Top News

ඇමරිකන් හොරුන් මයුරගේ සිහිනය සැබෑ කරයි

මිතුරෙකු කොල්ලකෑමට පැමිණි සොරුන් කණ්ඩායමකට ඇමරිකාවේ ටෙක්සාස් හිදී, එලව එලවා පහරදී මුළු ලොවේම අවධානය දිනාගත් ගෞරවණීය ශ්‍රී ලාංකික තරුණයා වන මයුර සාරංග දිසානායකගේ දක්ෂතා කෙරෙහි ලොව විශාලතම මිශ්‍ර ආත්මාරක්ෂක සටන් ප්‍රවර්ධන සමාගමේ ප්‍රධානියා වහ වැටී තිබෙන බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ UFC (Ultimate Fighting Championship) නැමති මෙම සමාගමේ සභාපති, ධනා වයිට් මයුර සොරුන්ට…

(0)Comments | July 29, 2014 10:57 am

වෝටර් ගාඩ්න්ස්. සීගිරි ළඳුන් පාමුල ඉහළ සංචාරක අත්දැකීමක්

වාද්දූවේ බ්ලූ වෝටර් හෝටලය අයත් Union Resorts & Spa Ltd සමාගම විසින් “වෝටර් ගාඩ්න්ස්“ නමින් හෝටලයක් සීගිරිය ප්‍රදේශයේ ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹ තිබේ. මෙම හෝටලය මගින් ඉලක්ක කර තිබෙන්නේ වැඩිපුර මුදල් වියදම් කරන සංචාරකයින් සඳහා ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සංචාරක අත්දැකීමක් ලබාදීමයි. මෙහි සුපිරි පහසුකම් වලින් පිරි සංචාරක බංගලා 30…

(0)Comments | July 29, 2014 6:25 am

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ බැංකු කරුවෙකු මෙන්ම ආර්ථික විද්‍යාඥයෙකු වන කේ.ජී.ඩී.ඩී.ධීරසිංහ මහතා හෙට සිට බලපැවැත්වෙන පරිදි පත්කළ බව කොමර්ෂල් බැංකුව කියයි. බැංකු ක්ෂේත්‍රය පිළිබඳව වසර 37 ක පමණ අත්දැකීම් ඇති ධීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙසද කටයුතු කළේය. මීට අමතරව, එම්.පී. ජයවර්ධන මහතා කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස පත්කර…

(0)Comments | July 28, 2014 12:58 pm

Dunamis Capital ණයකර නිකුතුව උතුරයි

රුපියල් බිලියනයක් රැස්කිරීම සඳහා එකක් රුපියල් 100 ක් බැගින් Dunamis Capital පී.එල්.සී. සමාගම විසින් නිකුත්කළ මිලියන 10 ක ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ඇතිවෙයි. මේ අනුව, නිකුතුවේ කළමනාකරුවන් විසින් දැනුම් දී තිබෙන්නේ අද පස්වරු 4.30 ට මෙම නිකුතුව අවසන් කරන බවයි. නිකුතුව සඳහා රුපියල් බිලියනයක් ඉක්මවා යන අයදුම් පත් ලැබී ඇතැයි සඳහන්ය.

(0)Comments | July 28, 2014 5:29 am

දිනේෂ් වීරක්කොඩි කොමර්ෂල් ලොකු පුටුවට සමුදෙයි

කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන දිනේෂ් ස්ටෙෆාන් වීරක්කොඩි මහතා 2014 ජූලි 28 වනදා සිට එම තනතුරෙන් ඉවත් වනබව කොළඹ කොටස් වෙළඳ පොළ වෙත බැංකුව නිවේදනය කර තිබේ. වීරක්කොඩි මහතා ජූලි 28 වනදා වනවිට බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වී වසර 09 ක් සපුරන බවත් ඔහු බැංකුවේ සභාපති තනතුරට අමතරව අධ්‍යක්ෂ තනතුරටද සමුදෙන බවත් සඳහන්ය.

(0)Comments | July 25, 2014 2:55 pm

පී.සී. හවුස් කුට්ටියක් Redington Global අතට

Redington Global (Private) Limited නම් සමාගම විසින් පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ ඡන්ද සහිත සාමාන්‍ය කොටස් මිලියන 27.2 ක් අද මිලදීගෙන තිබේ. මෙම මිලදී ගැනීමට පෙර මෙම සමාගමට පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් හි, කොටස් මිලියන 17.8 ක් අයත්ව තිබුණු අතර මෙම මිලදී ගැනීමෙන් පසුව පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් වලින් සියයට 17.9 ක් අයත් වන්නේ මෙම සමාගමටයි.

(0)Comments | July 25, 2014 2:31 pm

විදේශිකයින්ට ඉඩම් විකිණීම තහනම්. දකුණු අප්‍රිකාවත් අළුත් මාවතකට

විදේශිකයින්ට ඉඩම් අලෙවි කිරීම තහනම් කිරීමට දකුණු අප්‍රිකානු රජය තීන්දු කර තිබෙන අතර වාර්තා වන්නේ මේ වනවිට ඔප්පු සහිත ඉඩම් හිමි විදේශිකයින්ගේ ඉඩම් නැවත අත්පත් කර නොගැනීමට මෙහිදී තීන්දු කර තිබෙන බවයි. මෙම තීරණයේ අදහස වන්නේ විදේශිකයින් ඉඩම් මිලදී ගැනීම නතර කරමින් අවම වශයෙන් අවුරුදු 30 ක හෝ කල්බදු පහසුකම් මත ඉඩම් ලබාගැනීමට ඔවුන් යොමු…

(0)Comments | July 25, 2014 9:12 am

මැක්ඩොනල්ඩ්ස් චිකන් නගට්ස් ප්‍රශ්නයක පැටලේ

ක්ෂණික ආහාර සමාගම් සඳහා කල් ඉකුත් වූ මස් අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙන චීනයේ Husi Food සමාගමෙන් කුකුළු මස් හා ඌරු මස් ලබාගැනීම නිසා ලොව සුපතල මැක්ඩොනල්ඩ්ස් සමාගම හොංකොං හි, චිකන් නගට්ස් සහ තවත් නිෂ්පාදන කිහිපයක් අලෙවි කිරීම අත්හිටුවා තිබේ. චීනය විසින් මේ වනවිට ෂැන්ග්හයි නුවර කේන්ද්‍ර කරගත් Husi Food සමාගමේ මෙහෙයුම් කටයුතු…

(0)Comments | July 25, 2014 8:37 am

කොට්ටාවට බැංකු කළාපයක්

කොට්ටාව නගරය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දැනට කොට්ටාව නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර තුනහ මාරක පමණ ඉඩමක් බැංකු කාර්යාල පිහිටුවීම සඳහා වෙන් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු යොදා තිබේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, එන්.පී.කේ. රණවීර මහතා මෙසේ පැවසීය. “කොට්ටාව නගරය තුළ නාගරික සංවර්ධන අධිකාරියට…

(0)Comments | July 24, 2014 1:36 pm