Top News

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳව ඉහළ මට්ටමේ කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව පිළිබඳ ශ්‍රී ලංකාවේ 3වන අන්‍යොන්‍ය ඇගයීම සඳහා සූදානම මුදල් විශුද්ධිකරණය වැළැක්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම (APG) විසින් සම්බන්ධීකරණය කරනු ලබන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව…

(0)Comments | February 10, 2025 5:28 pm

සතියේ පළමු දිනයේම කොටස් වෙළෙඳපොළේ විශාල පසුබැස්මක්

මෙම සතියේ ආරම්භක ගනුදෙනු දිනය වූ අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සැලකිය යුතු පහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,566.27 ක් දක්වා ඒකක 168.41ක පහළ යාමක් වාර්තා කළ අතර S&P SL20 දර්ශකය ඒකක 4,959.45 ක් දක්වා ඒකක 32.69 ක පහළ බැසීමක් වාර්තා කළේය. ප්‍රධාන වශයෙන්…

(0)Comments | February 10, 2025 5:00 pm

කොළඹ සහ ඩකා අතර ගුවන් ගමන්වාර වැඩි කරමින් FitsAir ගුවන් සමාගම සතිපතා අමතර ගුවන් ගමන් වාර දෙකක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට…

(0)Comments | February 10, 2025 4:27 pm

2025 සංචාරක පැමිණීම ලක්ෂ 3 සීමාව ඉක්මවයි

2025 වසරේ මේ දක්වා‌ ගත වූ කාල සීමාව තුළ 332,439ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාව නිකුත් කරමින් පවසයි. පෙබරවාරි මාසයේ පළමු දින 09 තුළ දී 79,678ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර පෙබරවාරි 06 වන දා වන විට මෙම වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 3 සීමාව…

(0)Comments | February 10, 2025 3:38 pm

ඩොලරය පහළ බසී

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.18 ක් හා විකුණුම් මිල රු. 301.74 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අතර අද (10) දින ඩොලරයේ මධ්‍ය අගය වාර්තා වන්නේ රු. 297.65 ක් ලෙසිනි. පසගිය පෙබරවාරි 05 දින මෙම අගය රු. 299.14 ක් දක්වා…

(0)Comments | February 10, 2025 12:38 pm

ලොව වඩාත් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනූ නගරය ලෙස සීගිරිය නම් කරයි

Booking.com විසින් 2025 වසර සඳහා ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගරය ලෙස ශ්‍රී ලංකාවේ සීගිරිය නම් කර ඇත. මෙම නම් කිරීම සිදු කර ඇත්තේ මිලියන 360 කට අධික සංචාරක ප්‍රතිචාර මත පදනම්වයි. Booking.com විසින් වාර්ෂිකව පිරිනමනු ලබන “Traveller Review Awards” ට සමගාමීව 2025 වසර සඳහා වන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර 10 මෙලෙස එළිදක්වා අතර, සංචාරකයින්ට…

(0)Comments | February 10, 2025 12:25 pm

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට අපනයනකරුවන්ට ජනපතිගෙන් ආරාධනා

ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය. වෙළෙඳපොළ අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී තිබෙන්නේ ඉතා ශක්තිමත් ස්ථාවරයක සිට නොවන බැවින් තවත් පාර්ශ්වයක සහාය ලබා ගැනීමට සිදු වූ බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ඒ අනුව පවතින ආර්ථික ස්ථාවරත්වය තුළ ගොඩ නැගුණ අත්තිවාරම මත…

(0)Comments | February 10, 2025 8:59 am

ජනවාරියේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 573ක් ශ්‍රී ලංකාවට

2025 ජනවාරි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 573 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 487.6 හා සැසදීමේ දී 17.5%ක කැපීපෙනෙන වර්ධනයකි. මේ අතර පසුගිය 2024 සමස්ත වර්ෂය තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් බිලියන 6.57ක…

(0)Comments | February 9, 2025 9:32 am

අතිවිශාල ජන සහභාගීත්වයක් සමඟින් වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය මෙවරත් BMICH හිදී

වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය මේ වන විට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. මෙවර මෙම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 15 වැනි වරටයි. පසුගිය පෙබරවාරි 06 වැනි දින ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අතිසාර්ථක සිව්වැනි දිනයටත් අද (09) දින ක්‍රියාත්මක අතර අද එහි අවසාන දිනයයි. පාවහන් සහ සම්භාණ්ඩ…

(0)Comments | February 9, 2025 9:02 am

කොටස් වෙළෙඳපොළේ පෙරළිකාර වර්ධනයක්

අද (07) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පෙරළිකාර වර්ධනයක් දක්නට ලැබුණි. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 227.95 කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 68.85කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,734.68 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 4,992.14 ක් ලෙසත් වාර්තා…

(0)Comments | February 7, 2025 6:58 pm

Video Story

Stock Market

Exchange Rates