දී කාර්ය මණ්ඩල නිළධාරියෙකු ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට එක්විය. 1994 වසරේදී වෝවික් සරසවියෙන් හෙතෙම පශ්චාත් උපාධිය ලබා ඇත. මෙම නව…

(0)Comments | July 23, 2014 7:02 am

බද්දේගමින් කම්හලක් මිලදී ගනිමින් DSI අළුත් වැඩකට මුල පුරයි

ගාල්ල, බද්දේගම පිහිටි Okta PVC Lanka (PVT) Ltd සමාගමේ පී.වී.සී. බට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇතුළු එම සමාගමේ සියළු වත්කම් මිලදී ගනිමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය මුල් වරට පී.වී.සී. බට නිපදවීමේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, කුලතුංග රාජපක්ෂ මහතා පැවසුවේ Okta PVC Lanka (PVT)…

(0)Comments | July 22, 2014 4:42 am

1857/8 විශේෂ ගැසට් නිවේදනයේ බදු ඉවතට

රජය නිකුත් කළ 1857/8 දරන විශේෂ ගැසට් නිවේදනය මගින් පනවා තිබූ බදු ඉවත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මේ අනුව, බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ ආයතන ඇතුළු ලාභ අලාභ ගිණුම් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින්ගේ නිවාස ණය පොලී, ආපදා ණය පොලී, වාහන ණය පොලී, වෛද්‍ය වියදම් ප්‍රතිපූර්ණ කිරීම, අතිකාල දීමනා…

(0)Comments | July 22, 2014 3:57 am

ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් පාලිත කොටස විකිණේ

මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් රුපියල් මිලියන 500 ක මුදලකට ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ පාලිත කොටස් අයිතිය මිලදී ගැනීමට දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එළඹ තිබේ. මේ අනුව, ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන කොටස් කරුවන් වන ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් සහ කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් යන සමාගම් වලින් ශ්‍රී ලංකා…

(0)Comments | July 21, 2014 9:48 am

ඒෂියා ඇසට් ෆයිනෑන්ස් අළුත් පිම්ම

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහන සමග ඒකාබද්ධ වෙමින් හිමිකම් නිකුතුවක් මගින් සිය ප්‍රධාන ප්‍රාග්ධනය රුපියල් බිලියනයක් දක්වා වර්ධනය කර ගැනීමට ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගම සූදානම් වේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 1.60 ක් වටිනා කොටස් මිලියන 279.7 ක් නිකුත් කිරීමට සූදානම් වන්නේ තිබෙන සෑම සාමාන්‍යය කොටස් දෙකකටම නව සාමාන්‍යය කොටසක්…

(0)Comments | July 18, 2014 7:35 am