Top News

දකුණු අධිවේගියේ තවත් පිම්මකට මුල පුරයි

කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා ඉදිකර තිබෙන දකුණු අධිවේගී මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා කිලෝ මීටර් 30 ක් වන කොටස ඉදිකිරීම සඳහා ණය මුදල් සම්පාදනය කර ගැනීමට කැබිනට් මණ්ඩලය අවසර ලබාදී ඇත. මහා මාර්ග, වරාය සහ නාවික අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවකට අනුව මෙම අවසරය ලබාදුන් බව රජය සඳහන් කරයි….

(0)Comments | November 20, 2014 12:16 pm

ජනාධිපතිවරණ දිනය හෙළිවෙයි

එළඹෙන ජනාධිපතිවරණය ලබන ජනවාරි 03 වනදා හෝ 07 වනදා යන දින දෙකෙන් එකකදී පැවැත්වීමට අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර වලින් අප වෙත අනාවරණය වේ. මෙහිදී, රජය විසින් ජනවාරි 03 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි කැමැත්තක් දැක්වුවත් මැතිවරණ ලේකම් කාර්යාලය කැමැත්තක් දක්වා තිබෙන්නේ ජනවාරි 10 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමටයි. කෙසේවෙතත්, පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් ජනවාරි…

(0)Comments | November 19, 2014 7:37 am

මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීම හොඳද ? නරකද? – Video Interview

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන පිළිබඳව මූල්‍යායතන දරන්නේ කිනම් අදහසක්දැයි යන මැයෙන් අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන ටී.කේ.එස්. ෆයිනෑන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී, රසික කළුආරච්චි මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මේ එම සාකච්ඡාවයි

(0)Comments | November 19, 2014 5:41 am

කොටස් පොළේ EPF ආයෝජන සුරක්ෂිතද ? -Video Interview

සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් පාඩු ලබා තිබෙන බව 2012 වෙනුවෙන් අරමුදල විසින් නිකුත් කළ වාර්තාවට විගණකාධිපතිවරයා එකතු කර තිබෙන ඇමුණුමෙන් හෙළිවේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදු කළා. මේ…

(0)Comments | November 18, 2014 1:06 pm

කොටස් පොළේ EPF ආයෝජන ගැන මහ බැංකුව කියන කතාව මෙන්න!

පවතින යහපත් ආයෝජන වාතාවරණය හමුවේ සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජනවල තවමත් විකුණා නොමැති කොටස් වලින් 2014 නොවැම්බර් 14 වනදා වනවිට රුපියල් බිලියන 14 ඉක්මවන ලාභයක් ලබා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ 2014 වසරේ මේ දක්වා සේවක අර්ථ සාධක අරමුදල විසින්…

(0)Comments | November 18, 2014 5:13 am

ලයන් බීර, බිලියන දෙකේ ණයකරයත් “චියර්ස්“

රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් සිදුකිරීමට නියමිත ණයකර නිකුතුව ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදෙයි. මෙම නිකුතුව විවෘත වන්නේ 2014 නොවැම්බර් 28 වනදායි. මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති වන්නේ නම් තවත් ණයකර…

(0)Comments | November 17, 2014 2:08 pm

එක්ස්පෝලංකා සමාගම් 08 ක් තුන් ඈවරයි

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමට අනුබද්ධ සමාගම් 08 ක් රුපියල් මිලියන 740 කට අබේර්ඩීන් හෝල්ඩින්ග්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Aberdeen Holdings) සමාගමට විකුණා තිබේ. එක්පෝලංකා හෝල්ඩින්ග්ස් පවසන්නේ සමාගමේ සිදුකරමින් සිටින ව්‍යුහාත්මක වෙනස්කම්වල කොටසක් ලෙස මෙම විකුණා දැමීම කළ බවයි. මීට අමතරව, එක්පෝලංකා වෙත අයත්ව තිබූ අවිස්සාවේල්ලේ අංක 245/49 සහ අංක 245/50 යන ස්ථානවල…

(0)Comments | November 17, 2014 8:16 am

පැකර්ගේ ලංකා ආගමනයට අභියෝග රැසක්ලු

ලොව ප්‍රබලතම කැසිනෝ ව්‍යාපාරිකයෙකු ලෙසින් සැලකෙන ජේම්ස් පැකර් ශ්‍රී ලංකාවේ සිදුකිරීමට සැලසුම් කර තිබෙන ඩොලර් මිලියන 400 ක මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ රජය සමග දිගින් දිගටම සාකච්ඡා කරමින් තිබෙන නමුත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අභියෝග ගණනාවක්ම පැන නැගී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. “ඒජ්“ පුවත් සේවාව වාර්තා කරන්නේ 2015 අයවැය මගින් ශ්‍රී…

(0)Comments | November 17, 2014 6:05 am

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය (CRIB) තවත් පොලීසියක්ද ? –Video Interview

මූල්‍යායතනයකින් ගනුදෙනු කරුවෙකු ණය මුදලක් ලබාගත් විට එම ණය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයට ලැබෙනවා. ගනුදෙනු කරුවන් ණය ගෙවීම ප්‍රමාද වනවිට ඔවුන් ණය තොරතුරු කාර්යංශයේ “බ්ලැක් ලිස්ට්“ කරන බවට ඇතැම් මූල්‍යායතන විසින් ගනුදෙනු කරුවන්ට යම් තර්ජනාත්මක ආකාරයෙන් දැනුම් දෙනවා. මේ පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් ශ්‍රී ලංකා ණය තොරතුරු…

(0)Comments | November 17, 2014 4:18 am

Facebook ගිණුම ඇතුළු ඔබේ ඩිජිටල් දත්ත සුරක්ෂිතද? –Video Interview

ෆේස්බුක් ගිණුම, ණය පත් (Credit Card) ඇතුළුව බොහෝ ඩිජිටල් දත්ත (Digital Data) ශ්‍රී ලාංකිකයින් විසින් මේ වනවිට භාවිතා කරයි. කෙසේවෙතත්, මේවා සුරක්ෂිත ලෙස භාවිතා කිරීමත් එම දත්ත අවභාවිතා කළහොත් එයට එරෙහිව ගත හැකි ක්‍රියා මාර්ගත් ඉතා වැදගත් වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ, නීති පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය තුසිත අබේසේකර මහතා සමග…

(0)Comments | November 14, 2014 6:14 am