Top News

BYD වෙතින් නිවේදනයක්

ඉහළම ආරක්ෂාව සහ නිෂ්පාදන ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා නිරන්තරව කැපවන BYD විසින් BYD Tang සහ Yuan Pro මාදිලිවලට අයත් වාහන 115,000 ක් පමණ නැවත කැඳවීමට තීරණය කර ඇත. වගකිවයුතු වාහන නිෂ්පාදකයෙකු ලෙස පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමටත් සමාගමේ වාහනවල විශ්වසනීයත්වය සහතික කිරීමටත් අවශ්‍ය ඕනෑම විටෙක පියවර ගන්නා බව BYD සඳහන් කර සිටී. ඒ අනුව 2015 මාර්තු 28…

(0)Comments | October 27, 2025 3:52 pm

සංචාරක පැමිණීම ලක්ෂ 18 1/2ට ආසන්න වෙයි

2025 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 119,670ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුම මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,845,164ක් ලෙසයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 23 තුළ 29.3%ක එනම් 35,090ක ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇති රට ලෙස ඉන්දියාව වාර්තා වී ඇත. මේ…

(0)Comments | October 27, 2025 12:14 pm

කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් යළි අරඹයි

වසර 04 කට ආසන්න කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ ප්‍රථම මංගල ගුවන් යානය අද (27) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ලගා විය. 2021 වසරේ දෙසැම්බර් 31වන දින කුවේට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් අත්හිටුවා තිබුණි . මෙම මංගල ගුවන් ගමන…

(0)Comments | October 27, 2025 11:37 am

දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි – අගමැති

දේශීය කර්මාන්ත ශක්තිමත් කරමින් ගෝලීය වෙළඳපොලට පිවිසීම සඳහා රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත්, දේශිය ව්‍යවසායකයින් සංවර්ධනය කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ඔක්තෝබර් 23 වන දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ පැවති “ 2025 CNCI කර්මාන්ත සහ සේවා ඇගයීම් සම්මාන උළෙලට” සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙම…

(0)Comments | October 27, 2025 9:16 am

දින 5කට පසු කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

අඛණ්‍ඩ දින 05ක ඉහළ යාමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක වල පහළ යාමක් අද (24) දක්නට ලැබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.43 කින් පහළ ගොස් ඒකක 22,812.52ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 2.56කින් පහළ ගොස් ඒකක 6,266.31ක් ලෙසින් සටහන් විය. අද සමාගම් 83ක පමණක් කොටස් මිල…

(0)Comments | October 24, 2025 4:40 pm

වාහන ආනයනයට සැලසුම් කළාට වඩා ඩොලර් වැයවෙලා

මෙම වසරේ දී වාහන ආනයනය සඳහා ඩොලර් බිලියන 1.5ක් පමණ වැය වනු ඇති බවත්, එය වසර ආරම්භයේ දී සැලසුම් කරන ලද ඩොලර් බිලියන 1.2 මට්ටමට වඩා ඉහළ අගයක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය. “මේ…

(0)Comments | October 24, 2025 3:52 pm

ශ්‍රී ලාංකීය ඇඟලුම් ක්ෂේත්‍රය දේශගුණික බලපෑමෙන් ඔබ්බට ගොස් ප්‍රජා සංවර්ධනය ප්‍රතිනිර්මාණය කරයි

ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් තිරසාර බවේ ගෝලීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට මුල් පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගම් වන බ්‍රැන්ඩික්ස්, ටීජේ ලංකා , හයිඩ්‍රාමනි, හේලීස් ෆැබ්රික් සහ MAS යන ආයතන තිරසාර බව පිලිබඳ සිය නවතම වාර්තා මගින් දේශගුණික  හා, කාලගුණික විපර්යාස ආචාරධරිමීය පිලිවෙත් සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා ලබා දුන් දායකත්වය පෙන්වා දී ඇත. දේශගුණික බලපෑම…

(0)Comments | October 24, 2025 2:34 pm

5% උද්ධමන ඉලක්කය හරිද වැරදිද? තීරණය 2026 මාර්තුවේදී

මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟත්වය මත 5%ක් උද්ධමන ඉලක්කයක් තුළ වැඩ කිරීමට රජය ගෙන ඇති තීරණය වැරදිද නිවැරදිද යන්න තීරණය කළ හැකි වන්නේ 2026 මාර්තු මාසයේ දී සිදුකෙරෙන සමාලෝචනයෙන් පසු බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේ දී…

(0)Comments | October 24, 2025 2:19 pm

SLIIT ශාස්ත්‍රඥයින් 06ක් 2%ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයින් අතරට

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය ගෝලීය පර්යේෂණයන්හී ගුණාත්මක බව නැවත නැවතත් තහවුරු කරමින්, 2% ක් වූ ලොව විශිෂ්ටතම විද්‍යාඥයින්ගේ ශ්‍රේණිගත කිරීම වන ‘2025 ස්ටැන්ෆර්ඩ්-එල්සිවියර්’ (2025 Stanford-Elsevier) හී, 2% ක් වූ ලොව විශිෂ්ටතම පර්යේෂකයින් අතරට තම ශාස්ත්‍රඥයින් හය දෙනෙකුම ඇතුළත් වීමට සමත්ව ඇත. මෙම සුවිශේෂී කඩඉම, හුදෙක් පුද්ගල විශිෂ්ටත්වය පිළිබඳ සැමරුමක් පමණක් නොව, උසස්…

(0)Comments | October 24, 2025 1:51 pm

ගිනස් පොතට යන්න බලාගෙන ‘තේ‘ විකුණනවා නම් අනුගමනය කළ යුතු ක්‍රමවේදය මෙන්න

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් පසුගිය දා ජපානයේ පැවැති තේ වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ ලොව මෙතෙක් අලෙවි වූ වඩාත් මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වීමට සමත් විය. එහි දී “නිව් විතානකන්ද තේ කර්මාන්තශාලාව” ඉදිරිපත් කළ තේ තොගය අලෙවි වී තිබුණේ ඇමරිකානු ඩොලර් 8,343.50කට හෙවත් රුපියල් ලක්ෂ 25…

(0)Comments | October 24, 2025 12:15 pm