Top News

රන් මිල අදත් පහළට

අද (29) පෙරවරුව වන විට කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 294,200ක් දක්වාත් කැරට් 24 රන් පවුමක මිල රු. 318,00ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා වේ. මේ අනුව රුපියල් 2,000කින් මේ වන විට අද දිනය තුළ මෙරට රන් මිල අඩු වී ඇත. පසුගිය කාල සීමාව තුළ පාලනයකින් තොරව ඉහළ…

(0)Comments | October 29, 2025 11:27 am

ඩොලරයේ අද මිල

එක්සත් ජනපද ඩොලරයක රුපියල් අගය අද (29) දිනයේ ද සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.23 ක් ලෙසින් සටහන්ව ඇත. 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ අගය රු. 304…

(0)Comments | October 29, 2025 11:14 am

අඛණ්ඩව තෙවන දිනටත් කොටස් වෙළෙඳපොළ පසුබසී

අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 99.57ක පහළ යාමක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,689.22ක් ලෙසින් සටහන් වූ අතර මෙලෙස කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩව තෙවැනි දිනය අදයි. මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක…

(0)Comments | October 28, 2025 4:49 pm

අස්වැසුම දෙන්න යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි – ලෝක බැංකුව කියයි

“අස්වැසුම” සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළහ. ඒ සඳහා වූ තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට සුදානම් බවද ඔවුහු ප්‍රකාශ කළහ. මේ පිළිබඳ අදහස් පළවුයේ “අස්වැසුම වැඩසටහන” පිළිබඳව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්, ආර්ථික…

(0)Comments | October 28, 2025 3:39 pm

ඉන්දියාවෙන් නැගෙනහිර පළාතට සංවර්ධන ව්‍යාපෘති 33ක්. රු. මිලියන 2,371.83ක ප්‍රදානයක්

ඉන්දියානු බහු ආංශික ප්‍රදාන ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය හා ශ්‍රී ලංකා රජය අතර අවබෝධතා ගිවිසුමක් 2025‑04‑05 දින අත්සන් කරනු ලැබ ඇති අතර, ඒ යටතේ නැගෙනහිර පළාතේ සංවර්ධන අවශ්‍යතා සපුරාලන ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,371.83ක ප්‍රදානයක් ලබා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත….

(0)Comments | October 28, 2025 3:07 pm

ඩීසල් නැව් තොග 05ක කොන්ත්‍රාත්තුවක් Trafigura Pte Ltd වෙත

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2025‑11-15 දින සිට 2026‑06-14 දින දක්වා කාලය තුළ ඩීසල් (0.05% M.S.) බැරල් 1,400,000+/-5% (නැව් තොග 05ක්) ප්‍රසම්පාදනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීම පිණිස එම  සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසුකරුවන් 07 දෙනෙකු විසින් ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත…

(0)Comments | October 28, 2025 2:56 pm

ඩොලරය ඉහළට. වසරකට පසු වැඩිම මිල අද

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකයට අනුව අද (28) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකය (USD/LKR Spot Exchange Rate) රු. 304.02 ක් ලෙසින් සටහන්ව තිබේ. මෙලෙස ඩොලරයේ මිල රු. 304 සීමාව ඉක්වා ගොස් ඇත්තේ පසුගිය 2024 වසරේ සැප්තැම්බර් 24 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. එදින ඩොලරයේ මිල රු. 304.42ක් ලෙසින් වාර්තා වී තිබුණි….

(0)Comments | October 28, 2025 12:51 pm

“කැරට් 22” ලක්ෂ 3න් පහළට

අඛණ්ඩව ලක්ෂ 3 සිමාවට ඉහළින් පැවති කැරට් 22 රන් පවුමක මිල අද (28) උදෑසන විට ලක්ෂ 3 සීමාවෙන් පහළට පැමිණ ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව අද කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල වාර්තා වුනේ රු. 298,000ක් ලෙසයි. මේ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 322,000ක් ලෙසින් වාර්තා වී තිබුණි.

(0)Comments | October 28, 2025 10:41 am

ශ්‍රී ලංකා මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙක්

2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ විධිවිධාන ප්‍රකාර ව, පාලක මණ්ඩලයේ නිර්දේශය මත, ගරු මුදල් ඇමතිතුමා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ ආචාර්ය සී. අමරසේකර මහතා 2025 ඔක්තෝබර් මස 24 වන දා සිට ද සහකාර අධිපති ලෙස සේවය කළ කේ.ජී.පී. සිරිකුමාර මහතා 2025 නොවැම්බර් මස 03 වන දා…

(0)Comments | October 28, 2025 8:48 am

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණ ගිවිසුමට අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ඕස්ට්‍රේලියානු රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමකට එළඹීම අද (27) දින මුදල් අමාත්‍යාශයේ දී සිදුවිය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ගිවිසුම් වලට අත්සන් කිරීම මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සිදු කරන ලදී. ආචාර්ය සූරියප්පෙරුම…

(0)Comments | October 27, 2025 4:16 pm