Top News

සංචාරක පැමිණීම ලක්ෂ 19 ඉක්මවයි. දින 5ක දී 32,815ක සංචාරකයින් පිරිසක් දිවයිනට

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව දහනම ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 2025 නොවැම්බර් 05 දක්වා මෙරටට පැමිණ තිබෙන සංචාරකයින් පිළිබඳ නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ 2025 නොවැම්බර් මාසයේ පළමු දින 05 තුළ දී සංචාරකයින් 32,815ක් මෙරටට පැමිණ ඇති බවයි….

(0)Comments | November 7, 2025 9:38 am

2026 අයවැය අද පාර්ලිමේන්තුවට

අයවැය විවාදය ‍නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා දින 23 ක් පැවැත්වෙයි දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට 14 දක්වා – දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 ප.ව 6.00ට කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා – තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 ප.ව 6.00ට 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ…

(0)Comments | November 7, 2025 9:15 am

කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාව අභිබවා දිනය අවසන් කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (06) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 23,000 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි. එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 158.99කින් ඉහළ ගොස් ඒකක 23,112.48ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 60.98කින්…

(0)Comments | November 6, 2025 5:40 pm

ග්ලෝබල් ෆයිනෑන්ස් 2025 වසරේ හොඳම බැංකුව සම්මානය කොමර්ෂල් බැංකුවට

වොෂින්ටන් නුවර පැවති  IMF හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමී ව සංවිධානය කරන ලද ග්ලෝබල් ෆයිනෑන්ස් වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස 23 වන වසරටත් නිල වශයෙන් සම්මානය පිළිගන්නා ලදී. සම්මානය පිළිගැනීමට සහභාගී වූ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුසීන් මහතා සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සමඟ ඉන්ටෙලෙක්ට් හි සභාපති අරුන්…

(0)Comments | November 6, 2025 3:31 pm

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ 38 වන සංවත්සරය කොළඹ කොටස් හුවමාරුවේ සීනුව නාද කරමින් සමරයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) සිය 38 වන සංවත්සරය 2025 ඔක්තෝබර් 30 වන දින කොළඹ කොටස් හුවමාරුවේ (CSE) වෙළෙඳ භූමියේදී දෛනික ගණුදෙනු ආරම්භ කරමින් සීනුව නාද කිරීමේ උත්සවයකින් සමරනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සහ කොළඹ කොටස් හුවමාරුවෙහි  ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙන්ම ආයතන දෙකෙහිම කාර්ය මණ්ඩල නියෝජිතයින්ද සහභාගී…

(0)Comments | November 6, 2025 1:53 pm

තෙල් සංස්ථාවේ ලාභය 17.9%කින් පහළට

2025 වසරේ පළමු මාස 06 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදුකළ ඛනිජ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදනයන් හි ආනයනික පිරිවැය 2024 වසරේ සමාන කාලපරිච්ඡේදයේ වූ ඇමරිකන් ඩොලර් මිලියන 1,235ට සාපේක්ෂව ඇ.ඩො. මිලියන 1,040ක් දක්වා අඩුවිය. මෙම පහත වැටීමට මූලික වශයෙන් හේතු වූයේ ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටීම සහ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව…

(0)Comments | November 6, 2025 12:05 pm

2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද එම අවස්ථාවට එක් විය. වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(0)Comments | November 6, 2025 11:01 am

“මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” වෛද්‍ය සමන් වීරසිංහට

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” 2025 නොවැම්බර් 04 දින පිරිනමනු ලැබීය. එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව…

(0)Comments | November 6, 2025 10:11 am

2026 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) හෙට (07) සිදු කිරීමට නියමිතව ඇත. අනතුරුව නොවැම්බර් 8 සිට දෙසැම්බර් 5 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇත. ඒ අනුව නොවැම්බර් 14 ප.ව 6.00ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. ඉන්පසු නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත්…

(0)Comments | November 6, 2025 9:47 am

දුම්රියේ තනතුරු රැසකට කාන්තාවන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීම වසර 165ක පමණ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරුවලට පැවරී ඇති කාර්යයන්ගේ සාමූහික ප්‍රයත්නයක් ලෙස ක්‍රියාත්මක වන සේවාවකි. එම දෙපාර්තමේන්තුව යටතේ වන දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක,…

(0)Comments | November 4, 2025 5:03 pm