ශ්‍රී ලංකා වරාය 2024 වසර දක්වා දශක ගණනාවක ඒකාබද්ධ අරමුදලට ලබා දී ඇති මුදල රුපියල් බිලියන 10.3ක් පමණි. නව රජය බලයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2025.10.31 වන දිනට රුපියල් බිලියන 39 ක බදු පසු ශුද්ධ ලාභයක් ලැබු අතර එය පෙර වසරට සාපේක්ෂව බදු පසු ශුද්ධ ලාභයේ රුපියල් බිලියන 12 ක පමණ වර්ධනයකි. එබැවින්…
ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 7.75 මට්ටමේ නොවෙනස්ව පවතිනු ඇත. දේශීය හා ගෝලීය ප්‍රවණතා ඉතා දැඩිව සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට…
ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී පියවරක් ලෙස, ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වරට නොවැම්බර් 20 වන දින ජනාධිපති නීතිඥ දිවුරුම් දීමේ උත්සවයේදී ඩිජිටල් අත්සන ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හඳුන්වා දෙන ලදී. සාම්ප්‍රදායිකව, මෙම ක්‍රියාවලිය භෞතිකව සිදු කරන ලබන්නක් වන අතර අධිකරණ පද්ධතිය අත්කරගත් මෙම ජයග්‍රහණය ඓතිහාසික සන්ධිස්ථානයකි. මෙම සාධනීය අත්කරගැනීම අධිකරණ මෙහෙයුම් නවීකරණය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ දැඩි…
ඊයේ (24) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වර්ධනයක් අද (25) දිනයේ දී දැකගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 175.03ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,819.91ක් ලෙසින් සටහන්ව තිබුණි. පසුගිය නොවැම්බර් 12…
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෙන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා ගිවිසුම් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ශ්‍රී ලංකා රජය සහ ඉතාලි ජනරජය අතර රියදුරු බලපත්‍ර අන්‍යෙන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා 2011 වසරේදී අත්සන් කළ ගිවිසුම 2021 වසරේදී වලංගු කාලය අවසන් වූ බැවින් එම ගිවිසුම යාවත්කාලීන කරමින් තාක්ෂණ සංශෝධන ද ඇතුළත් කරමින් බලාත්මක කිරීමට දෙපාර්ශ්වය…
ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන භෞමික ප්‍රතිසම රූපවාහිනී තාක්ෂණික ක්‍රමවේදය (Analog Terrestrial System) යටතේ නාලිකා පවත්වාගෙන යාම සඳහා මේ වන විට ආයතන 16ක් වෙත නිකුත් කර ඇති බලපත්‍ර උපයෝගි කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය නාලිකා 5ක් ද ඇතුළුව රූපවාහිනී නාලිකා 24ක් රට තුළ දැනට පවත්වාගෙන යනු ලබයි. මේ වන විට රූපවාහිනී නාලිකා සංඛ්‍යාත වර්ණාවලියේ උපරිම ධාරිතාව…
ජලභීතිකා රෝගය වැළඳීම වැළැක්වීම සඳහා භාවිතා කරනු ලබන රේබීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලිලීටර 0.5/මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා 3,000,000ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවා තිබේ. ඒ සඳහා ලංසු හතරක් ලැබී ඇත. ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව, එම ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ Citihealth Imports (Pvt) Ltd. (Manufacturer: Serum Institute…
මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පථය යටතට ගැනෙන මහනුවර විලියම් ගොපල්ලව මාවතේ කිලෝමීටර 2+900 සිට කිලෝමීටර 3+736 දක්වා වන කොටස දෛනික මගී ප්‍රවේශයට පහසුකම් සලසන අතිශයින් වැදගත් මාර්ග කොරිඩෝවක් වන අතර, එය වැඩිදියුණු කිරීම නාගරික ගමනාගමනය දියුණු කිරීමට, රථවාහන තදබදය අවම කිරීමට සහ එම ප්‍රදේශයේ වර්ධනය වන ප්‍රවාහන අවශ්‍යතාවලට උපකාරි වීම සඳහා අත්‍යවශ්‍ය වේ. ඒ අනුව,…
2025 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය 6.0% ක සැලකිය යුතු වර්ධනයක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරයි. මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා ඇස්තමේන්තුගත සංඛ්‍යාලේඛන සමඟ ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14,433.82 කි. එය 2024 වසරේ එම කාලයට වඩා…
2025 වසරේ නොවැම්බර් 23 දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2024 වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව වූ සංචාරකයින් 2,053,465 සීමාව ඉක්මවීමට සමත්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,054,980ක් ලෙස වාර්තා වන බවයි….
Video Story