උතුරු-නැගෙනහිර පැවති යුද්ධය නිසා මියගිය, ආබාධිත වූ පුද්ගලයින්, සිදුවූ දේපොළ හානි ඇතුළු තොරතුරු සොයා ගැනීම සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ සංගණනයේ අවසන් වාර්තාව තවත් මාස තුනකින් පමණ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමට (LLRC) භාරදිය හැකියැයි එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.සී.ඒ. ගුණවර්ධන මහතා අද කොළඹදී පැවසුවේ…
ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම, තොග පවත්වාගෙන යාම, වෙළඳ පොළ පිළිබඳ තීරණ ගැනීම ඇතුළු වැදගත් ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය වන මෙරට නව කෘෂි කාර්මික දත්ත සොයා ගැනීමට අදාළ වන 2013/2014 ආර්ථික සංගණනයේ කෘෂි කාර්මික කටයුතු පිළිබඳ සංගණනය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට ආරම්භ කර තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජන හා සංඛ්‍යා ලේඛන…
ජාතික සංවර්ධන බැංකුව (NDB) සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීමට යාම හමුවේ NDB කැපිටල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම් දී තිබෙන්නේ එම සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළද පොළේ ගනුදෙනු කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි. මෙම සමාගමේ ප්‍රධානතම කොටස් කරුවා වන්නේ ජාතික සංවර්ධන බැංකුවයි. මේ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබෙන්නේ NDB කැපිටල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ අනිකුත් පාර්ශව…
ඇඟලුම් අපනයනය කිරීමේ ප්‍රමුඛතම රටක් වන ශ්‍රී ලංකාවේ වෙළඳ පොළ තුළ සියයට 60 ක් පමණ අලෙවි කරන්නේ චීනය, ඉන්දියාව හා ඉන්දුනීසියාව වැනි රටවල නිෂ්පාදනය කළ ඇඟලුම් බව අනාවරණය වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඇඟලුම් සන්නාම සංගමයේ (Sri Lanka Apparel Brands Association- SLABA) සභාපති, ඉන්ද්‍රදත්ත ධර්මවර්ධන මහතා පැවසුවේ ලංකාවේ සිල්ලර ඇඟලුම් වෙළඳ පොළේ වටිනාකම…
ඇමරිකානු සම්බාධක මග හැරීම සඳහා රජය විසින් තුන්වන පාර්ශවයක් මාර්ගයෙන් ඉරාන බොරතෙල් ආනයනය කරන්නේ යැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපුටා දක්වමින් පළකර තිබෙන මාධ්‍ය වාර්තා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ පිළිබඳව රජය පවසා තිබෙන්නේ ඇමරිකානු සම්බාධක මග හැරීම සඳහා තෙවන පාර්ශවයක් මාර්ගයෙන් ලංකාව ඉරාන බොරතෙල් ආනයනය නොකරන බවත් එම ප්‍රකාශය සාවද්‍ය බවයි. රොයිටර් පුවත්…
ගුවන් යානා සඳහා ඉන්ධන සැපයීමට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රුපියල් බිලියන 05 ක ආයෝජනයකින් ඉදිකර තිබෙන ගුවන් තෙල් අංගනය සහ ගුවන් යානා ඉන්ධන නල පද්ධතිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 22 වනදා විවෘත කිරීමට සූදානම් වේ. මෙම ඉදිකිරීමත් සමගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් මත්තල ගුවන් යානා තෙල් පර්යන්තයේ ඉන්ධන ධාරිතාවය ලීටර් මිලියන තුනක්…
කාර්ගීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් “ත්‍රී කොයින්ස්“ බීර නිෂ්පාදන සමාගම කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට හා කාර්ල්ස්බර්ග් මැලේසියා සමාගමට අයත් ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී සමාගම විසින් මිලදීගෙන තිබෙන බව ඉතා විශ්වාසවන්ත වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. ත්‍රී කොයින්ස් සමාගම මිලදීගැනීම සඳහා ඩිස්ටිලරීස් සමාගමද ලංසුවක් ඉදිරිපත් කර තිබුණු අතර කාර්ගීල්ස් සමූහයේ ලාභයට ත්‍රී කොයින්ස්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පසුගිය අප්‍රේල් මාසයේ මෙරට අපනයන සියයට 9.4 කින් ඩොලර් මිලියන 762.2 ක් දක්වා වර්ධනය වෙද්දී ආනයන අඩුවී තිබෙන බවයි. මේ අනුව, ඇමරිකාවෙන් හා යුරෝපයෙන් හොඳ ඉල්ලුමක් පැවතීම නිසා අප්‍රේල් මාසයේදී ඇඟලුම් අපනයන ඉහළ යද්දී රබර් අපනයන පහළ ගොස් තිබේ. මීට අමතරව, තේ …
ලංකාවේ බැංකු සමග සම ආයෝජනයන් කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව (China Development Bank (CDB)) කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙන බවත් රජය කියයි. පසුගියදා කසකස්ථානයේ අස්ථානාහි, පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 47 වන වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් චීන සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් සාකච්ඡා කළ බවත් මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ…
වෙළඳ පොළේ සහල් මිල ඉහළ නැගීම හමුවේ සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශය විසින් සහල් ආනයනය කිරීමට සූදානම් වේ. මේ අනුව, සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා තීරණය කර තිබෙන්නේ සහල් මෙට්‍රික් ටොන් 100 ක් වහාම ආනයනය කිරීමටයි. ආනයනය කරනු ලබන සහල් රජයේ පාලන මිල යටතේ ලංකා සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර…
Video Story