කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන ලකී ලංකා සමාගමේ ඊයේ ආරම්භවූ මහජන කොටස් නිකුතුව තවදුරටත් ආයෝජකයින් සඳහා විවෘතව පවතින අතර සමාගම විසින් මහජනතාවට ඉදිරිපත් කළ රුපියල් මිලියන 228 ක් වටිනා සාමාන්‍ය ඡන්ද හිමි කොටස් වලින් රුපියල් මිලියන 62.4 ක් වටිනා කොටස් සඳහා ඊයේ පස්වරු 4.30 වනවිට අයදුම්පත් ලැබී තිබේ. මේ බව, නිකුතුවේ කළමනාකරුවන් හා රෙජිස්ට්‍රාර්වරුන් වන ශ්‍රී…
යතුරු පැදි එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ලංකාවේ පිහිටුවීම සඳහා මැලේසියානු සමාගමක් මැලේසියානු රින්ගිට් මිලියන 20 ක මුදලක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ. මැලේසියානු මාධ්‍ය වාර්තා කරන්නේ DNC Asiatic Holdings Sdn Bhd නැමති මෙම සමාගම මැලේසියානු-චීන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස යතුරු පැදි එකලස් කිරීමේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන බවයි. මෙම සමාගම 2012 වසරේදී ලංකාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ…
රජය විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් හෙළිකර තිබෙන්නේ 2013 වසර වනවිට මෙරට ජනගහනයෙන් සියයට 40 කට පරිගණක සාක්ෂරතාවය තිබෙන බවයි. මේ බව, හෙළිවන්නේ මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාව (MID – YEAR FISCAL POSITION REPORT 2014) මගිනි. ජනතාවගෙන් සිය දෙනෙකු ගත්විට ඔවුන්ගෙන් 9.8 කට 2013 වසර අවසන්…
Aureos South Asia Fund LLC සතුව සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ තිබූ සියළුම කොටස් විකුණා තිබේ. මේ අනුව, මෙහිදී රුපියල් 32 ක් වන කොටස් මිලියන 02 ක් විකුණා තිබෙන බව සඳහන්ය.
පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් එහි කාබන් නිෂ්පාදන සමාගම වන Beico Link Carbon (Pvt) Ltd සමාගමේ 100% ක කොටස් විකිණීමට සූදානම් වෙද්දී මෙම සමාගම් සමූහයේ නව කොටස්කරුවෙකු වූ ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම එම විකිණීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් ගනී. මේ අනුව, ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ පී.සී.හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කිසිදු වත්කමක්…
ගමන් වියදම් සඳහා අයථා අන්දමින් මහජන මුදල් භාවිතා කළායැයි චෝදනා ලැබූ ජපාන දේශපාලනඥයෙකු එම චෝදනාව ඉවසාගත නොහැකිව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී හඬා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝව ලෝකය පුරා ලැව් ගින්නක් සේ පැතිරෙන බව වාර්තා වේ. මේ අනුව, මෙම වීඩියෝව පසුගිය බ්‍රහස්පතින්දා වනවිට වාර 640,000 ක් නරඹා තිබෙන බව සඳහන්ය. Ryutaro Nonomura නැමති 47 හැවිරිදි මෙම ජපාන…
දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරු මැද, වයඹ යන පළාත්වල සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ හඳුනාගත් ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 800 ක ණයක් ලබා ගැනීමට රජය සූදානම් වේ. මෙහිදී, ගම්මාන 1000 ක් තෝරා ගන්නා බවත් ඒවා ප්‍රධාන මාර්ග ජාලයට සම්බන්ධ කිරීමට පියවර ගන්නා බවත් රජය සඳහන් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රජය…
මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම සතු කාබන් නිෂ්පාදනය කරන Beico Link Carbon (Pvt) Ltd සමාගමේ 100% ක කොටස් බැංකු සහ අනිකුත් වගකීම්ද ඇතුළත්ව රුපියල් මිලියන 180 කට විකුණා ණය කරුවන්ගේ මුදල් වලින් කොටසක් ගෙවීමට සමාගම තීරණය කර ඇත. පසුගියදා රැස්වූ පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර…
ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) බැංකු අංශයේ ප්‍රධානියා මෙන්ම ප්‍රධාන බැංකු විශේෂඥයා වන හකන් ජෝන් විල්සන් මහතා කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස වහාම පත්කර තිබේ. මේ අනුව, මොහුව කොමර්ෂල් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්කර ඇත. මොහු ලෝක බැංකුවට අනුබද්ධ ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) 2009 වසරේ සිට සේවය කර තිබේ.
මේ වසරේ මුල් මාස හතර තුළදි කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත සමාගම්වල විදේශීය ආයෝජකයින් සිදුකර තිබෙන කොටස් මිලදී ගැනීම සියයට 37 කින් අඩුවී තිබෙන බව හෙළිවේ. මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2014 මාධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (MID – YEAR FISCAL POSITION REPORT 2014) මෙම කරුණු හෙළිවන අතර 2013 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා…
Video Story