ඩී.එෆ්.සී.සී හා ජාතික සංවර්ධන බැංකු ඒකාබද්ධ කිරීම සඳහා උපදෙස් ලබාගැනීමට ලොව සුපතල බොස්ටන් කන්සල්ටින්ග් ගෘප් තෝරාගෙන ඇතැයි අප පසුගිය ජුනි 24 වනදා වාර්තා කළ පුවත සනාථ කරමින් මෙම බැංකු දෙක විසින් ඒ බව අද කොළඹ කොටස් වෙළඳ පොළ වෙත දැනුම් දී ඇත. මේ අනුව, සඳහන් කර තිබෙන්නේ මෙම බැංකු දෙක ඒකාබද්ධ කිරීමේ කටයුතු සඳහා උපදෙස්…
මෙරට මූල්‍යායතන ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකු වැඩසටහන යටතේ කොමර්ෂල් බැංකුව විසින් බලපත්‍රලාභී ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගම රුපියල් මිලියන 870 කට මිලදී ගැනීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ බව, කොමර්ෂල් බැංකුව විසින් හෙළිදරව් කර තිබෙන අතර මේ යටතේ ඉන්ද්‍රා ෆයිනෑන්ස් සමාගමේ සියළුම කොටස් කොමර්ෂල් බැංකුව විසින් මිලදී ගනු ඇතැයි සඳහන්ය. මෙම ගනුදෙනුවට අදාළව සියළුම ව්‍යස්ථාපිත…
හම්බන්තොට ඉදිවෙමින් තිබෙන ෂැන්ග්‍රි-ලා හෝටලයේ ඉදිකිරීම් මේ වනවිට සියයට 75 ක් පමණ අවසන් බවත් හෝටලය සැලසුම් කළ කාලයේදී විවෘත කළ හැකි බවත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි. මේ අනුව, අමාත්‍යවරයා අප සමග පැවසුවේ මෙම හෝටලය ලබන වසරේදී විවෘත කිරීමට හැකි බවයි. හොංකොං පදනම් කරගත් ෂැන්ග්‍රි-ලා හෝටල් සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වන පරිදි…
පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ ලේකම් හා අධ්‍යක්ෂවරුන් වෙනස් කරන ලෙස බස්නාහිර පළාත්බද මහාධිකරණය විසින් කළ නියෝගයට අනුව සමාගම කටයුතු කර තිබේ. මේ අනුව, පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කළමනාකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ වසර 20 ක පමණ අත්දැකීම් ඇති චමින්ද දයාන් බන්දුතිලක මහතාත් තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් වසර 16 ක පමණ අත්දැකීම් ඇති දර්ශන පද්මාල් ගලබොඩගේ…
යුරෝපයේ ඉපැරණිම පානීය ජල බෝතල් සමාගමක් වන Selters විසින් නිපදවන ලද වසර 200 කට වඩා පැරණි නොකැඩූ පානීය ජල බෝතලයක් බෝල්ටික් සයුරේ නැවක සුන්බුන් අතර තිබියදී පෝලන්ත පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. මෙහි සුවිශේෂීත්වය වන්නේ මෙය ලොව පැරණිම පානීය ජල බෝතලයක් ලෙස සැලකිය හැකිවීමත් එහි කට ජලය පිටතට ගලා නොයන ලෙස තවමත් හොඳින් වැසී…
කොමර්ෂල් බැංකුවේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, රවී ඩයස් මහතා එම තනතුරෙන් විශ‍්‍රාම ගැනීමත් සමග එම තනතුරට 2014 ජූලි 17 වනදා සිට වෘත්තීය බැංකු කරුවෙකු වන ජෙගන් දුරෙයිරත්නම් මහතා පත් කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ජෙගන් දුරෙයිරත්නම් මහතා මේ වනවිට බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි….
ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වන මත්පැන් අලෙවි කිරීමේ බලපත් වලින් සියයට 50 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී තිබෙන්නේ 1997 සිට 2001 දක්වා වසර පහක කාල සීමාව තුළදී බව අනාවරණය වේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද පැනයකට පිළිතුරු ලබාදී තිබෙන මුදල් අමාත්‍යංශය පවසා තිබෙන්නේ මේ වනවිට ලංකාව තුළ මත්පැන් අලෙවි…
පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් හි, නව කොටස්කාර පාර්ශවයක් වන ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම පවසා තිබෙන්නේ පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් Bieco Link Carbons (Pvt) Ltd සමාගම, එම්.එම්.ඩී. වෙන්චර්ස් ලංකා සමාගමට විකිණීම සහ පැවරීමට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබෙන බවයි. මීට අමතරව, එම්.එම්.ඩී. වෙන්චර්ස් ලංකා සමාගම විසින් Bieco Link Carbons (Pvt) Ltd සමාගමට අයත් වත්කම්…
පසුගිය වසර හයහමාරක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ පී. සමරසිරි මහතා ජුනි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස උසස් කර තිබේ. සහකාර අධිපතිවරයෙකු ලෙස පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කළේය. කොළඹ විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව විශේෂවේදී උපාධිය ලබා තිබෙන…
සැලසුම් සහගත ලෙස සංවර්ධනය කරමින් තිබෙන කොළඹ අග නගරයේ සිරිය තව තවත් වඩවමින් කොළඹ හතේ දැකුම්කළු අයුරින් ඉදිවූ නවතම සුපිරි සාප්පු සංකීර්ණය ඇතුළු පහසුකම් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද පස්වරුවේදී උත්සවාකාරයෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ පිහිටි විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය බ්‍රිතාන්‍යය සමයේ ඉදිකළ පෞරාණික…
Video Story