Top News

ළඟදීම රටට ගොඩ බසින විශේෂ අමුත්තෙකු ගැන අවධානයෙන්

මෙරටට මේ වසරේදී එන දස ලක්ෂ වැනි සංචාරකයා අද හෙටම පැමිණෙනු ඇති බවත් ඔහු හෝ ඇය පිළිගැනීමට සූදානමින් සිටින බවත් සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති (Sri Lanka Inbound tour operator’s association) මහේන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය. ගිය වසරේදී සංචාරකයින් මිලියනයේ සීමාව ලංකාව සපුරා ගත්තේ 2013 නොවැම්බර් මාසය අවසානයේදී වන අතර මෙවර එම සීමාව අගෝස්තු අවසානයේදී හෝ සැප්තැම්බර්…

(0)Comments | August 26, 2014 3:55 am

ලෝකයේ විශාලතම රන් ණය සපයන්නා ඒෂියා ඇසට් ෆයිනෑන්ස් කුට්ටියක් ගනී

ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමට අනුබද්ධ ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 167.6 ක් එකක් රුපියල් 1.60 ක් බැගින් ඉන්දියාවේ Muthoot Finance Limited සමාගමට අද විකුණා තිබේ. මේ අනුව, මෙම ගනුදෙනුවේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 267 ක් පමණ වන අතර ඒෂියා ඇසට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් වලින් සියයට 29.9 ක් මෙම ඉන්දියානු සමාගමට මෙහිදී ලබාදී…

(0)Comments | August 25, 2014 12:02 pm

අපේ රුපියල පෑ පෙරළි මෙන්න!

මේ වසරේ මුල් මාස 08 තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.45 කින් අධි ප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මීට අමතරව, 2014 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා රුපියල යුරෝ වලට සාපේක්ෂව සියයට 3.50 කින් අධි ප්‍රමාණය වී තිබෙන අතර කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.62 කින් අධිප්‍රමාණය වී…

(0)Comments | August 25, 2014 6:23 am

ලංකාව තවත් ලෝක ශූරතාවයක් දිනයි. ධනංජය මව්බිමට බුහුමන් ගෙනෙයි

Toastmasters ජාත්‍යන්තර කථික තරගාවලියේ මහජනයා ඇමතීම (Public Speaking) යන කාණ්ඩය යටතේ පසුගියදා පැවති ලෝක ශූරතා තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට ධනංජය හෙට්ටිආරච්චි මහතා සමත්වෙයි. මෙම තරගාවලියේදී ලංකාව හා ඉන්දියාව එක් කාණ්ඩයක් ලෙස සලකන අතර එම කාණ්ඩය හැඳින්වෙන්නේ District 82 ලෙසිනි. මේ අනුව, ධනංජය හෙට්ටිආරච්චි මහතා තරග වැදුණේ District 82 යටතේ…

(0)Comments | August 25, 2014 4:25 am

වැස්ස නිසා පාවෙන වෙළඳ පොළ කල්යයි

දැඩි වර්ෂාව සහිතව කොළඹට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටකොටුව බැස්ටියන් මාවතේ ඉදිකළ පාවෙන වෙළඳ පොළ විවෘත කිරීම කල්දමා තිබේ. මෙම වෙළඳ පොළ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතව තිබුණි.

(0)Comments | August 22, 2014 8:36 am

දින කිහිපයක් උත්සාහ කර සමස්ත මිල දර්ශකය පිම්ම පනී

කොළඹ කොටස් වෙළඳ පොළේ දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 7000 සීමාව පසුකිරීමට වසර තුනකට පසුව අද සමත් විය. මේ අනුව, අද ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය ඒකක 7,004.75 ක්වූ අතර මීට පෙර සමස්ත මිල දර්ශකය දිනයේ ගනුදෙනු අවසානයේදී ඒකක 7000 සීමාව පසුකළේ 2011 අගෝස්තු 18 වනදා ඒකක 7,030.85 ක් බවට පත් වෙමිනි. පසුගිය…

(0)Comments | August 21, 2014 11:50 am

සංචාරක හා අපනයන ඉපැයුම් වලට හොඳ කලක්. මෙන්න! අපේ විදේශ වෙළඳාමේ නවතම තතු

මෙරට අපනයන ආදායම් ඉහළ නැගීමත් ඉන්ධන ආනයන සඳහා කළ වියදම පහත වැටීමත් හේතුවෙන් නවතම දත්ත වලට අනුව මෙරට වෙළඳ හිඟය (trade deficit) සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, 2014 ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම් ගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව සියයට 22 කින් වර්ධනය වී ඩොලර් මිලියන 986 ක්වී…

(0)Comments | August 21, 2014 11:34 am

ඇමරිකාව තුළ ලංකාවේ නම හදන්න ප්‍රචාරණ සමාගම් දෙකකට දෙයි

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට 2014 ජුනි මාසය දක්වා Thompson Advisory Group LLC (TAG) නැමති ප්‍රචාරණ සමාගම සමග සහ 2014 අගෝස්තු මාසයේ සිට Liberty International Group LLC නැමති ප්‍රචාරණ සමාගම එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාවේ ප්‍රතිරූපය නැංවීමේ ප්‍රචාරණ වැඩසටහනක් ඇමරිකාවේ දියත් කළබව බැංකුව පවසා තිබේ. මෙම ප්‍රචාරණ වැඩසටහන මගින් අරමුණු කර තිබෙන්නේ ඇමරිකාව තුළ…

(0)Comments | August 20, 2014 11:55 am

කොළොම් පුරේ අළුත් ගෙවල් හදන්න, අළුත් සමාගමක්

කොළඹ නගරයේ පැල්පත් වාසී ජනතාව සඳහා නව නිවාස ඉදිකිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය යටතේ නිවාස ව්‍යාපෘති සිදුකිරීමට MTD Walkers PLC සමූහය විසින් CML-MTD නමින් නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කර තිබේ. මෙම නව සමාගම විසින් සිය ව්‍යාපෘතිය සඳහා විදේශීය ආයෝජන ලබාගැනීමට සූදානම් බවත් මුල් අදියරේ ව්‍යාපෘතිය යටතේ නිවාස 5000 ක් ගොඩ නැගීමට සූදානම් බවත් සඳහන්ය….

(0)Comments | August 20, 2014 4:34 am