කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සේවකයින් පිරිසක් විසින් මේ වනවිට ආරම්භ කර තිබෙන වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා ඇතිව තිබෙන බව අනාවරණය වේ. ගුවන් තොටුපොළේ සිටින අපගේ වාර්තාකරුවන් දැනුම් දුන්නේ ලංකාවෙන් පිටතට පියාසර කරන ගුවන් ගමන් වලට වැඩි බාධාවක් ඇතිව තිබෙන නමුත් ලංකාවට පැමිණෙන ගුවන් යානා සුපුරුදු පරිදි ක්‍රියාත්මක වන බවයි. කටුනායක ගුවන්තොටුපළ සහ ගුවන් සේවා…
ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන කුඩා ජල විදුලි බලාගාර පවත්වාගෙන යන වැලිබල් පවර් එරත්න සමාගමේ දෙවැනි විශාලතම කොටස්කරුවා වන ඒෂියා එනර්ජි මැනේජ්මන්ට් සිස්ටම්ස් (Asia Energy Management Systems) නැමති විදේශීය සමාගම සියයට 21 ක්වූ සිය කොටස් හිමිකම රුපියල් බිලියනයකට ආසන්න මුදලකට අද උදෑසන විකුණා දමා තිබේ. අප සමග අදහස් දක්වමින් වැලිබල් පවර් එරත්න සමාගමේ…
මෙරට ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුව ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 07 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ. මේ අනුව, මුලින්ම එකක් රුපියල් 100 ක් බැගින් වන ණයකර මිලියන 60 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 10 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
ජෝන් කීල්ස් සමූහයට අයත් නේෂන් ට්‍රස්ට් බැංකුවේ තවත් සියයට 5.53 ක කොටස් පසුගියද සිකුරාදා මිලදීගත් HWIC Asia නැමති විදේශීය අරමුදල විසින් නේෂන් ට්‍රස්ට් බැංකුවේ තමන් සතු කොටස් ප්‍රමාණය සියයට 15 ක් දක්වා මේ වනවිට වැඩිකර ගෙන තිබේ. මෙම අරමුදල විසින් 2013 අප්‍රේල් මාසයේදී මුලින්ම නේෂන් ට්‍රස්ට් බැංකුවේ කොටස් මිලදී ගනිමින් බැංකුවේ කොටස් කරුවෙකු බවට පත්විය….
මීට පෙර ගිවිසගත් පරිදි කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට අයත් Lion Brewery Ceylon PLC සමාගම සහ Pearl Springs (Private) Limited සමාගම විසින් කාර්ගීල්ස් සමූහයට අයත් Millers Brewery Limited සමාගම රුපියල් බිලියන 5.15 කට මිලදී ගනිමින් අදාළ ගනුදෙනුව නිමකර තිබේ. මෙහිදී, Millers Brewery Limited සමාගමට අයත් සන්නාම සහ සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට අයත්…
2015 අයවැය මගින් නාවික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් කර තිබෙන යෝජනා පිළිබඳවත් නාවික කේන්ද්‍රස්ථානයක් වීමට ශ්‍රී ලංකාවට තිබෙන අවස්ථාව පිළිබඳවත් අපි කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිළධාරී රොහාන් මාසකෝරාළ මහතා සමග විශේෂ සාකච්ඡාවක් කළා. මේ එම සාකච්ඡාවයි.
ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව යුගයක ආරම්භය සනිටුහන් කරමින් ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම නවතම එයාර්බස් A 330-300 ගුවන් යානාව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්ත විය. එහිදී අභිමානවත් බවින් පිරිපුන් විචිත්‍රවත් උත්සවයක් පැවති අතර එම අවස්ථාව සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය, සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය, පූජ්‍ය පක්ෂය මෙන්ම ගුවන් සමාගමේ සභාපති,…
කොළඹ පිරවුම් හල්වල ඩීසල් හා පෙට්රල් විකුණන මිලට වඩා ශත 50 ක් 60 ක් වැඩියෙන් පිට පළාත්වලදී ඩීසල් හා පෙට්රල් විකිණීම ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය කාලයේ සිදුකළත් එය හෙට සිට නතර කරන බව සංස්ථාව කියයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සිරිසේන අමරසේකර මහතා අප සමග පැවසුවේ හෙට සිට (නොවැම්බර් 01) ලංකාව පුරාම ඉන්ධන එකම…
2015 අයවැය මගින් විශ්‍රාමිකයින්ට ගෙවීමට යෝජනා කෙරුණු රුපියල් 2500 ක මාසික අන්තර් දීමනාව නොවැම්බර් 10 වනදා සිට විශ්‍රාම වැටුපට එකතු කර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. මුදල් අමාත්‍යංශයේ නියෝජ්‍ය ලේකම් එස්.ආර්. ආටිගල මහතා මේ පිළිබඳව අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “විශ්‍රාමිකයින්ට 2015 අයවැය මගින් මාසිකව ගෙවීමට තීරණය කළ රුපියල් 2500 ක අන්තර් දීමනාව නොවැම්බර්…
ලොව සුප්‍රකට ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, ටිම් කුක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන්නේ තමා සමලිංගිකයෙකු බවත් එසේ වීම පිළිබඳව ආඩම්බර වන බවයි. සමලිංගිකයින් මුහුණ දෙන ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා සහාය ලබාදීමක් ලෙස මෙම ප්‍රකාශය කර ඇතැයි සඳහන්ය. මේ අනුව, ටිම් කුක් විසින් මේ සතියේදී අවධාරණය කළේ සමලිංගිකයින්ගේ අයිතිවාසිකම් රැකීම සඳහා ඔහු ජීවත්වන ප්‍රාන්තය වන…
Video Story