ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පී.සී. ෆාර්මා සමාගමේ කොටස් වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) ලබාදී තිබියදීත් එහි කොටස් මිලියන 31 ක් විකුණා දැමීමේ ආන්දෝලනයට තුඩුදුන් ගනුදෙනුව වහාම අවලංගු කරන්නැයි සුරැකුම්පත් හා විනිමය කොමිසම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම්දී තිබේ. ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පසුගියදා පී.සී. ෆාර්මා සමාගමේ සියයට 30 කට වැඩි කොටස් මිලදී ගත්තේය. සමාගමක සියයට…
පසුගිය 08 වනදා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත කළ අනාවරණය පිළිබඳව සවිස්තර තොරතුරු ලැබෙන තුරු පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ තීරණය කර තිබේ. පසුගිය සිකුරාදා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට අනාවරණය කර තිබුණේ බෙයිකෝ ලින්ක් කාබන්ස් සමාගමේ සියයට 100 ක…
ජේම්ස් පැකර්ගේ මැකාවු කැසිනෝ ව්‍යාපාරික කටයුතු සමග සම්බන්ධ වී සිටින සමාගමක් නීති විරෝධී අයුරින් ඩොලර් මිලියන සිය ගණනක් හුවමාරු කර ඇතැයි තායිවානය විසින් චෝදනා කර තිබෙන අතර තායිපේ දිස්ත්‍රික්කයේ විමර්ශන කාර්යාලය විසින් එම සමාගමට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොංකොං පදනම් කරගත් MCE International සමාගමේ තායිපේ ශාඛාව විසින්…
මේ වසර අවසන් වනවිට මෙරට ගෙවුම් ශේෂයේ ඩොලර් බිලියන 1.5 ක පමණ අතිරික්තයක් ඇතිවනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ මේ වනවිට සංචාරක කර්මාන්තයෙන්, ප්‍රේෂණ වශයෙන්, අපනයන වලින්, විදේශීය ණය වශයෙන් මෙරටට ගලා එන මුදල් වර්ධනය වී තිබෙන බවයි….
මෙරට ඉතිහාසය තුළ පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 09 ක සීමාව පසුකිරීමට සමත්ව තිබෙන බව මහ බැංකුවේ අධිපතිවරයා කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ ඊයේ දිනයේ මෙම සීමාව පසුකළ බවයි. පසුගිය මැයි මාසය අවසන් වනවිට මහ බැංකුවේ නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන…
මෙරට ණය පිළිබඳව නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන අතර එහිදි අනාවරණය කර තිබෙන්නේ 2014 ජූනි මාසය අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ලංකාවේ ණයබර සියයට 74.3 ක් දක්වා අඩුවී තිබෙන බවයි. මෙරට ණය 2013 වසර අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) ප්‍රතිශතයක් ලෙස සියයට 78.3 ක් විය. එය 2005…
ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පී.සී. ෆාර්මා සමාගමේ කොටස් වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) ලබාදී තිබියදීත් එහි කොටස් මිලියන 31 ක් විකුණා දැමීම හමුවේ අදාළ අනිවාර්ය අර්පණය (Mandatory Offer) පිළිබඳ තොරතුරු පැහැදිලි කරන තුරු එම සමාගම් දෙකේ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ තීරණය කර තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් කොළඹ…
ටච්වුඩ් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගම ඈවර කර වසා දමන්නැයි පනවා තිබෙන නඩුව අද කොළඹ වාණිජ මහාධිකරණයේදී නැවත කැඳවූ අතර එහිදී සමාගමේ හිටපු සභාපතිවරයා වන ලංකා විජේන්ද්‍ර කිවුලේගෙදර අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ ඈවරකරුවාට ගිණුම් වාර්තා සහ වත්කම් සහ වගකීම් පිළිබඳ තොරතුරු ලබාදීමට 2014 අගෝස්තු 25 වනදා දක්වා කල් ලබාදෙන ලෙසයි. මෙහිදී, අධිකරණය විසින් ඒ සඳහා අවස්ථාව ලබාදී තිබෙන…
ඩී.එෆ්.සී.සී. බැංකුව විසින් නිකුත් කළ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 30 ක් සඳහා රුපියල් බිලියන පහකට වැඩි වටිනාකමක් සහිත ලංසු ලැබී නිකුතුවට අධි ඉල්ලුමක් ලැබී තිබේ. බැංකුව විසින් සඳහන් කළේ මෙම ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇති වුවහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කරන බවයි. නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ලැබීම නිසා එය…
Video Story