Top News

සංචාරක හා අපනයන ඉපැයුම් වලට හොඳ කලක්. මෙන්න! අපේ විදේශ වෙළඳාමේ නවතම තතු

මෙරට අපනයන ආදායම් ඉහළ නැගීමත් ඉන්ධන ආනයන සඳහා කළ වියදම පහත වැටීමත් හේතුවෙන් නවතම දත්ත වලට අනුව මෙරට වෙළඳ හිඟය (trade deficit) සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, 2014 ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම් ගිය වසරේ ජුනි මාසයට සාපේක්ෂව සියයට 22 කින් වර්ධනය වී ඩොලර් මිලියන 986 ක්වී…

(0)Comments | August 21, 2014 11:34 am

ඇමරිකාව තුළ ලංකාවේ නම හදන්න ප්‍රචාරණ සමාගම් දෙකකට දෙයි

පසුගිය වසරේ මාර්තු මාසයේ සිට 2014 ජුනි මාසය දක්වා Thompson Advisory Group LLC (TAG) නැමති ප්‍රචාරණ සමාගම සමග සහ 2014 අගෝස්තු මාසයේ සිට Liberty International Group LLC නැමති ප්‍රචාරණ සමාගම එක්ව ශ්‍රී ලංකා මහ බැංකුව ලංකාවේ ප්‍රතිරූපය නැංවීමේ ප්‍රචාරණ වැඩසටහනක් ඇමරිකාවේ දියත් කළබව බැංකුව පවසා තිබේ. මෙම ප්‍රචාරණ වැඩසටහන මගින් අරමුණු කර තිබෙන්නේ ඇමරිකාව තුළ…

(0)Comments | August 20, 2014 11:55 am

කොළොම් පුරේ අළුත් ගෙවල් හදන්න, අළුත් සමාගමක්

කොළඹ නගරයේ පැල්පත් වාසී ජනතාව සඳහා නව නිවාස ඉදිකිරීමේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය යටතේ නිවාස ව්‍යාපෘති සිදුකිරීමට MTD Walkers PLC සමූහය විසින් CML-MTD නමින් නව ආයෝජන මණ්ඩල සමාගමක් ආරම්භ කර තිබේ. මෙම නව සමාගම විසින් සිය ව්‍යාපෘතිය සඳහා විදේශීය ආයෝජන ලබාගැනීමට සූදානම් බවත් මුල් අදියරේ ව්‍යාපෘතිය යටතේ නිවාස 5000 ක් ගොඩ නැගීමට සූදානම් බවත් සඳහන්ය….

(0)Comments | August 20, 2014 4:34 am

මර්සිඩීස් බෙන්ස් වරදකරුවන් වෙයි

චීනයේ ක්‍රියාත්මක මෝටර් රථ අලෙවි සමාගම් සම්බන්ධයෙන් එරට විසින් ආරම්භ කර තිබෙන ඒකාධිකාරී විරෝධී පරීක්ෂණ (anti-monopoly investigation) වලින් මර්සිඩීස් බෙන්ස් සමාගම මෝටර් රථ අමතර කොටස්වල මිල අයථා අන්දමින් ඉහළ දමා ඇතැයි වරදකරුවන් කර තිබෙන බව වාර්තා වේ. මේ බව Xinhua මාධ්‍ය වාර්තා කරන අතර ඒ සම්බන්ධයෙන් පනවා තිබෙන දඩය පිළිබඳව වාර්තා නොවේ. මේ අතර, මෙම…

(0)Comments | August 19, 2014 11:54 am

JKH ගනුදෙනුවක් සමග කොටස් පොළ වසරේ වාර්තාව තබයි

(දෙවන සංස්කරණය)- රුපියල් බිලියන 8.1 ක වෙළඳ පොළ පිරිවැටුමක් (Market Turnover) වාර්තා කරමින් කොළඹ කොටස් වෙළඳ පොළ  වසරේ වාර්තාකළ ඉහළම වෙළඳ පොළ පිරිවැටුම අද වාර්තා කිරීමට සමත්විය. මෙම පිරිවැටුමෙන් රුපියල් බිලියන 07 කට වැඩි පිරිවැටුමක් ලැබී ඇත්තේ ජෝන් කීල්ස් සමාගමේ කොටස් මිලියන 29.4 ක් කොටසක් රුපියල් 240 ක් බැගින් සිදුවූ ගිවිසගත් කොටස් ගනුදෙනු (Crossings) හේතුවෙනි….

(0)Comments | August 19, 2014 8:59 am

අපි ඩොලර් බිලියන 100 ක ආර්ථිකයක් වෙන්නේ කවදාද?

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (Gross Domestic Product) 2016 වසර අවසන් වනවිට ඩොලර් බිලියන 100 ක සීමාව පසුකරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා විශ්වාසය පළකරයි. කොළඹදී පැවැත්වෙන 2014 ආරක්ෂක සමුළුව අමතමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව අනාවරණය කළ අතර ඔහු කියා සිටියේ මේ වසර අවසන් වනවිට මෙරට දළ දේශීය නිෂ්පාදිතය…

(0)Comments | August 19, 2014 6:52 am

Breaking News- පුවත පහදන තුරු ඔරියන්ට් ගාමන්ට් කොටස් ගනුදෙනු අත්හිටුවයි

අද පළවී ඇති පුවතක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන තුරු ඔරියන්ට් ගාමන්ට් පී.එල්.සී. සමාගමේ (OGL.N0000) කොටස් ගනුදෙනු කිරීම කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අත්හිටුවා තිබේ. අනාවරණය වන ආකාරයට මෙම පුවත පළවී තිබෙන්නේ ඉංග්‍රීසි පුවත් පතක ව්‍යාපාරික අතිරේකයේයි.

(0)Comments | August 19, 2014 4:08 am

විදුලි මුසුව වෙනස් වෙයි

දිවයිනේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදනය සමස්ත විදුලියෙන් සියයට 52 ක් දක්වා වර්ධනය වී තිබේ. අප සමග අදහස් දක්වමින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති, ඩබ්ලිව්.බී. ගනේගල මහතා පැවසුවේ ගල් අඟුරු වලින් සමස්ත විදුලියෙන් සියයට 25 ක් මේ වනවිට නිපදවන නිසා විදුලිබල මණ්ඩලය භාවිතා කරන තෙල් වලින් නිපදවන…

(0)Comments | August 18, 2014 10:25 am

බාර්ට්ලීට් ලොකු කුට්ටියත් විකිණේ

බාර්ට්ලීට් ෆයිනෑන්ස් සමාගමේ සියයට 86.79 ක කොටස් ප්‍රමාණය ජනශක්ති ලිමිටඩ් සමාගමට විකිණීමට බාර්ට්ලීට් ට්‍රාන්ස්කැපිටල් ලිමිටඩ් සමාගම ගිවිසුමකට එළඹෙයි. මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවසර දී තිබෙන්නේ බාර්ට්ලීට් ෆයිනෑන්ස් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මිලදී ගනිමින් ඔරියන්ට් ෆයිනෑන්ස් සමාගම සමග ඒකාබද්ධ කිරීම සඳහායි. මෙම ගනුදෙනුව සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශයේ ඒකාබද්ධ කිරීමේ…

(0)Comments | August 18, 2014 5:57 am